• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයට රනිල්ගෙන් උපදෙසක්!

December 1, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
අයවැය ගැන ආණ්ඩුවේ විපක්ෂයේ මන්ත්‍රීවරු එළියට එනකොට කියපු කතා! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ස්ත්‍රී පුරුෂ සමාජභාවය, සමානාත්මතාවය සහ කාන්තාවන් සවිබලගැන්වීම පිළිබඳ පනතක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් එම පනත කෙටුම්පත් කිරීම සඳහා කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයට තමා උපදෙස් දී ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ පමණක් නොව, අනෙකුත් අංශවලද කාන්තා නියෝජනය වැඩි කළ යුතු බවත් රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික අංශය ඒ සම්බන්ධව අවධානය යොමු කළ යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (01) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

මෙරට පළමු මන්ත්‍රණ සභාවේ කාන්තා නියෝජනය 2%ක් වූ බවත් සර්ව ජන ජන්ද බලය හිමිවී වසර 91ක් ගතව තිබුණත් වත්මන් පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 5.3%ක් පමණක් බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා
මට භාර අමාත්‍යාංශය ගැන අද මම කතාකරන්න බලාපොරොත්තු වෙනවා. අපේ පාර්ලිමේන්තු කාන්තා සංසදය විසින් ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි දින 16ක ක්‍රියාකාරිත්වයක් ආරම්භ කර තිබෙනවා. ඒ ගැන අපි ප්‍රශංසා කළයුතුයි.
1931තමයි මේ රටට සර්වජන ඡන්ද බලය හිමි වුණේ. පළමු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කාන්තාවන් හිටියේ නැහැ. ඩොනමොර් කොමිසමෙන් කාන්තාවන්ට ඡන්දය ඉල්ලන්න කියලා කිව්වම අපේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණයගේ මිත්තනිය එදා ඡන්දය ඉල්ලුවා. ඒ ඡන්දයෙන් එක කාන්තාවක්වත් තේරි පත් වුණේ නැහැ.
මාස 08ක්,09ක් යනකොට අපේ මුත්තා වන ජේ.එච්. මීදෙණිය අධිකාරම්තුමාගේ මරණයෙන් පස්සේ මොළමුරේ මැතිණිය පත් වුණා. එතකොට පළමු වතාවට විරුද්ධ පක්ෂයෙන් ආවෙත් කාන්තාවක්. ඒ ෆ්ලොරන්ස් සේනානායක. එතකොට එදා නියෝජිතයන් 51න් එක කාන්තා නියෝජනයක් තිබුණා. ඒ කියන්නේ ඒ සභාවේ 2%ක නියෝජනයක්.
සර්ව ජන ඡන්දයෙන් අවුරුදු අනූ එකකට පස්සෙ තමයි මම අද කතා කරන්නේ. අද අපේ කාන්තා මන්ත්‍රීවරියන් 12 දෙනෙක් සිටිනවා. ඒ කියන්නේ 5.3%ක නියෝජනයක්. වසර 91ක් තුළ අපි 2%ක ප්‍රමාණය 5%ක් බවට පමණයි පත්කරගෙන තිබෙන්නේ.
ආණ්ඩු පක්ෂයේ සිටියත්, විපක්ෂයේ සිටියත් අපි සියලුදෙනා පිළිගත යුතුයි අපිට කාන්තා නියෝජනය වැඩිකරගන්න නොහැකි වුණා කියලා. එදා අපේ කාන්තා නියෝජනය 2%ක්ව තිබූ අවස්ථාවේ එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවේත් 2%ක කාන්තා නියෝජනයක් තිබුණා කියලා මම හිතන්නේ නැහැ. අතළොස්සයි හිටියේ. ඒත් අද කැනඩා පාර්ලිමේන්තුව, ලොග් සභාව දෙස බලන්න. එහෙම නම් කාන්තා නියෝජනය ගැන අපි සියලුදෙනා අවධානය යොමු කළ යුතුයි. අපිට වගකීමක් නෑ කියන්න බැහැ. මමත් ඇතුළුව අපි සියලුදෙනා මේ පාර්ලිමේන්තුවේ හිටියා. 2015දී ගෙන ආ ප්‍රතිපත්තියෙන් පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය වැඩි කළා. ඒත් පසුව කළ සංශෝධනය නිසා එය නැති වුණා.
