• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මිනිස්සු රැකගෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ එන හැටි මෙන්න…

December 6, 2022
in Exclusive, News
Reading Time: 6 mins read
A A
මිනිස්සු රැකගෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ එන හැටි මෙන්න…
Share on WhatsAppShare on Facebook

ලෝක ආහාර සංවිධානයේ අලුත්ම වාර්තාවෙන් ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 37%ක්, එනම් මෙරට වැසියන්ගෙන් තුනෙන් එකක් ආහාර අනාරක්‍ෂිතභාවයට පත්ව සිටින බවද, ශ්‍රී ලංකාව නුදුරු අනාගතයේදී සාගින්දරට ගොදුරුවන රටවල් 45න් එකක් බවද හෙළිකර තිබේ. රටේ ග්‍රාමීය ප්‍රදේශවල විශේෂයෙන්ම මධ්‍යම හා ඌව පළාත්වල මේ තත්ත්වය වඩාත් උග්‍ර වන බවත් එම වාර්තාව කියයි.

දැනට වර්ෂ තුනකට පෙර මෙරට ආහාර අනාරක්‍ෂිතභාවය බලපෑවේ සමස්ත ජනගහනයෙන් 9%කට පමණි. මේ වන විට එම ප්‍රතිශතය 37% දක්වා වර්ධනය වී තිබේ. මෙහි තේරුම සෑම පවුල් තුනකින් එකකටම නිසි ආහාර වේලක් නොලැබෙන බවය.

කිසිවකු සාගින්නට ගොදුරුවීමට ඉඩ නොතැබිය යුතු බවට නිල නිවේදනයක් ජනාධිපති කාර්යාලයෙන් නිකුත් කර තිබේ. ඒ නිවේදනය යහපත් එකකි. එහෙත් එය ක්‍රියාත්මක කරන ක්‍රමවේදය කුමක් ද?

මේ ආහාර අහේනියට විවිධ හේතූන් බලපාන බව අමුතුවෙන් කිව යුතු නැත්තේය. මහජන සුබසාධන කටයුතු සඳහා රජය වඩ වඩාත් මැදිහත් විය යුතුය.

එහෙත් තවදුරටත් රජයට සමාජ සුබසාධන ප්‍රතිපත්තියක් අනුගමනය කළ නොහැකි බව පවසන අයද සිටිත්. මන්මෝහන් සිංගේ ආණ්ඩුව 2013 දී ජාතික ආහාර සංරක්‍ෂණ පනත සම්මත කර ගත්තේය. ඒ පනතේ අරමුණ ජනතාවට දරන්නට හැකි මිලකට අවශ්‍ය ආහාර ප්‍රමාණය ලබාදීමය.

ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ “ජනසවිය” ව්‍යාපෘතිය දුප්පත් ජනතාවට පිහිටවීමට ගත් එක් පියවරකි. එහෙත් ඒ වැදගත් වැඩපිළිවෙළද දේශපාලන ඇඟිලිගැසීමෙන් ක්‍රමයෙන් දූෂණයට පත් වූ බව ප්‍රකට කරුණකි. එම වැඩසටහන “සමෘද්ධි” නමින් දැනටත් ක්‍රියාත්මක වේ. එතකුදු වුවත් දුක්පත්කම පිටුදැකීමට එමගින් කෙරෙන මෙහෙය නම් ප්‍රමාණවත් නොවේ.

අද වැනි ආර්ථික අර්බුදයකට 1970 පමණේදීත් රට මුහුණපා තිබුණේය. විදේශීය ණය ප්‍රමාණය දරාගත නුහුණි. ජීවන වියදමද ඉහළ මට්ටමේය. අයවැය වාර්තා ගණනාවක්ම වැය බර අධික වූ ඒවාය. ඒ සමයේ මුදල් ඇමැතිවරයා ඇන්.ඇම්. පෙරේරාය. (ඇන්.ඇම්) හෙතෙම දේශපාලනඥයකු පමණක් නොව පුරෝගාමී වාමාංශික චින්තකයෙකි. එසේම ආර්ථික විද්‍යාව පිළිබඳ විශාරදයෙකි. ඒ වන විට පැවැති සාගතයක් නිසා ලෝකයම ආහාර අහේනියකට මුහුණ දී සිටියේය. ඉතියෝපියාව වැනි අප්‍රිකානු රටවල මිනිස්සු දසදහස් ගණනින් මියගියහ.

එවක රට මුහුණ දුන් ආර්ථික බර මුදල් ඇමැති ඇන්.ඇම්. පැටෙව්වේ සාමාන්‍ය ජනතාව මත නොව ධනපති පන්තිය මතය. ආර්ථිකය ගොඩනැගීමේදී වක්‍ර බදු වෙනුවට ඍජු බදු පැනවීම ඔහුගේ ප්‍රතිපත්තිය විය. ඒ නිසා හෙතෙම ආදායම් බද්ද 75% දක්වා නැංවූවේය.

“වැට්” වැනි වක්‍ර බදු මගින් ජනතාවට තව තවත් පීඩාදීම අසාධාරණ බව ඔහු අවධාරණය කෙළේය. සමාගම්වලින් අය කෙරෙන බද්දද, ඉහළ ආදායම් ලබන ඒවා කෙරෙහි ඉලක්ක කෙළේය. රුපියල බාල්දු කරන ලෙසට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කෙරුණු බලපෑමට හෙතෙම යටත් නොවූවේය. විදේශ ණය වශයෙන් ලබාගන්නා මුදල් සංවර්ධනයට මිස වෙනත් කිසිදු කාර්යයක් සඳහා යෙදවුවහොත් රට අත්මිදිය නොහැකි “ණය උකසකට” යටත් කිරීමක් බව ඔහුගේ මතය විය.

