• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විපක්ෂය ’42’ ’84’ කර පෙන්වද්දී රනිල්ට හිට්ලර් පෙනෙයි! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

November 26, 2022
in Exclusive, Gurudawa
Reading Time: 6 mins read
A A
විපක්ෂය ’42’ ’84’ කර පෙන්වද්දී රනිල්ට හිට්ලර් පෙනෙයි! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

‘කවුරු හරි කියනවා මම ඉස්සරහ පිට මට හිට්ලර් කෙනෙක් වෙන්න කියලා මම එතැනදීම ඒ ප්‍රකාශය හෙළාදකිනවා…’
රනිල් වික්‍රමසිංහ
සන්ඩේ ඔබ්සර්වර්
23.06.2018

මේ, ගෝඨාභයට හිට්ලර් වගේ වෙන්න කියලා ගෝඨාගේ උපන් දිනය දවසේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් දුන් උපදෙසට රනිල් දුන්න උත්තරයය. රනිල් කීවේ අනුනායක හිමිගේ මේ ප්‍රකාශය කවුරුවවත් කිසිදු මාධ්‍යයක් හෙළා නොදැකීම ගැන තමා පුදුමයට පත්වන බවය.

‘එහෙත් රනිල් අද ජනාධිපති වී මම හිට්ලර් යැයි කියන්නේ කොහොමද…?’

රනිල් මම හිට්ලර් කියලා කිව්වේ ඊළඟ වචනය ගිලගනිමින්ය. බදාදාත් බ්‍රහස්පතින්දාත් රනිල් උතුර දකුණ මාරුවෙලා වගේ මේ වගේ කතා කිව්වේ නිකම්ම නොවේ.

2022 බැසිල්ගේ බජට් එක දින්නේ තුනෙන් දෙකකිනි. විපක්ෂයට හිමි වුණේ ඡන්ද 60කි. ඒ 60 තුළ දෙමළ ජාතික සන්ධානය සහ ජවිපෙ ඡන්ද අඩුකළ විට සජිත්ගේ සමගි ජන බලවේගයට තිබුණේ ඡන්ද 42කි. මේ ඡන්ද 42න් 15ක් හෝ 20ක් රනිල්ට එකතු වෙන බව රනිල් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට ආ දිනයේ සිට සිරස සහ මව්රට හැර අනෙකුත් සියලු මාධ්‍ය සහ වෙබ් අඩවි වාර්තා කළහ. හැබැයි සමගි ජන බලවේගයෙන් රනිල්ගේ ආණ්ඩුවට එකතු වුණේ දෙදෙනෙකි. ඒ, හරීන් සහ මනුෂ විතරය. රනිල් ජනාධිපති ධුරයට පත්වූ විට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු 15ක් 20ක් රනිල්ගේ ආණ්ඩුවට එක්වී ඇමැතිකම් ගන්නවා යැයි ‘මව්රට’ සහ සිරස හැර අනෙකුත් මාධ්‍ය සියල්ල වාර්තා කළහ. පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර රනිල්ගේ ආණ්ඩුවට එක්වෙනවා යැයි මාධ්‍ය ප්‍රධාන සිරස්තලය පළ කළහ. ෆොන්සේකා එකතු වෙනවා යැයි කීහ. හර්ෂ සහ එරාන් එකතු වෙනවා යැයි කීහ. හර්ෂ මුදල් ඇමැති යැයි කීහ. මේ හැමෝම මෙම පුවත්පත් වාර්තා අසත්‍ය යැයි කියන විට ඒක පළකළේ ‘මව්රට’ සහ සිරස මාධ්‍ය පමණි. හැබැයි රනිල් ජනාධිපති වූ පසුව කවුරුත් රනිල්ගේ ආණ්ඩුවට එක්වූයේ නැත. රනිල් ජනාධිපති වී අතුරු අයවැය ඉදිරිපත් කරද්දී සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු 6ක් හෝ 7ක් ආණ්ඩුවට එක්වන බව සිරස සහ ‘මව්රට’ හැර අනෙකුත් සියලු මාධ්‍ය වාර්තා කළහ. එවිට කලින් කී මන්ත්‍රී සංඛ්‍යාව වූ 15-20 අඩුවී 5ට 7ට බැස තිබිණි. ඒත් අතුරු අයවැයේදී කවුරුත් ආණ්ඩුවට එක්වූයේ නැත. මෙවර අයවැයේ රාජිත ඇතුළු සජබ මන්ත්‍රීවරු 7ක් රනිල්ගේ ආණ්ඩුවට එක්වන බවත්, අයවැයට පෙර ඇමැති මණ්ඩල සංශෝධනයක් කරන බවත් ‘මව්රට’ සහ සිරස හැර අනෙකුත් සියලු මාධ්‍ය වාර්තා කළහ. අන්තිමේදී රාජිත එනවා එනවා කිය කියා ‘මව්රට’ සහ සිරස හැර අනකුත් මාධ්‍ය අයවැයට දින තියා දවසින් දවස පුවත් පළ කළහ. අන්තිමේදී රාජිත අයවැයට එරෙහිව ඡන්දය දුන්නේය. 2022 බැසිල්ගේ අයවැයේදී සමගි ජන බලවේගයට තිබුණේ ඡන්ද 42කි. ජවිපෙ සහ ටී.එන්.ඒ. එකතු කළ විට එය 60ක් විය. අද මෙවර අයවැයේදී ටී.එන්.ඒ. ඡන්ද නැතුව ඡන්ද 84ක් විපක්ෂයට ලැබිණි.

