• About us
  • Contact us
Sunday, July 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපි ගියා ආපස්සට අහන්න-බලන්න ඒ ලස්සන යාපනය… සිංහල-දෙමළ මිනිස්සු ගත කරපු ආදරණීය ජීවිතය කියවන්න…

November 21, 2022
in Exclusive, Mahawanshaya
Reading Time: 9 mins read
A A
අපි ගියා ආපස්සට අහන්න-බලන්න ඒ ලස්සන යාපනය… සිංහල-දෙමළ මිනිස්සු ගත කරපු ආදරණීය ජීවිතය කියවන්න…
Share on WhatsAppShare on Facebook

යාපනය දිස්ත්‍රික්කය යන නම ඇසූ විට මුළු ප්‍රදේශයේම එකදු සිංහලයකු හෝ සිංහල නමක් හෝ සොයාගැනීමට කිසිවකු බලාපොරොත්තු වන්නේ නම් නැත. උතුරේ වාර්ගික භේදය පදනම් කරගත් දේශපාලනය මුල්වූ පසුගිය වකවානුව තුළ දෙමළ ජනතාවට මෙන්ම සිංහල ජනතාවටද යාපනයේ ජීවත් වීම බොහෝ සෙයින් අර්බුදකාරී විය. එදත් අදත් මේ ජාතිවාදී අදහස් ඇති දේශපාලකයන් ක්‍රියා කරන්නේ යථාර්ථය වසන් කර ජාතීන් අතර සංහිඳියාවක් නොව වාර්ගික භේදයක් ඇති කිරීමේ බලාපොරොත්තු ඇතිවය.

එදා තිබුණු යාපනය දැන් තිබෙන තත්ත්වයට වඩා වෙනස්ය. මීට වසර 30කට පමණ පෙර යාපනයේ විසූ සිංහලයෝ ගණනාවක් අදටත් තම උරුමය සොයා පැමිණ නාවක්කුලි නම් ගම්මානයේ ජීවත් වෙති. අදටත් ඔවුන් එදා යාපනයේ සතුටින් ජීවත් වූ ආකාරය සිහිපත් කරන්නේ නැවතත් එවන් අර්බුදකාරී වාතාවරණයක සේයාවක් හෝ නොපතමිණි. ඔවුන් ආදරණීය අතීත මතකයන් ආශාවෙන් සිහිපත් කරන්නේ එවක තරුණ වියේ පසුවූ නමුත් දැන් ඔවුන්ගේ මැදි විය පසුකරමින් සිටින නිසාවෙනි. ඔවුන් ජීවත් වූ ප්‍රදේශයක ජීවිතයේ අවසාන අදියර ගතකිරීමට හැකි වීම ගැන ඔවුන් තුළ ඇත්තේ පුදුමාකාර සතුටකි. විටෙක මේ යාල් ආගන්තුකයා සමග දොඩමලු වූ 70 වැනි වියේ පසුවූ අයෙක් තම අතීතය දිගහැරීමට පටන් ගත්තේය.

‘මම මුලින්ම යාපනයට ආවේ 1949. එතකොට මම පොඩි ළමයෙක්. මගේ බාප්පලා පදිංචි වෙලා හිටියේ යාපනේ. මම ඇවිත් මාමා ළඟ නැවතුණා. ඔවුන් මෙහි කරමින් සිටියේ චන්ද්‍රා බේකරිය නමින් විශාල බේකරියක්. මාමා 1920 ගණන්වල සිට යාපනයේ පදිංචි වෙලා ඉඳලා තියෙනවා. එදා යාපනයේ බේකරි පවත්වාගෙන ගියේ සිංහල අයයි. මමත් පොඩි කාලේ බේකරි වැඩවලට සහාය වුණා. සිංහල දෙමළ කියලා භේදයක් තිබුණේ නැහැ. එතකොට බේකරි, ස්වර්ණාභරණ කඩ, වඩු කඩ වගේ දේවල් කරන්නේ සිංහල අය තමයි. ඒ දවස් හරිම ලස්සනයි…. මට හොඳට මතකයි 1958දී පමණ සමහර දෙමළ ජාතිකයන් ‘ශ්‍රී’ ලිපියට එරෙහිව උද්ඝෝෂණ කරන්න පටන් ගත්තා. නමුත් සිද්ධීන් මේ තරම් විශාල ප්‍රමාණයකට වර්ධනය වේ යැයි කිසිවෙක් සිතුවෙ නැහැ. මම එතකොට විවාහ වෙලා මගේ බිරිඳ එක්ක යාපනයේ ජීවත් වුණා. ‘ශ්‍රී’ සිද්ධීන්වලින් පසුවත් අපි දිගටම යාපනයේ ජීවත් වුණා. ඊට පස්සේ කරදර පටන් ගත්තේ 1977දී. අපි යාපනයෙන් පිටත් වෙලා අනුරාධපුරයට ආවා. නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත් වූ පසු අපි ආයෙමත් යාපනයට ගියා. නමුත් 1983 යාපනේ සාමකාමීව ජීවත් වෙන්න බැරි තත්ත්වයක් ආවා….’

