• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රාජපක්ෂ පුතාලගේ ගොංගල කැලෑවේ ගිනි තිබ්බ හෝටලය දකුණේ තවත් ප්‍රබල රාජපක්ෂ කෙනෙක් සල්ලිවලට අරන්! ආයෙමත් හදන වැඩ පටන් ගනී!

November 26, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
රාජපක්ෂ පුතාලගේ ගොංගල කැලෑවේ ගිනි තිබ්බ හෝටලය දකුණේ තවත් ප්‍රබල රාජපක්ෂ කෙනෙක් සල්ලිවලට අරන්! ආයෙමත් හදන වැඩ පටන් ගනී!
Share on WhatsAppShare on Facebook

ඉඩම් හා කෘෂිකර්ම ප්රතිසංස්කරණ ව්යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බොරළුවගෙඅයින ග්‍රාම නිලධාරී වසමේ පිහිටි ගොංගල කන්ඳ පහළ බෑවුම් කොටසේ හේස් වත්තේ (ඒ ඩිවිෂන් ලෙස හඳුන්වන කොටසේ) අක්කර 75 ක තෙත් පතන තෘණ භූමි සහිත සිංහරාජ අඩවියට අයත් සුවිශේෂී ම ජල රැඳවුම් කලාපයක් තේ වගාව සඳහා එළි පෙහෙළි කිරීමට ආණ්ඩුවට සම්බන්ධ දකුණේ රාජපක්ෂවරයකු විසින් කටයුතු කරමින් සිටී. මෙම භූමිය ආසන්නයේ හේස් වත්තට අයත් වතු කම්කරු ජනතාව ගේ නිවාස පිහිටා ඇති අතර මෙම ව්‍යාපෘතියට එම ජනතාවගෙන් එල්ලවන බලපෑම් පාලනය කිරීම සඳහා එම ජනතාව අතර ඉඩම් කොටස් කිහිපයක් බෙදා දීමට පියවර ගන්නා බවට ද පොරොන්දු වී තිබේ.

මේ වන විට ගොංගල කන්ඳ ආශ්‍රිත ව පිහිටි යෝශිත රාජපක්ෂට හෝ රෝහිත රාජපක්ෂට අයත් ව තිබූ පසුගිය දා ගිනි තැබීමට ලක් වූ හෝටලය ද මිල දී ගෙන ඇත්තේ මෙම ප්‍රබලයා විසින් බව වාර්තා වේ. මේ වන විට එම හෝටලය නැවත ගොඩ නගමින් පවතී. මෙම හෝටලය හේතුවෙන් සිංහරාජ වන රක්ෂිතයට 2019 වසරේ දී අලුතින් වනාන්තර එක් කිරීමේ දී රක්ෂිතයට ඇතුළත් කළ යුතු ව තිබූ ඒ ආසන්නයේ පිහිටි විශාල වනාන්තර හා තෘණ භූමි ප්‍රදේශයක් රක්ෂිත තත්ත්වයට පත් නොකර ඉවත් කර දමා ඇති අතර එම සුවිශේෂී පරිසර පද්ධතිවල ආරක්ෂාව තහවුරු කිරීමට මෙම ඉඩම් නැවත පවරා ගැනීමට සකස් කළ නව සැලැසුම්වලට ද මේ වන විට බාධා එල්ල වෙමින් පවතී.

ගෝඨාභය රාජපක්ෂ ජනපති ලෙස කටයුතු කළ සමයේ දී මෙම ප්‍රබලයා හා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ සුදේව හෙට්ටිආරච්චි ඇතුළු කිහිපදෙනෙකු විසින් ගොන්ගල කඳුවැටියට ඉදිරියෙන් පිහිටි උල්ලිදුවාව ග්‍රාම නිලධාරී වසමට අයත් පනිල්කන්ඳේ කබරගල වනාන්තර කොටසට අයත් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතේ පාලනය වන අක්කර 550 ක් අත් පත් කර ගෙන තිබේ. ඊට අමතර ව එම ඉඩම් අවට වගා කරමින් සිටි ජනතාව බලහත්කාරයෙන් ඉවත් කර පුද්ගලයන් 41 දෙනෙකුට නඩු පවරා එම ඉඩම් අත් පත් කර ගැනීමට ද උත්සාහ කෙරිනි.

මෙම සියලු වනාන්තර හා තෘණ බිම් ප්‍රදේශ ගිං ගගේ ජල පෝෂක ප්‍රදේශ වේ. ඊට අමතර ව මෙම කඳු බෑවුම් ඔස්සේ ගලා එන ජලය ඒ අවට ජනතාව ගේ පානීය ජල අවශ්‍යතාව සඳහා භාවිතයට ගැනේ. එපමණක් නො ව මෙම වනාන්තර හා තෘණ බිම් පද්ධතිය සිංහරාජ අඩවියේ ජීවත් වන බොහෝ ජීවීන්ට වාසස්ථාන සපයන සුවිශේෂී පරිසර පද්ධති වේ.

