• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

කුරුලු කැරැලි අලි පෙරැළි මැද රළ නැඟෙනා ඉසව්ව

January 13, 2020
in Holiday
Reading Time: 3 mins read
A A
කුරුලු කැරැලි අලි පෙරැළි මැද රළ නැඟෙනා ඉසව්ව
Share on WhatsAppShare on Facebook

සෆාරි, එහෙමත් නැත්නම් වනාන්තරයේ සිදුකරන චාරිකා කියලා කියන්නේ ලොකු කුඩා දේශීය මෙන්ම විදේශීය සංචාරකයින් පවා අමන්දානන්දයට පත් කරන වචනයක්. ශ්‍රී ලංකාව කියන්නේ ස්වභාව සෞන්දර්යයෙන් වගේම වනජීවී සම්පත් ගැන සැලකුවහමත් අතිශයින්ම පොහොසත් රටක්. ඒ ස්වභාව සෞන්දර්ය දකින්න විඳින්න වගේම නිවාඩු පාඩුවේ ගතකරන්නත් හුඟක් සංචාරකයෝ ලංකාවේ තියෙන වනජීවී කලාපවල සෆාරිවලට එනවා.

මේ වෙනකොට ලංකාවේ ජාතික වනෝද්‍යාන විසි දෙකක් ප්‍රකාශිත වනෝද්‍යාන ලෙස ගැසට් කරලා තියෙනවා. නමුත් බොහොමයක් සංචාරකයන්ගේ අවධානය ලැබිලා, ජනප්‍රිය වෙලා තියෙන්නේ යාල, විල්පත්තුව, වස්ගමුව, උඩවලවේ, හෝටන්තැන්න වගේ සීමිත වනෝද්‍යාන කීපයක් විතරයි. ඒ නිසාම වසරේ වැඩි කාලයක් මේ උඩ කියපු වනෝද්‍යානවල ලොකු සංචාරක තදබදයක් දකින්න ලැබෙනවා. ඒ වුණත් අපේ රටේ තියෙන අනෙකුත් ජාතික වනෝද්‍යානවල තියෙන ස්වභාව සෞන්දර්යයත් ජෛව විවිධත්වයත් එකකට අනෙකට දෙවැනි නැහැ. ඒ බව අවබෝධ කරගන්න නම් ඔබ එම ස්ථානවල සංචාරය කරලා බලාගන්න එක තමයි කළ යුත්තේ.
බූන්දල ජාතික වනෝද්‍යානය කියන්නේ අන්න ඒ වගේ වැඩි අවධානයට ලක් වුණේ නැති, ජාතික වනෝද්‍යානවලින් තවත් ඉතා සුන්දර වනෝද්‍යානයක්. දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ, හම්බන්තොට වරාය භූමියෙන්, කිරිඳි ඔයෙන්, ඉන්දියන් සාගරයෙන් සහ හම්බන්තොට කතරගම මහා මාර්ගයෙන් වටවෙලා තිබෙන හෙක්ටයාර් 6200ක විතර භූමියක පැතිරිලා තියෙන බූන්දල ජාතික වනෝද්‍යානය, ස්වභාව සෞන්දර්යය අතිනුත් වනජීවී සම්පත් අතරිනුත් වෙනත් කිසිම ජාතික වනෝද්‍යානයකට දෙවැනි නැහැ.