දශක තුනකට ඉහතදී සිංහල දමිළ භේදයකින් තොරව එකිනෙකා අතර ගොඩනැඟුණු ඒ කැලඹුණු මනස තුළ ඇති වූ හැඟීම් අපට අදටවත් නිවැරැදිව පැහැදිලි කළ නොහැක. බොහෝ දෙනාට හිමිවූයේ ඔවුන් උපයාගත් සියල්ල අත්හැරීම පමණක්ය. එදා යාපනයේ සිංහලයන් 15,000කට වැඩි පිරිසක් සිටි අතර ඔවුන් පවත්වාගෙන ගිය බේකරි 480කට ආසන්න ප්‍රමාණයක් විය. අද තැපැල් පෙට්ටියකින් පමණක් සලකුණු කළ හැකි යාපනයේ සිංහල මහා විද්‍යාගාරයට විශාලම විද්‍යාගාරයක් පවා හිමිව තිබූ කාල වකවානුවක ඔවුහු තම ජීවිත ගත කළහ. ජඩ දේශපාලනය හමුවේ මෙසේ ලක් දෙරණ ජාතිවාදය නමැති අතකොළුව හේතුකොට ගෙන දෙකඩ විය.

මෙවන් පසුබිමක් මුල්කරගෙන තම ජීවිතය ගතකළ අපූරු කවියකුගේ අත්දැකීම් හා පරිකල්පනය මුල් කරගනිමින් ගෙතුණු කවියක් මෙසේ හුවාදක්වමි. ඒ දමිළ කවි උමා වරදරාජා මහතා පදබැඳ ඇති අතර, ඉබ්නූ අසූමත් මහතා විසින් පරිවර්තනය කළ ‘කළුවරේ ආලෝකය’ නම් පැදියයි.

මරණයේ වියළි කොළ සමග
කුරුල්ලා නන්නත්තාරයේ ඇවිදින කාලයයි
ග්‍රීස්ම නැතිවූවන්ගේ
සිරුරු සමග
හුස්ම හිරවී ඇත
මෘතශරීරාගාරවල
සියල්ලන්ම
තම තමන්ගේ තුඹස තුළ
සර්පයින් වූහ…

සෝදා පිසදා ඇත
මළ සිරුරු මාවත
දුම් සේ පාවී
පාර මාරු වන එකියක්
වට පිට බලයි…

තම සැමියා වෙඩි කා
මියගිය ස්ථානයේ
මෙවසරේද
සුළඟ සමග පොරකා
පහනක් දල්වන්නේය….

මේ කතා පැදි ගී වැල්වල අරුමය මා සංචාරය කළ යාපන අර්ධද්වීපයේ ඉසව්වන් සිසාරා මා තුළ රූපණ චිත්‍ර ගොඩනැඟුවේය. විටෙක මා සංචාරය කළ බටහිර ආක්‍රමණ හමුවේ පෘතුග්‍රීසි, ලන්දේසි හා ඉංග්‍රීසින් යන උදවියගේ ආභාෂය ගෘහ නිර්මාණ ශිල්පය ආශ්‍රිතව නගර ඉදිකිරීම ආශ්‍රිතව බොහෝ සෙයින් දැකිය හැකි පුරාවිද්‍යා සාධක ඇති නෙඩන්තිව් නොහොත් ඩෙල්ෆ්ට්, නයිනතීව් නොහොත් නාගදීපය, මන්ඩතිව් නොහොත් මකුළුදූව, පුන්කුඩතිව් හෙවත් පුවන්න දිවයින හා අනලතිව් ආදී වූ සංචාරක ආකර්ෂණය දිනාගත් අපූරු නිසංසල ගමනාන්තයන් වුවත් ඒ අවට ගෙතුණු අතීත ආවර්ජනා මෙන්ම වත්මන් කතිකාවත් බොහෝ සෙයින් නීරස වන්නේය. විඳගන්න යාල් අරුමැසිය නිල් දියඹට ඇදෙන වඩ තාරකී නැවට ගොඩවී ඩෙල්ෆ්ට් දූපතේ උසාවි සංකීර්ණය අසල වූ පෞරාණික පරෙවි කූඩුව, ලන්දේසින් ඉදිකළ ඉංග්‍රීසින් පාලනය මෙහෙයවීමට යොදාගත් ඕලන්ද ඉස්පිරිතාලය, උසාවි සංකීර්ණය, කොරල් ගල් බැමි, රංචු පිටින් සැරිසරන කැලෑ අශ්වයන්, ශ්‍රී ලංකාවේ ඉතාමත් ආකර්ෂණීය බයෝබැබ් ගස, යටත්විජිත අතීතයෙන් මීකානම් කොටුව, ක්වීන්ස් කුලුන හෙවත් ක්වින්ඩා කුලුන, කොරල් ගල්වලින් සෑදූ චෝලයින් විනාශ කළ ස්ථූපයක නටබුන්, හින්දු පිල්ලෙයාර් කෝවිල් භූමිය අසල වැඩෙන ගල්, බි්‍රතාන්‍ය අශ්ව ගාලේ නටබුන්, අතුපතර විසිරුණු විශාල නුග ගස, යෝධ පාද සටහන, චෝලයන් කඩාදැමූ ශිවන් කෝවිල හා ඩෙල්ෆ්ට් බීච් නරඹා නමුත්, දැනගන්න මහ මුහුද පවා නූහූලන කතා බොහොමයක් මේ බිම්හි ශේෂවී ඇති වග.