‘සජබයෙන් මන්ත්‍රීවරු පනිනවා පනිනවා කියා මෙරට සියලු මාධ්‍ය මිනිස්සුන්ට කියද්දී විපක්ෂය 42 සිට 84ට වැඩි වුණේ කොහොමද…?’

හේතුව අනෙකක් නොව ජනාධිපතිකම්වලට අගමැතිකම්වලට මැති ඇමැතිකම්වලට සල්ලිවලට ආත්මය පාවා නොදෙන හෘදය සාක්ෂියක් සහිත මිනිසුන් 84ක් විපක්ෂයේ එකට එක්වූ නිසාය. මේ 84ට අයවැයට ඡන්දය නොදී නැගිට ගිය ටී.එන්.ඒ. මන්ත්‍රීවරුත්, විදේශගතව සිටි සමගි ජන බලවේගයේ සුළු ජාතික මන්ත්‍රීවරු දෙදෙනාත් එකතු කළ විට විපක්ෂය 100ට ආසන්නය. රනිල් සහ රාජපක්ෂ ආණ්ඩුව වට්ටවන්න තව ඕනෑ 13ක් පමණි.

‘ඒ කියන්නේ පාර්ලිමේන්තුව ඇතුළේ ඔළුගෙඩි සෙල්ලමේ රනිල්ව පරද්දන්න කාටවත් බැහැ කියපු කතාවම බොරුවක් වෙන්නද යන්නේ…?’

අයවැයට ඡන්දය විමසපු පසු දින රනිල් පාර්ලිමේන්තුවට ඇවිත් කෑමොර දුන්නේ පාර්ලිමේන්තුව ඇතුළේ ගේම් එකේ තමාගේ කප් එක තමාගෙන් ගිලිහී යෑමේ අනතුර දැක වේදනාවෙන්ද දන්නේ නැත.

රනිල් ගැහුවේ සජිත්ට සහ කුමාර් ගුණරත්නම්ටය. ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසයේ කවදාවත් කුමාර් ගුණරත්නම්ගේ නම හැන්සාර්ඩ්ගතවී නැත. හේතුව ඔහු ගැන කවුරුත් කතා කර නැත. හැබැයි රටේ ජනාධිපති පාර්ලිමේන්තුවට ඇවිත් කුමාර් ගුණරත්නම්ට ගහපු ගැහිල්ලෙන් පේන්නේ රනිල් සහ රාජපක්ෂ ආණ්ඩුව කුමාර් ගුණරත්නම්ට කොයි තරම් බයද කියන එකය. ජවිපෙ භීෂණ කාලයේ ජේ.ආර්. කවදාවත් රෝහණ විජේවීරගේ නම කිව්වේ නැත. හේතුව ජේ.ආර්. බය වූයේ තමන් විජේවීරගේ නම කියලා ගහන්න ගත්තොත් තමන් විජේවීරට බයයි කියා මිනිස්සු හිතයි කියන බයටය. මේ නිසා ඔහු එකම එක පාරක් විජේවීරගේ නම වරද්දලාම කීවේ ඔහුව තමා කෙයාර් නොකරන බව පෙන්වන්නටය. ඔහු රෝහණ විජේවීර නොකියා රොහාන් විජේවීර කීවේය. ඔහු පෙන්වූයේ තමාට විජේවීරගේ නමවත් මතක නැහැ කියාය. හැබැයි රනිල් කුමාර් ගුණරත්නම්ට ගහන්න ගිහින් කුමාර්ව වීරයෙක් කළේය. රනිල් ජනාධිපති වූ දින සිට රනිල්ගේ මාධ්‍යකාරයන්, අරගලය කළේ අරයා මෙයා කියා අරගලයට උප්පැන්න ඉදිරිපත් කළහ. ඒත් එදා රනිල්, අරගලය කළේ කුමාර් ගුණරත්නම් බව ලෝකයටම ඇහෙන්න කීවේය. රනිල් එදා කෑමොර දුන්නේ මන්ත්‍රීවරුන්ගේ ගෙවල් පිච්චීම වැරැදි බවය.

