• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජාත්‍යන්තර සිංහ සමාජය ලබාදෙන සහාය ජනපතිගේ ඇගයීමට! (PHOTOS)

December 9, 2022
in Exclusive
Reading Time: 6 mins read
A A
ජාත්‍යන්තර සිංහ සමාජය ලබාදෙන සහාය ජනපතිගේ ඇගයීමට! (PHOTOS)
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ගේ කුසලතා නඟා සිටුවීමට ජාත්‍යන්තර සිංහ සමාජය ලබාදෙන සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇඟයීමට ලක් කළේය.

2048 වසර වන විට ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත්කිරීමේ ජනාධිපතිවරයාගේ දැක්ම සාක්ෂාත් කර ගනිමින් තරුණ තරුණියන්ට තම නිර්මාණශීලී නිපුණතා උපයෝගී කරගෙන අනාගතයට නව ආර්ථිකයක් නිර්මාණය කිරීමට සිය දායකත්වය ලබාදීම සඳහා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් බියගම ප්‍රදේශයේ පිහිටුවීමට සිංහ සමාජයේ සහාය හිමිවීම පිළිබඳව ජනාධිපතිවරයා සිය සතුට පළ කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර සිංහ සමාජයේ ජාත්‍යන්තර සභාපති බ්‍රයන් එඩ්වඩ් ෂීහාන් (Brian Edward Sheehan) මහතා අතර අද (09) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී මේ බව සඳහන් කෙරිණි.

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම සහ තරුණයින් අතර සිදුවන හානිකර මත්පැන් භාවිතය අවම කිරීම සඳහා සිංහ සමාජය තරුණ තරුණියන්ගේ සහභාගීත්වයෙන් සංවිධානය කර ඇති මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන සහ සිංහ ගවේෂණ (Lions Quest) වැඩසටහන පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී සිය කෘතඥතාව පළ කළේය.

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා වන ජාතික ආහාර සුරක්ෂිතතා වැඩසටහනට සහ රටේ සංවර්ධන වැඩපිළිවෙළට දායකවන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී සිංහ සමාජයේ හිටපු ජාත්‍යන්තර සභාපති මහේන්ද්‍ර අමරසූරිය මහතාට ආරාධනා කළේය.

ජාත්‍යන්තර සිංහ සමාජයේ ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරකම් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දක්වන සහාය අගය කළ ෂීහාන් මහතා, ලියෝ සමාජයට සාමාජිකයින් 6,500ක් බඳවා ගැනීමට දෙසැම්බර් 11 වැනි දින පැවැත්වෙන සංසදයට ජනාධිපතිවරයා දක්වන දායකත්වය පිළිබඳව ස්තුතිය පළ කළේය.

“ලියෝ (Leos)” යනු යමක් ක්‍රියාවට නැංවීමේ තම බලය අවබෝධ කරගත් තරුණ තරුණියන් බව සඳහන් කළ ෂීහාන් මහතා මෙම සංසදය තරුණ තරුණියන්ගේ කුසලතා ඔප් නංවා ගැනීම සඳහා සුදුසු අවස්ථාවක් වනු ඇති බවත් පැවසීය.

වසර 33ක් පුරා ජාත්‍යන්තර සිංහ සමාජයේ සාමාජිකත්වය දරණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සිංහ සමාජයේ ජාත්‍යන්තර සභාපතිවරයා විසින් මෙහිදී සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

සිංහ ලොරි මාරි ෂීහාන් (Lori Marie Sheehan), සිංහ මහේෂ් පැස්කුවල්, සිංහ සුනිල් වටවල, සිංහ අනුර වික්‍රමනායක, සිංහ ලසන්ත ගුණවර්ධන යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

SendShareShare
Previous Post

තුක් නොදකින් හරීන්! ඊයෙ ආණ්ඩුව පැත්තේ ඉදලා විපක්ෂෙට ගහපු හරීන්ට මුල මැද අග ඔක්කොම මතක් කරලා තුක් නොදකින්ම කියලා මරික්කාර් පහර දෙයි! (VIDEO)

Next Post

මිනිස්සු කන්න නැතිව දුක් විදිද්දී රජ පවුල තරු පහේ හෝටල්වල පාටි දාන හැටි සජිත් බටහිර කොළඹට ඇවිත් කියයි! (VIDEO & PHOTOS)

MORE NEWS

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

Load More
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක් බවත්, එය ගෙවීමට ජනතාවට සිදුවනු ඇති බවත් මුදල් කමිටු ලේකම් හර්ෂ ද...

Read more
තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.