වසරක් පාසා වැඩිවෙන අයවැය හිඟයෙන් ඇතිවන උද්ධමනය මහජනයා පිට නොපටවා අවම කිරීමට එමගින් ඔහුට හැකි විය. ඒ වන විට “ඍණ” අගයක පැවැති ඩොලර් සංචිතය 1974 වන විට ඩොලර් බිලියන 3.5 දක්වා ඉහළ අගයකට වර්ධනයකර “පරතරයකින් තොර” අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීමට එමගින් ඔහුට හැකි වූවේය.

“අතිරික්ත අයවැයක්” හෙවත් වියදමට වඩා ආදායම වැඩි අයවැයක් 1975 දී ඉදිරිපත් කිරීමට මුදල් ඇමැති ආචාර්ය ඇන්.ඇම්. පෙරේරාට හැකි වූයේ ඒ නිසාය.

ඒ වන විට රටේ ඖෂධ හිඟයක්ද පැවැත්තේය. ජනතාව අනේකවිධ පීඩා වින්දෝය. මහාචාර්ය සේනක බිබිලේ ඇන්.ඇම්.ගේ දේශපාලන සහෘදයෙකි. දෙදෙනා සාකච්ඡාකර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පිහිටුවූහ.

විවෘත මිල ගණන් කැඳවමින් විදේශීය වෙළෙඳ ව්‍යාපාරිකයින්ගෙන් ද ඖෂධ මිලට ගැනීම ආරම්භ වූයේ එපරිද්දෙනි.

එතෙක් අධික මිලගණන්වලට මිලටගත යුතුව තිබුණු ඖෂධ එමගින් මහජනයාට දැරිය හැකි මිලකට ගැනීමේ පහසුව සැලසුණේය. එතෙක් එකක් ශත 92කට ස්විට්සර්ලන්තයේ “රොචේ” නමැති සමාගමෙන් (Roche Company) මිලට ගැනුණු වැලියම් (Valium) නමැති පෙත්තක් ඉන්දියාවේ “රැන්බැක්ෂි” නමැති සමාගමෙන් (Ranbaxy) ශත 2ක මිලට ගත හැකි විය. මේ එමගින් මහජනයාට ලැබුණු සහනයකට එක් උදාහරණයක් පමණි.

වර්තමානයේ වැටී ඇති ආර්ථික අගාධයෙන් රට ගොඩගැනීමේ හැකියාව ඇති බව පෙන්වීමට මේ කෙටි විස්තරය ඉදිරිපත් කෙළෙමු. මේ ටික කළ යුත්තේ සාමාන්‍ය ජනතාව මත තව තවත් බර පැටවීමෙන් නොවේ.

පසුගිය ආණ්ඩු යටතේ පැවැති දූෂිත ආර්ථික කළමනාකරණය නිසා අසීමිත ධනස්කන්ධයක් යටිමඩි ගසාගෙන සිටින (සීනි, සුදුලූනු, පොල්තෙල්) චෞරයන්ගෙන්ද, මහා පරිමාණයෙන් ලාභ උපයන ධනවත් ව්‍යාපාරිකයන්ගෙන්ද බදු අයකරගැනීමෙනි.

විවෘත ආර්ථික ප්‍රතිපත්තියේ ආශීර්වාදයෙන් 1977 සිට අලුතෙන් ධනකුවේරයන් වූ විශාල පිරිසක් රටේ සිටියි. ඉන් බොහෝ දෙනෙක් කූට අන්දමට බදු ගෙවීම් පැහැරහරිමින් සිටින්නෝය. එසේ නැතහොත් සැබෑ ආදායම් වසංකර අඩුවෙන් බදු ගෙවන්නෝය. එසේ බදු නොගෙවන ඇතැම් හාල්මෝල්කාරයන් ගැන පසුගිය සමයේ වහුංද එළියට ආවේය. මෙවන් තක්කඩියන් කොටුකර ගැනීමට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව ශක්තිමත් කළ යුතු වන්නේය.

තේ, පොල්, රබර් මත පමණක් රැඳී ඇති අපනයනය විවිධාංගිකරණයට පියවර ගැනීම අතිශයින් වැදගත්ය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් යුතු වූ 1970 සමගි ආණ්ඩුව අවධියේදී එය මැනැවින් ඉටුකෙරිණි.

කෘෂි බෝග වගාකිරීම සඳහා අවධානය යොමුකිරීම තවත් අංශයකි. 1970-1977 සමයේ “වැල්fදාඩම්” ව්‍යාපෘතිය උදාහරණයකි. දැන් දැන් මේ සඳහා ජනතාව ද, විවිධ ආයතන ද, උනන්දු වන බවට වාර්තා ලැබේ.

අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටින සාමාන්‍ය මහජනයා කබලෙන් ලිපට ඇද දමන්නා සේ වක්‍ර බදු පැනවීම අතහැර අඩු ආදායම් ලබන්නන් ආර්ථික අර්බුදයෙන් ගොඩගත යුතුය.
එය කළ නොහැකක් නොවන බව ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා 1970-1975 අතර සමයේ සනාථ කෙළේය.

සිරිනිමල් ලක්දුසිංහ (ජාතික කෞතුකාගාරයේ හිටපු අධ්‍යක්‍ෂ, කැලණිය පශ්චාත් උපාධි ආයතනයේ හිටපු අධ්‍යක්‍ෂ)

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

අතිශය කාලීන කාටූන් චිත්‍රයක්!

Next Post

රනිල් ඩීන් ඩියම් ගැන කීවේ ඇමෙරිකාවට අනතුරු අඟවන්නද?

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.