පොදුජන පෙරමුණේ මැති ඇමැතිවරුන්ගේ ගෙවල් පිච්චුවේ 2022 මැයි 08 දා රාත්‍රියේය. හරියටම 2022 මැයි 09 රනිල් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මෙසේ කීවේය.

‘සාමකාමීව තිබුණු ගෝඨා ගෝ ගමට අද මැරවර පහර ලැබුණා. අපි ඒ මැරවර ක්‍රියා සම්පූර්ණයෙන්ම හෙළාදකිනවා, රටේ හැම කෙනාටම යුතුකමක් තියෙනවා ගෝඨා ගෝ ගම ආරක්ෂා කරන්න. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අගමැති පමණක් නොව මුළු ආණ්ඩුවම ඉල්ලා අස්විය යුතුයි. ආණ්ඩුව හදිසි නීතිය පාවිච්චි කරමින් ගෝඨා ගෝ ගම කඩාකප්පල් කරන්න යනවා නම් මම ආර්ථික අර්බුදය විසඳන්න ආණ්ඩුව සමග කරන සාකච්ඡාවලින් ඉවත් වෙනවා. ආණ්ඩුවට දෙන සහායත් නතර කරනවා….’
රනිල් වික්‍රමසිංහ
හිරු පුවත් සේවය
09.05.2022

රනිල් මේ නිවේදනය කළේ අරගලකාරයන් පොහොට්ටුවේ මැති ඇමැතිවරුන්ගේ නිවාස ගිනිතිබ්බාට පසුවය. ඒත් මේ නිවේදනයේ එම ගෙවල් ගිනිතැබීම් ගැන කිසිදු සඳහනක් නැත. ඉන් පසු අගමැති මහින්ද ඇතුළු ආණ්ඩුවම ඉවත් විය. රනිල් අගමැති විය. ඉන් පසුත් රනිල් ගෝඨා ගෝ ගමට ආධාර කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේ අගමැති ලෙසය. ගෝඨා ගෝ හෝම් ගමෙහි මූලික අවශ්‍යතා සොයා බලන්න ඔහු කමිටුවක්ද පත් කළේය. ඔවුන්ගේ ආහාර පාන, වැසිකිළි පහසුකම් සොයා බලන ලෙස ඔහු කමිටුවට කීවේය.

‘අසාමාන්‍ය ලෙස අලුතින් පත්වූ අගමැති රනිල් ජනාධිපති ගෝඨා ඉවත් කරන විරෝධතාවට සහාය දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලයි.’
ටයිම්ස් ඔෆ් ඉන්ඩියා
16.05.2022

මේ ඉන්දියාවේ ප්‍රකට ටයිම්ස් ඔෆ් ඉන්ඩියා එම පුවත වාර්තා කළ ආකාරයය.

‘ගෝඨා ගෝ හෝම් අරගලය පොහොට්ටුවේ මැති ඇමැතිවරුන්ගේ ගෙවල් පුච්චපු පසුත් අරගලයට සහාය දෙන්න යැයි ජනතාවගෙන් ඉල්ලා සිටි රනිල් හදිසි නීතිය යොදවා අරගලය මර්දනය කරන්න එපා යැයි කී රනිල් ජනාධිපති වූ පසු ගෙවල් පිච්චීම වැරැදි යැයි කියන්නේ කොහොමද…? ආයේ අරගල කරන්න එන්න එපා යැයි කියන්නේ කොහොමද?