අද අපේ ජනගහණයෙන් 52%ක් කාන්තාවන්. අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 5.3%ක් කාන්තාවන්. ඒ නිසයි මම පාර්ලිමේන්තු කාන්තා සංසදයට භාර දුන්නේ මේ වැඩකටයුතු ඉදිරියට කරගෙන යාමට. අදාළ රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනා මේ පිළිබඳ කතා කරයි.
ස්ත්‍රී පුරුෂ සමාජභාවය, සමානත්වය සහ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වන පනතක් සකස් කිරීම දැන් කරගෙන යනවා. එක පනතක් වෙනුවට පනත් දෙකක් ඉදිරිපත් කරනවා කියලා ඔවුන් මා සමග සඳහන් කළා. එය හොඳ දෙයක්. එහි සම්පූර්ණ වැඩකටයුතු කරගෙන යන්න කියලා මම ඔවුන්ට කියන්න කැමතියි.
දෙවනුව මේ පනතේම සඳහන් වෙලා තිබෙනවා නීති හා ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණය පිළිබඳව. කාන්තා අයිතිවාසිකම්, ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා සමානාත්මතාවය යන කාරණාවලට නායකත්වය ලබාදීම සහ ස්ත්‍රී පුරුෂ සමාජත්වයේ සම සාධාරණත්වය සහ සමානත්වය සම්බන්ධයෙන් වන ගැටලු සඳහා මැදිහත්වීමට පාර්ලිමේන්තුවට අවශ්‍ය නිර්දේශ ලබා දීමට නියෝග සහිතව ජාතික කාන්තා කොමිසමක් යන නාමයෙන් ස්වාධින කොමිසමක් පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපනය කිරීමට. ආණ්ඩුව එයට පක්ෂයි කියලා මම කියන්න කැමතියි. මම හිතන්නේ නැහැ විපක්ෂයෙනුත් ඒ සඳහා විරුද්ධත්වයක් තිබෙයි කියලා.
තෙවනුව තිබෙන්නේ ඔම්බුඩ්ස්මන් තනතුරක් ඇති කිරීමයි. මේ පිළිබඳ කටයුතු කිරීමට ඔම්බුඩ්ස්මන් කෙනෙක් නෙවෙයි, ඔම්බුඩ්ස්වුමන් කෙනෙක් පත් කරගන්න වෙයි. අපිට මේ පිළිබඳ කතා කරන්න තිබෙන්නේ පාර්ලිමේන්තුවේ විතරක් නොවෙයි. අපේ වැවිලි සමාගම් දෙස බැලුවොත් එහි සේවය කරන බහුතරයක් කාන්තාවන්. එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ එක කාන්තාවක් ඉන්නවද, අපි මේ පිළිබඳ අවධානය යොමු කළ යුතුයි.
විශේෂයෙන්ම අද ඇඟළුම් කම්හල්වල බහුතරයක් ඉන්නේ කාන්තාවන්. ඇත්ත වශයෙන් කාන්තාවන්ට අධ්‍යක්ෂ මණ්ඩලවල එම වගකීම භාරදිය යුතුයි. මේ වැරුද්ද සිදු කර තිබෙන්නේ පුද්ගලික අංශය පමණක් නොවෙයි. රාජ්‍ය අංශයත් මේ ගැන අවධානය යොමු කළ යුතුයි. මේ පිළිබඳ නීතියක් ගෙනාවොත් ඒ කටයුතු කරන්න පුළුවන්. මෙලෙස විශාල අඩුපාඩුකම් තිබෙනවා. අපි මේවා විසඳිය යුතුයි.
අද අධ්‍යාපන ක්ෂේත්‍රයේ වැඩිපුර ඉන්නේ කාන්තාවන්. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වගේම පරිපාලනයෙත් එහෙමයි. පුද්ගලික අංශයේ එවැනි දියුණුවක් ඇති වී නැහැ. විශ්වවිද්‍යාලයේ වෙන්න පුළුවන් ඉන් පිටත වෙන්න පුළුවන් අද 50% කට වඩා ඉන්නේ කාන්තාවන්.
ඒ වගේම ළමයින් සම්බන්ධ වැඩකටයුතුත් අපි මේ පාර්ලිමේන්තු කාන්තා සංසඳයට භාර දී තිබෙනවා. විශේෂයෙන් මෙහි ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. අද දෙමාපියන් අහිමි අනාථ දරුවන් කී දෙනෙක් සිටිනවද, ඒත් අපි භාරඅරගෙන තිබෙන්නේ ඉතා සුළු පිරිසක්.
කවුරුත් ඒ දරුවන් රඳවා සිටින ස්ථාන දෙස බලන්නේ නැහැ. ඒවායේ තිබෙන්නේ පැරණි ගොඩනැඟිලි. හරියට ගුරුවරු නැහැ. ඒ නිසා නව ළමා ආරක්ෂන සේවයක් මේ රටේ ඇති කළ යුතුව තිබෙනවා. ඒ පිළිබඳවත් මේ සංසදය වැඩකටයුතු කරගෙන යනවා.

