එක්සත් ජාතික පක්ෂයේ මීළග නායකත්වය තීන්දු කරන තීරණාත්මක මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ලබන බ්‍රහස්පතින්දා (16) පැවැත්වීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කොට ඇත.
අවසන් වරට පැවැති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඉතා උණුසුම්කාරී එකක් වූ අතර එහිදී මන්ත්‍රීවරුන් අතර පරුෂ වචන සහ ගුටිකෙළි හුවමාරු වීමට ගිය බවක් අප මීට පෙර වාර්තා කර තිබිණ.
ඒ අනුව පැය හතරහමාරක් පුරා පැවැති රැස්වීම අවසන් කොට ඇත්තේ ලබන බ්‍රහස්පතින්දා නැවත මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් පැවැත්වීමේ එකගතාව මතය.
එදින මන්ත්‍රීවරුන් අතර ජන්ද විමසීමක් පැවැත්වීමටත්, ඒ අනුව පක්ෂයේ මීළග නායකයා වශයෙන් රනිල් වික්‍රමසිංහ, කරු ජයසූරිය, සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගෙන් අයකු පත් කර ගැනීමටත් නියමිතය.