ප්‍රශ්නය තියෙන්නේ එතැනය. අරගලයටයි, කුමාර් ගුණරත්නම්ටයි ගහල ඊළඟට රනිල් ගැහුවේ සජිත්ටය. ඒ සජිත් ලාභ ලබන රාජ්‍ය ආයතන විකුණනවාට විරුද්ධ යැයි කී කතාවටය. ලාභ ලබන රාජ්‍ය ආයතන වික්කේ සජිත්ගේ පියා ප්‍රේමදාස යැයි ඔහු කීවේය. ඔහු ලැයිස්තුවක් ඉදිරිපත් කරමින් කීවේ ප්‍රේමදාස වික්ක ආයතන ලාභ ලබන ආයතන කියාය. ඔහු කී ආයතන ලාභ ලබපු ආයතනද, පාඩු ලබපු ආයතනද කියා අහන්න හොඳම මිනිහා කරු ජයසූරියය. මන්ද රනිල් කියන ප්‍රේමදාස වික්ක ආයතන බොහොමයක සභාපති ලෙස ප්‍රේමදාස පත් කළේ කරු ජයසූරියවය. කරු දේශපාලනයට එන විට ඔහු තම ප්‍රධාන සුදුසුකම ලෙස පෙන්වූයේ පාඩු ලබන රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කොට ප්‍රේමදාස තමාව සභාපති කළ විට තමා එම ආයතන ලාභ ලබන ආයතන බවට පත්කළ බවය. අනෙක ප්‍රේමදාස මේ එක ආයතනයක්වත් විදේශිකයන්ට දුන්නේ නැත. දුන්නේ ලංකාවේ ව්‍යාපාරිකයන්ටය.

ඊළඟට රනිල් කියන්නේ පුද්ගලිකරණයට ජේ.ආර්.ගේත් ප්‍රේමදාසගේත් යූ.ඇන්.පී.යේත් ප්‍රතිපත්තිය බවය.

‘එහෙනම් ඇයි රනිල් යූ.ඇන්.පී. නායක සහ විපක්ෂ නායක ලෙස චන්ද්‍රිකාගේ ආණ්ඩුව එයාර් ලංකා විකුණනකොට එයට විරුද්ධ වුණේ…?’

එදා රනිල් එයාර් ලංකා විකිණීමට එරෙහි වූවා පමණක් නොව එයට එරෙහිව චන්ද්‍රිකාගේ ආණ්ඩුවට විශ්වාසභංග යෝජනාවකුත් ගෙන ආවේය.

‘එයා ලංකාව වික්කා…’

රනිල් එදා පාර්ලිමේන්තුවේ කෑමොර දුන්නේ එහෙමය. මහින්ද 2005 ඇවිත් ශ්‍රී ලන්කන් යළි ආණ්ඩුවට පවරා ගන්නා විට රනිල් ඒකටත් විරුද්ධ විය. ඒකේ වරදක් නැත. දේශපාලනය කියන්නේ ඒකටය. ගෝඨාභය ජනාධිපති ධුරයෙන් ඉවත් වන වෙලාවේ රනිල්ටත් අගමැති ධුරයෙන් ඉවත් වෙන්න කියා කතානායක මහින්ද යාපා සර්වපාක්ෂික ජනාධිපතිවරයෙක් සහ අගමැතිවරයෙක් පත්කර ගන්න සියලු පක්ෂ එකඟ කරගත්තේ දේශපාලනය කරන්න නොව මහ මැතිවරණයක් පවත්වන තෙක් රට ගොඩගන්න තීන්දු ගන්න සර්වපාක්ෂික එකඟතාවක් ඇතිකර ගන්නටය. ඒක කඩාකප්පල් කොට රාජපක්ෂලා සමග ඩීල් දමා ජනාධිපතිකම අතට ගත්තේ රනිල්ය. ජනාධිපති ධුරයේ ගෞරවයත් නොතකා උදේ හවා පාර්ලිමේන්තු පැමිණ කුමාර් ගුණරත්නම්ටයි, සජිත්ටයි, සිරසටයි, බැණ බැණ ඉන්නේ නැතුව බැඳගත්ත බෙරේ ගහගත්තා නම් හොඳය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ඒකකයක් හදන්න 56ක් වැයවෙනවා! අපි අයකරගන්නේ 29යි! දැනටත් 27කින් පාඩුයි! විදුලි බිල ආයෙත් වැඩි කරන්නම වෙනවා! ඇමැති කංචන පාර්ලිමේන්තුවේදී කියයි! ආපහු සැරයක් මිනිස්සුන්ට කරන්ට් වදින්නයි යන්නේ!

Next Post

රාජපක්ෂ පුතාලගේ ගොංගල කැලෑවේ ගිනි තිබ්බ හෝටලය දකුණේ තවත් ප්‍රබල රාජපක්ෂ කෙනෙක් සල්ලිවලට අරන්! ආයෙමත් හදන වැඩ පටන් ගනී!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.