අබාධිත පුද්ගලයන් වෙනුවෙන් අපි සළසන සේවාව ප්‍රමාණවත් නැහැ. ඒ වගේම වැඩිහිටි පුද්ගලයන් වෙනුවෙන් ලබාදිය හැකි ප්‍රතිපාදන අඩු වී තිබෙනවා. අපි ණය ගෙවනවා, අපි වැටුප් ගෙවනවා, නැත්නම් අලාභ ලබන සංස්ථාවලට මුදල් යොදවනවා. මෙම තත්ත්වය වෙනස් කිරීමට කටයුතු කිරීම පිළිබඳ ඇතැම් අය දෝෂාරෝපණය කරනවා.
සමාජ සුබසාධනය වෙනුවෙන් අපි යොදවලා තිබෙන මුදල් ප්‍රමාණවත් නැහැ. එම ප්‍රතිපාදන ඉහළ නැංවමිට පෙර විධිමත් ලෙස ආයතන පද්ධතිය ක්‍රියාත්මක විය යුතුයි. නැත්නම් එම මුදල් අපතේ යනවා. ඇත්තටම තිරය පිටුපස සිදුවන්නේ වෙන දෙයක්. තිරය ඉදිරිපස තමයි අපි සිටින්නේ. ආණ්ඩුව, විපක්ෂය හෝ පෞද්ගලික අංශය වෙන්න පුළුවන්, මේ සියලුදෙනා රඟපාන්නේ මේ තීරය ඉදිරිපස. මේ තිරය කවුරුත් විවර කරලා නැහැ. අපි ඒ තිරය ඉවත් කර බැලිය යුතුයි.
මීට පෙර මේ අමාත්‍යාංශය අපි වැදගත් අමාත්‍යාංශයක් ලෙස සැලකුවේත් නැහැ. මේ පළමු අවස්ථාව. විශේෂයෙන් අපේ තලතා අතුකෝරාළ මැතිණිය අධිකරණ ඇමතිවරිය ලෙස කටයුතු කළා. ඒ වගේම පවිත්‍රා මන්ත්‍රිතුමිය සෞඛ්‍ය ඇමතිණිය විදියට කටයුතු කළා. ඒත් වැදගත් අමාත්‍යංශ ගණනාවක් තවම කාන්තාවන් කරන්නේ නෑ.
ඉන්දියාවේ මුදල් ඇමතිවරියක් ඉන්නේ. එතුමිය ඊට පෙර කටයුතු කළේ ආරක්ෂක ඇමතිවරිය විදියට. ලිස් ට්‍රස්ට් කලින් හිටියේ විදේශ ඇමතිවරිය විදියට. අපිත් ඒ තත්ත්වය ඇතිකළ යුතුයි. මම මේ කාන්තා සංසදයට භාරදනවා නීති රීති කෙටුම්පත් සකස් කරලා එවන්න, ප්‍රතිපත්ති එවන්න. අපි මේ කාලය තුළදී ඒ සම්බන්ධව කටයුතු කරමු.
අපිට යුතුකමක් තිබෙනවා කාන්තා නියෝජනය පාර්ලිමේන්තුව තුළ පමණක් නොවෙයි, අනෙක් ක්ෂේත්‍රවලත් ඉහළ නංවන්න. එය සිදුකරන ආකාරය අපි පසුව කතා කරමු.
හැම කෙනාටම සමෘද්ධිය ලබාදෙන්න අපිට මුදල් නෑ . අපි ගන්න ඇතැම් තීරණ ජනප්‍රිය නොවෙන්න පුළුවන්. පාර්ලිමේන්තුවට ශක්තිය තිබිය යුතුයි මේ වැඩ වැඩකටයුතු ඉදිරියට කරගෙන යන්න. සමෘද්ධියට අදාළ වැඩකටයුතු අපේ ඇමතිතුමා කරගෙන යනවා. සමෘද්ධිය හිමි විය යුතු විශාල කොටසක් සිටිනවා. ඇයි අපිට ඔවුන්ට
සමෘද්ධිය ලබා දෙන්න බැරි. නුසුදුසු අය ඉවත් කළොත් සුදුසු අයට මේ ප්‍රතිලාභය ලබාදෙන්න පුළුවන්. සමහරුන් වසර 20-30ක් ඔය ලැයිස්තුවේ ඉන්නවා. ඒ නිසා පළමුවෙන්ම සුදුසු අය කවුද, අලුත් අය කොහොමද ඇතුලත් කරගන්නේ කියලා සොයා බැලිය යුතුයි.
සමහරු දේශපාලන කටයුත්තක් ලෙස ඒ දෙස බැලුවත්, සමෘද්ධිය ලබාගත යුතු අයට, පළමුව සමෘද්ධිය ලබාදිය යුතුයි. සුදුසුකම් නැති අය එතනින් ඉවත් කළ යුතුයි. සියලුදෙනාට මේ ප්‍රතිලාභය ලබාදිමට අපිට හැකියාවක් නැති බවත් ප්‍රකාශ කළ යුතුයි.
අපි මේ භාරගෙන තිබෙන්නේ අසීරු කටයුත්තක්. රටේ ආර්ථිකයයි, සමාජයයි හදන්න ගන්න තීරණ ජනප්‍රිය නොවෙන්න පුළුවන්. ඒත් ඒ වැඩකටයුතු කරගෙන යන්න පාර්ලිමේන්තුවට ශක්තිය තිබිය යුතුයි.
අධ්‍යාපනය ගැන කතා කළොත් 1946 අපිට නිදහස් අධ්‍යාපනය ලැබුණා. අපට අවශ්‍ය 80 දශකයේ මේ රටේ තිබ්බ පාසල් පද්ධතිය නොවෙයි. අද අපට අවශ්‍ය 2023 සිට වසර 25ක් ඉදිරියට යන පාසල් අධ්‍යාපන ක්‍රමයක් බව කිව යුතුයි.

