විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා පැය හත අටක් විදුලි කපන බවට බිය පතුරුවා ගාස්තු ඉහළ දැමීමට සූදානම් වන බවත්, එවැනි දෙයකට මහජන උපයොගිතා කොමිසම කිසි දිනක ඉඩ නොදෙන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කීය.
විදුලිබල මණ්ඩලය පාඩු ලබන නිසා මෙම වසරේ කිසිඳු පාර්ශවයකට පාරිතෝෂිත ගෙවිය නොහැකි බව ලිපියකින් දැනුම් දී ඇති බවත් පාඩු ලබන ආයතනවල සේවකයන්ට බෝනස් ගෙවිය නොහැකි බවත් ඒ මහතා පැවසීය.
මහජන උපයෝගිතා කොමිසම යහතින් සිටින තාක්කල් කිසිඳු තුන්වැනි පාර්ශවයකට විදුලි බිල ඉහළ දැමීමට ඉඩ නොදෙන බව කී සභාපතිවරයා විදුලි ගාස්තු ඉහළ දමන ලෙස 2017 වසරේ තමන් ඉල්ලීමක් කරන තෙක් කිසිවෙක් එවැනි ඉල්ලීමක් නොකළ මෙන්ම එසේ ඉල්ලීමක් කර බව කියන ප්‍රකාශ අසත්‍ය බව ද සඳහන් කළේය.