මන්ද දූපත් සංචාරය ඔබට බොහෝ සෙයින් සංචාරක අත්දැකීම් එක් කළද ධීවර කර්මාන්තය සමග පොරබදන දූපත්වාසීන්ගේ ජීවිත නම් එදත් අදත් එතරම් මිහිරි නොවූයේ යාපනේ සිට ගෙන එන එළවළු, පලතුරු පමණක් නොව කිරි පැකට්ටුවේ පවා මිල විකුණුම් මිලට වඩා රුපියලකින් හෝ වැඩි වූ නිසාවෙනි. ඔවුනට අපට මෙන් විදුලි රැහැන් නැත. ඇත්තේ ඩීසල්වලින් ජවය දෙන විදුලි ජනන යන්ත්‍ර කිහිපයකි. හදිසි ප්‍රතිකාරයක් වෙනුවෙන් හෝ හදිසි දරු ප්‍රසූතියක් සඳහා යාපනය ශික්ෂණ රෝහලට පැමිණීම බොහෝ සෙයින් අභියෝගයක් වූ නිසාවෙනි. මන්ද මේ දූපත් අතර ප්‍රවාහනය සිදුවන්නේ ෆෙරී නොහොත් බෝට්ටු බස් හරහා නිසාවෙනි. නිවාස වටා වූ කොරල් ගල් බැමි කොතරම් ශක්තිමත් වූවත් ඉදිකිරීම් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය නගරයේ සිට දූපත් කරා ගෙන ඒම කුඩා යාත්‍රා හරහා සිදුවේ. තවද දූපත් සංචාරයේදී නෙත ගැටුණු විශේෂ යමක් වූයේ බ්‍රේක් පැඩල් ඉවත් කළ පාපැදියි. ඔවුන් දූපතට ගෙනෙන බයිසිකල් සියල්ලේම බ්‍රේක් පැඩල ඉවත්කර ඇත්තේ ලවණ සුළඟ නිසා පලුදු ගැසුණු තැන්වල සිදුවන ඛාදනය වැළැක්වීමටයි. මොවුන් බොහෝ සරල දිවි පැවැත්මකට හුරුවූ උදවියය. අදටත් මොවුන්ගෙන් එක් අයකුට හෝ මනාව සිංහල භාෂාව හැසිරවිය හැක්කේ එදා තිබූ වෙළෙඳාම හා බැඳි සම්බන්ධකම් මෙන්ම කොළඹ සේවය කළ උගත් ප්‍රජාව නිසා වූවා විය හැකිය. කෙසේ වෙතත් මේ ගෙවී යන්නේ අපේම සහෝදරත්වයේ තවත් එක් අපූරූ දශකයකි. තල් රුප්පාවේ ගෙපැලේ පිළිකන්නේ වූ ලිපේ ඉදෙන ඕඩියල් පිට්ටුව, තල් පිටි පිට්ටුව සමග හැදෙන මුහුදු මාළු කරිය හෝ වැල්ලේ වේලූ මුහුදු කරවල හොද්ද සමග කැවෙන ආහාර වේලත්, සීමිත යටිතල පහසුකම් සමග ජීවත්වන දූපත්වාසීන් දකින යාල් ආගන්තුකයාගේ උපකල්පනය නම් අසමානතාව රජයන සමයක විෂම අන්දමින් සම්පත් බෙදීයන කල කොළොම්පුරේ සිරි මෙහි බැලීමට නම් බලපුළුවන්කාර දේශපාලනය හමුවේ කල්ප කාලාන්තරයක් යාවි යන්නයි.