SendShareShare
Previous Post

ජවිපෙ ගාල්ලෙන් පාරට බහී! (VIDEO)

Next Post

මෙන්න රටක් වටින යෝජනාවක්! මුලින්ම පාර්ලිමේන්තුව නියාමනය කරලා දෙවනුව විශ්වවිද්‍යාලවලට බහිමු! රට හදන තැනින් රට හදන්න පටන් ගනිමු! බලමු ඔය පාර්ලිමේන්තුවේ කී දෙනෙක් මේකට අත උස්සයිද කියලා! (VIDEO)

MORE NEWS

භික්ෂුව එදා රජවරුන්ට නිවැරදි උපදෙස් ලබා දුන්නා! ඔබතුමන්ලා මේ රට ගොඩනගාවි යැයි අපට විශ්වාසයක් තිබෙනවා! අභියෝග ජයගන්න ශක්තියක් වෙන්න අපි සූදානම්! අපි මොනවත් බලාපොරොත්තු වෙන්නේ නෑ! කසාවතින් බැබළුණු භික්ෂු උපදේශක සභාවේදී මහාචාර්ය අගලගඩ සිරිසුමන හිමියෝ සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගයට අනුශාසනා කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘කහකඩ පාතාලය අද කොළඹට..’! රටේ ප්‍රශ්නවලදී භික්ෂූන් වහන්සේලාට ඉදිරියට එන්න බැරි තත්ත්වයක් හදන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි! සඟ සමුළුවේදී අගලකඩ හිමියන්ගෙන් අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