දකුණු පළාතේ සංචාරයක් යොදාගෙන තිබුණු අපේ මිතුරු පිරිසේ එක් ගමනාන්තයක් ලෙස බූන්දල තෝරාගත්තෙත් ඉහත කාරණා නිසාමයි. හම්බන්තොට මිරිජ්ජවිල තෙත් කලාපීය උද්‍යානය පසුකරලා කතරගම මාර්ගයේ කිලෝමීටර හතක් විතර ගියාම හමුවෙන හන්දියෙන් දකුණට වැටිලා තියෙන අතුරු මාර්ගයෙන් බූන්දල උද්‍යානයට පිවිසෙන්න පුළුවන්. ලංකාවේ බොහෝමයක් ජාතික උද්‍යාන වගේම මෙහිත් භූමියෙ තියෙන වැලි සහ මඩ සහිත මාර්ග නිසා සාමාන්‍ය වාහනයකින් මේ ඇතුළෙ ගමන් කිරීම නම් ඉතාම අසීරු වගේම අනතුරුදායක කටයුත්තක්. නුවණට හුරුම වැඬේ තමයි අර කලින් කියපු හන්දියෙන් ජීප් එකක් කතා කරගන්න එක. ඒ නිසා පොඩි විමසීමකින් පස්සේ අපේ ගමනට සුදුසු ජීප් රථයක් සොයාගන්න අපිට පුළුවන් වුණා. ඒ සඳහා ගාස්තුවත් අනෙකුත් ජාතික උද්‍යානවල හමුවෙන ජීප් රථ සඳහා අය කරන ගාස්තුව අතර ලොකු වෙනසක් නැහැ. පාලක කාර්යාලයෙන් නියමිත ප්‍රවේශ පත්‍ර ලබාගත් අපි, මිත්‍රශීලි රියැදුරු මහතකු විසින් පැදවූ ජීප් රියේ නැඟී චාරිකාව ආරම්භ කළේ ලොකු උද්‍යොගයකින්.

ලෝකයේ ජෛව විවිධත්ව ව්‍යාප්තිය ගැන කරපු පර්යේෂණවලින් හඳුනගත්ත විදියට ඉතා සරු ජෛව විවිධත්වයක් තියෙන රටවල් අතරට අපේ පුංචි ලංකාවත් ඇතුළත්. බූන්දල වගේ ජාතික සම්පත් ඒකට මනා පිටිවහලක්. ඒ නිසාම 1969 දෙසැම්බර් මස 12 වන දින ගැසට් අංක 14887 යටතේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අභය භූමියක් ලෙස බූන්දල ජාතික උද්‍යානය ප්‍රකාශයට පත් කරල තියෙනවා. ඊට පස්සේ ආපහු 1992 දෙසැම්බර් මාසේ 31 වැනිදා තමයි ජාතික වනෝද්‍යානයක් විදියට බූන්දල නම් කරල තියෙන්නෙ.

මේ ලස්සන උද්‍යානය ඇතුළේ කලපු පරිසර පද්ධතියක්, විශාල වැලි කඳු සහිත ප්‍රදේශ, තැනිතලා වගේම සුන්දර වනාන්තර පද්ධතියකුත් විදියට ප්‍රධාන පරිසර කලාප තුනකට අයත් භූමි ප්‍රදේශ දකින්න පුළුවන්. ඒ වගේම එක පැත්තකින් ඉන්දියන් සාගරයටත් සීමාවෙලා තියෙන නිසා වෙරළබඩ පරිසරය වගේම කඩොලාන පරිසරයත් මෙහිදී දැකගන්න පුළුවන්. මහලේවාය කලපුව, කොහොලන්කල කලපුව, මලල කලපුව, ඇඹිලිකල කලපුව සහ බූන්දල ලේවාය කලපුව විදියට ප්‍රධාන කලපු පහත් බූන්දලට අයිතියි.

වනෝද්‍යාන සංචාර ලෝලීන් වගේම වනජීවීන් ගැන අධ්‍යයනය කරන්නන්, වන සත්ත්ව ලෝලීන්, දෙස් විදෙස් සත්ව ඡායාරූප ශිල්පීන් වැඩි දෙනා බූන්දලට එන්නේ බූන්දල කුරුලු පාරාදීසයක් විදියට ප්‍රසිද්ධ නිසා. දැනට ශ්‍රී ලංකාවේ ඉන්න හැම නේවාසික ජලජ පක්ෂීන් ඔක්කොම වගේ බූන්දලදි දකින්න පුළුවන්. ඊට අමතරව සංචාරක කුරුල්ලො විශේෂ 50ක් පමණත් මෙහිදී දැකගන්න පුළුවන්. වාර්තාවල දැක්වෙන විදියට නම් ජාත්‍යන්තර වශයෙන්ද වඳවී යෑමේ තර්ජනයට ලක් වෙලා ඉන්න පැස්තුඩුවා, දම් සිලුටු දෑ තුඩුවා වගේ කුරුල්ලොත් බූන්දලදි දකින්න පුළුවන්. ඒ වගේම ලංකාවේ විශාලම පක්ෂියා වෙන බහුරු මානාවා සහ තවත් ඉතා දුර්ලභ පක්ෂියෙක් වෙන අලිමානාවා වගේ කුරුල්ලො විශේෂ බුන්දල ඉන්නවා. පිටරටවල ඉඳලා අපේ රටට එන විවිධාකාර සංචාරක කුරුල්ලන්ගෙ පෝෂක බිමක්, ලැගුම් බිමක්, ආරක්ෂක බිමක් වගේම අභිජනන බිමක් විදියටත් බූන්දල හුඟක් වැදගත්. ඒ නිසාම වර්ෂ 1990 දී පළමු වරට අන්තර් ජාතික වශයෙන් වැදගත් රැම්සා තෙත් බිමක් විදියට ලැයිස්තුගත වෙච්ච, ශ්‍රී ලංකාවේ පළමුවැනි තෙත් බිම විදියට ඉතිහාසගත වෙලා තියෙන්නේත් මේ බූන්දල ජාතික උද්‍යානයම තමයි.

