දිවා රාත්‍රී සිදුවන විදුලි කප්පාදුව හේතුවෙන් මෙරටට පැමිණ සිටින සංචාරකයන් මහත් අපහසුතාවයට පත්ව සිටින බව මිරිස්ස ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයේ නිරත පිරිස් පවසති.
ඔවුන් පෙන්වා දෙන්නේ මේ වනවිට සංචාරකයන් පැමිණෙමින් සිටියත් විදුලි කප්පාදුව හේතුවෙන් කර්මාන්තයට දැඩි හානි සිදුව ඇති බවකි.
ADVERTISEMENT
අවම වශයෙන් සංචාරක ආකර්ෂණය දිනා ඇති ප්‍රදේශවල හෝ විදුලි කප්පාදුව සිදු නොකරන ලෙස ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
කෙසේවෙතත් පසුගිය දිනවල ඇමැතිවරු කිහිප දෙනෙක්ම කියා සිටියේ රටේ සිදුවන විරෝධතා හේතුවෙන් සංචාරකයන් නොපැමිණෙන බවකි.