සජිත් කෑගල්ලට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජිත් කෑගල්ලට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

උතුරු නැගෙනහිර කරපු උණුසුම් සංචාරයෙන් පසු ජිනීවා මහකොමසාරිස් අනුරව හමුවෙයි! ලංකාව ගෙන යන වැඩපිළිවෙළට සහාය දෙනවා! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජ්‍යතාන්ත්‍රික අවුලක්? එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් ටර්ක්ගේ ධුර කාලය දීර්ඝ කරන යෝජනාවට ලෝකයේ රටවල් 144ක් ඡන්දය දෙද්දී ලංකාව ඡන්දය දීමෙන් වැළකී ඉඳලා! VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව මාලිමාවේ එකක් නෙමෙයි! මම විරුද්ධ වුණාම මට කට වහගෙන ඉන්න කිව්වා! මාලිමා නායකත්ව මණ්ඩලයේ-මෙහෙයුම් කාරක සභාවේ-විධායක සභාවේ සාමාජික ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායකගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර ඉරාන්ගේ ක්‍රිකට් කමිටුව හමුවෙයි! PHOTOS I Sri Lanka Latest News

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News

Load More
භික්ෂුව එදා රජවරුන්ට නිවැරදි උපදෙස් ලබා දුන්නා! ඔබතුමන්ලා මේ රට ගොඩනගාවි යැයි අපට විශ්වාසයක් තිබෙනවා! අභියෝග ජයගන්න ශක්තියක් වෙන්න අපි සූදානම්! අපි මොනවත් බලාපොරොත්තු වෙන්නේ නෑ! කසාවතින් බැබළුණු භික්ෂු උපදේශක සභාවේදී මහාචාර්ය අගලගඩ සිරිසුමන හිමියෝ සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගයට අනුශාසනා කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘කහකඩ පාතාලය අද කොළඹට..’! රටේ ප්‍රශ්නවලදී භික්ෂූන් වහන්සේලාට ඉදිරියට එන්න බැරි තත්ත්වයක් හදන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි! සඟ සමුළුවේදී අගලකඩ හිමියන්ගෙන් අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

මෙරට භික්ෂූන් වහන්සේ අප්‍රසාදයට පත්කරමින්, උන්වහන්සේට සමාජය ඉදිරියට පැමිණීමට නොහැකි පරිසරයක් නිර්මාණය කිරීමට අදාළ කුමන්ත්‍රණ ඉදිරියේදී සිදුවිය හැකි බව ශාසනාරක්ෂක...

Read more
සජිත් කෑගල්ලට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සජිත් කෑගල්ලට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

උතුරු නැගෙනහිර කරපු උණුසුම් සංචාරයෙන් පසු ජිනීවා මහකොමසාරිස් අනුරව හමුවෙයි! ලංකාව ගෙන යන වැඩපිළිවෙළට සහාය දෙනවා! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! PHOTOS I Sri Lanka Latest News

රාජ්‍යතාන්ත්‍රික අවුලක්? එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් ටර්ක්ගේ ධුර කාලය දීර්ඝ කරන යෝජනාවට ලෝකයේ රටවල් 144ක් ඡන්දය දෙද්දී ලංකාව ඡන්දය දීමෙන් වැළකී ඉඳලා! VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව මාලිමාවේ එකක් නෙමෙයි! මම විරුද්ධ වුණාම මට කට වහගෙන ඉන්න කිව්වා! මාලිමා නායකත්ව මණ්ඩලයේ-මෙහෙයුම් කාරක සභාවේ-විධායක සභාවේ සාමාජික ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායකගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව මාලිමාවේ එකක් නෙමෙයි! මම විරුද්ධ වුණාම මට කට වහගෙන ඉන්න කිව්වා! මාලිමා නායකත්ව මණ්ඩලයේ-මෙහෙයුම් කාරක සභාවේ-විධායක සභාවේ සාමාජික ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායකගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අනුර ඉරාන්ගේ ක්‍රිකට් කමිටුව හමුවෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.