මේ විස්තර කියවනකොට ඔබට හිතෙන්න පුළුවන් බූන්දල ඉන්නේ කුරුල්ලො විතරමද කියල. ඒත් එහෙම නැහැ. ලංකාවේ ජාතික වනෝද්‍යානයකදි දකින්නට ලැබෙන ගොඩබිම වසන විශාලම ක්ෂීරපායී සත්වයා විදියට සැලකෙන අලින් 10-20ක පමණ නේවාසික අලි රංචුවක් බූන්දල ඉන්නවා. මේ අලි රංචුවෙ අලි දෙදෙනෙක් වගුරු කලාපයේදීත් අපේ නෙත ගැටුණා. අපේ චාරිකාවට එකතුවෙලා හිටපු සාමාජිකයන්ගේ අලි බැලිීමේ ආසාව නිසාම අපේ රියැදුරු මහත්තයා තරමක අවදානමක් අරගෙන වෙරළබඩ වැලිකඳු දිගේ ජීප් රථය දක්ෂ ලෙස පදවාගෙන ගොස් ඉතා මනස්කාන්ත අලි රංචුවක් දැක බලාගැනීමට ඉඩ සැලැස්වීම ඉතා අපූරු අත්දැකීමක් වුණා. ඊට අමතරව මේ වෙනකොට කොටි වලස්සු වගේ මාංසභක්ෂක සත්තු නැති වුණත් දිවියන්, ගෝනුන්, මුවන්, හාවුන්, නරියන්, වඳුරු විශේෂ, කිඹුලන් වගේම කැස්බෑවන් වැනි සත්ව ගහනයකින් බූන්දල පොහාසත්.

ඉතින් මේ තරම් ජෛව විවිධත්වය අතින් ඉතා පොහොසත් පරිසර පද්ධතියක සුන්දරත්වය දැක බලාගෙන පැය තුනක විතර අමතක නොවෙන චාරිකාවක අත්දැකීම විඳගත්ත අපි සුන්දර මතකයන් ගොන්නක් හිතේ පුරව ගෙන, අපේ හුස්ම විතරක් බූන්දල පරිසරයට මුදා හැරලා, ඉර බහින යාමේ බූන්දල ලේවායත් දැක බලාගෙන හෙමින් හෙමින් ගමනාන්තයට ළඟා වුණා. මේ අලුත් අවුරුද්දේ නිවාඩු පාඩුවේ යන්න තැනක් හොය හොය ඉන්නවනම් හරි, සති අන්තෙක කතරගම පැත්තේ යනවනම් හරි අනිවාර්යයෙන්ම බූන්දල ජාතික වනෝද්‍යානය ඔබේ ලැයිස්තුවට එක් කරගත්තොත් එය ඔබගේ චාරිකා මතකයන් වලට අපූරු අත්දැකීමක් එකතු කරන අපූරු චාරිකාවක් වේවි. හැබැයි ඒ පරිසරය ඔබට හමුවුණු විදියටම තියල එන්නත් අමතක කරන්න එපා.
ගෙහාන් චන්දික

SendShareShare
Previous Post

රන්ජන්ගේ හඬ පටවල කතානායකත්?

Next Post

ගාමිණීගේ එක පුතෙක් සජිත්ට ‌එක්වෙයි

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.