මේ නිසා විවිධ අණ පනත් යටතේ සිංහරාජ ජාතික උරුම වන භූමිය හා සිංහරාජ වන රත්ෂිතය වටා පිහිටි සුවිශේෂී ජෛව කලාප ආරක්ෂා කිරීමට පියවර ගෙන තිබේ. 1996 අංක 24 දරණ පනතින් අවසන් වරට සංශෝධිත 1951 අංක 25 දරණ පස සංරක්ෂණ පනතේ 3 වන වගන්තියට අනුව ප්‍රකාශිත 2008 මැයි 22 දින අංක 1550/9 දරණ ගැසට් නිවේදනය මගින් සිංහරාජය හා ඒ වටා විශාල කලාපයක් පස සංරක්ෂණ ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

පනතේ 4 වන වගන්තියට අනුව ප්‍රකාශිත 2009 දෙසැම්බර් 21 වන දින අංක 1633/4 දරණ ගැසට් නිවේදනය මගින් 2009 අංක 1 දරණ පස සංරක්ෂණ නියෝග පනවා ඇති අතර ඒ අනුව පස සංරක්ෂණ ප්‍රදේශයක් තුළ අංශක 60 ට වැඩි බෑවුම් සහිත භූමි ප්‍රදේශයක යම් තැනැත්තකු විසින් වාර්ෂික බෝග වගා නොකළ යුතු බවත්, පස සංරක්ෂණ ක්‍රියාමාර්ගවල හෙල්මළු කැපීම හෝ සෑදීම, කුට්ටි කාණු සෑදීම හෝ ගල්වැටි බැඳීම, පාංශු ඛාදනය වැළැක්වීම, ජීව වැටි ඇති කිරීම, ඇළ, දොළ උල්පත් ප්‍රදේශ හා ඉවුරුවල කැලෑ ඇති කිරීම, ඇල, දොළ ඉවුරු දිගේ නියමිත පළලින් යුත් වගා නොකළ බිම් තීරය ඉතිරි කිරීම කළ යුතු බවත් සඳහන් වේ.

මෙම නියෝග කඩ කරන පුද්ගලයකු පනතේ 11 වන වගන්තියට අනුව මහේස්ත්‍රාත් අධිකරණයක් වෙත යොමු කර වැරදිකරුවකු කරනු ලැබූ විට රුපියල් 1000 ත් රුපියල් 5000 ත් අතර දඩයකට ලක් කළ හැකි ය. මෙම බලතල ක්‍රියාත්මක කිරීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට හෝ ඔහු විසින් බලය පවරන නිලධාරියකුට හැකියාව ඇති අතර නීති ක්‍රියාත්මක කිරීමට බාධා කරන පුද්ගලයකු ද ඉහත දණ්ඩනයන්ට යටත් කළ හැකි ය.

මීට අමතර ව 2000 අංක 53 දරණ පනතින් අවසන් වරට සංශෝධිත 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතේ 23බ වගන්තියට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 වන දින 772/22 අංක දරණ ගැසට් නිවේදනයට අනුව, හෙක්ටයාර 1 ට වැඩි භූමි ප්‍රදේශයක ඇති කැළෑ, කැළෑ ආශ්‍රිත නොවන ප්‍රයෝජනයක් සඳහා යොදා ගැනීම ප්‍රථම හෝ පස සංරක්ෂණ පනත යටතේ ප්‍රකාශිත පස සංරක්ෂණ කලාපයක් තුළ ඕනෑ ම ආකාරයක සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් පරිසර බලපෑම් තක්සේරු (ඇගයීම්) ක්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත අනුමැතිය ලබා ගෙන අදාළ සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ යුතු ය. ජාතික පාරිසරික පනතේ 23අඅ උප වගන්තියට අනුව නිවැරදි පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත් ව අනුමැතිය ලබා ගැනීමකින් තොර ව නීති විරෝධීව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන අවස්ථාවක දී පනතේ 31 වගන්තියට අනුව මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ එවන් ක්‍රියාවක නිරත පුද්ගලයකු වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 15,000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්දනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය.

පාර්ලිමේන්තුවෙන් සම්මත වූ මෙම අණ පනත් ක්‍රියාවේ යෙදවීම වෙනුවට මෙම දේශපාලන ප්‍රබලයා විසින් මෙම නීති උල්ලංඝනය කරමින් කටයුතු කිරීමට සූදානම් වීමෙන් පෙනී යන්නේ නීතියේ ආධිපත්‍යය බිඳ දමමින් රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යුහයක් ස්ථාපිත කිරීමට ඇති අවස්ථා ව අහිමි කරන බව ය.

විශේෂයෙන් අප අවධාරණය කරන්නේ සිංහරාජ අඩවිය තුළ පිහිටන සියලූ ම වනාන්තර හා තෘණ භූමි රක්ෂිත තත්ත්වයට ප්‍රකාශයට පත් කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස ය. ඒ අනුව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතේ පාලනය වන වනාන්තර හා පෞද්ගලික වනාන්තර ඉඩම් සියල්ල ම පසුව වන්දි ගෙවීමේ පදනම මත සිංහරාජ වන රක්ෂිතය යටතට ඇතුළත් කළ යුතු ය. එසේ නොමැති වුවහොත් සිදු වන්නේ දේශපාලඥයන් ගේ හා ව්‍යාපාරිකයන් ගේ ග්‍රහණයට මෙම වනාන්තර කඩිනමින් නතු වී ඉතා කෙටි කලකින් විනාශයට ලක් වීම ය.

සජීව චාමිකර
ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

SendShareShare
Previous Post

විපක්ෂය ’42’ ’84’ කර පෙන්වද්දී රනිල්ට හිට්ලර් පෙනෙයි! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

ප්‍රමාණවත් කරුණු නැත! අල්ලස් පනතෙන් නඩු දාන්න කිසිම තොරතුරක් නැත! අල්ලස් කොමිසම දැනුම් දෙයි! පොහොට්ටුව-UNP එක-ජවිපෙ සහ මාධ්‍ය සජිත්ට මඩ ගහපු එකට උත්තර එයි! (VIDEO)

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.