යාපනේ සිට කුරුවික්කඩ්ඩුවාන් ජැටියට ළඟාවීමට මත්තෙන් වූ පුන්කුඩුතිව් නම් ‘අතහැරීම’ යන්න මනාව සංකේතවත් කරන තවත් ප්‍රදේශයකි. විශාල පෙරුක්කු මරම් නොහොත් බයෝබැබ් ගස නැරඹීමටද, කැල්වියන් තුඩුව හරහා පියඹා එක රාජ සියක්කාරයන් නැරඹීමට හා ඡායාරූපකරණයට මේ ඉසව්ව ප්‍රචලිත වුවද ඊට එහා ගිය යමක් මේ බිමේ තවමත් ශේෂ වී ඇත. කීමට කාරි නැත. දූපත් සංචාරය කරන කල්හි මේවාද නැරඹීමට අමතක නොකළ යුතුය. දොර ජනෙල් මෙන්ම උළුවසු ගැලවූ ගෙවල් දොරවල් දකින කල්හි දැනෙන හැඟෙන බොහෝ දේ ඇත. මේ කාරණය මනාව පසක් කරමින් යාපනේ යොවුන් කිවිඳිය ෂර්මිලා විනෝතිනී විටෙක මෙසේ පද අමුණයි. ඒ, ඉබ්නූ අසුමත් පරිවර්තනය කළ ‘ගෙරවීම’ නම පැදි පෙළයි. ඇය මෙසේ විමසන්නේ කවුරුන්දෝ වැපිරූ බීජ නිසාවෙන් ගොඩනැගුණු විසල් රුක් ගොමුවක් ශක්තිමත් මූල පද්ධතියෙන් උදුරා දැමිය නොහැකිව මේ භූමිය තවමත් හඬන බවයි. අදටත් හමා එන සිසිල දෙන සුළඟ හෝ වැස්ස ඔවුනට සිසිලස ලබා නොදුන්නේය. නිරතුරුවම ඔවුන් පැතුවේ අත්පා හකුළාගෙන සිටිනවාට වඩා දෙඅත් දෙපා විහිදා දිව යා හැකි විසල් එළිමහනක්මය.

කවුරුන්දෝ වැපිරූ බීජ
කවුරුන්දෝ දැමූ පස
කවුරුන්දෝ හැදූ කූඩුව
කවුරුන්දෝ කළ දිවුරුම
කවුරුන්දෝ ඉසූ මල්
කවුරුන්දෝ වාදනය කළ ගීත
කවුරුන්දෝ වැගිරූ කඳුළු
සියල්ල කවුරුන් විසින් හෝ
බද්දට ගත් පසු…

කා වෙනුවෙන්දෝ සිසිල වූ සුළඟද
කා වෙනුවෙන්දෝ හඹා ආ වැහි පොදද
කා වෙනුවෙන්දෝ හැඬූ වැස්සද
කා වෙනුවෙන්දෝ දියව ගිය පසද
කා වෙනුවෙන්දෝ සරුසාර වූ භූමියද
හඬන හඬ කාහටවත් නො ඇසේ….

මන්ඩතිව් සංචාරයේ අතරවාරයක හමුවූ සෙල්වරාජා යාල් ආගන්තුකයාට මෙසේ ආමන්ත්‍රණය කළේය.

‘එදා අනූව දශකයේ යුද්ධයේ අභිමුව මා දෑස් අහිමි වූයේ බොහෝ අවාසනාවන්ත අන්දමටය. නමුත් මගේ බිරින්දෑ මට හමුවූයේ මා අන්ධ අයෙක් වූ පසුවය. ඇය උප්පත්තියෙන්ම අන්ධභාවයට උරුමකම් කීවාය. සංචාරක ආකර්ෂණය දිනාගත් මන්ඩතිව් කඩොලාන පරිසරයකින් වට වූ අපූරු දූපතකි. ධීවර වෘත්තියට අමතරව සංචාරක කර්මාන්තය අපූරුව නඟාසිටුවිය හැකි භූමියක් වන මෙහි ජනගහනය ඉතා ඉහළ අගයක් නොගනී. කයිට්ස් දූපතට යෑමට පෙර හමුවන මෙම දිවයිනට පසෙකට වන්නට ඇති පන්නායී කෝස්වේ සිට බලන කල දර්ශනය වන ‘කුරුච්චාඩතිව්’ නැත්නම් කුරුකුඩා දූපතේ ශාන්ත අන්තෝනි මුණින්ද්‍රයාණන්ගේ ඉතා පැරණි දේවස්ථානයේ වාර්ෂික උත්සවය මේ වසරේදීත් ගුරුනගර් ධීවර ප්‍රජාවගේ සහභාගිත්වයෙන් සිදුවිය. දූපත අවට ඇති කුඩාම දූපත් පවා කොඩිවැල්වලින් සරසා අපූරු ලෙස පැවතිණි. වෙනදාට බටහිර අහසේ ගිලීයන සූර්යයාත් සමග දර්ශණය පථයෙන් මැකී යන මේ පුංච් දූපත විදුලි ආලෝකයෙන් දීප්තිමත් වී තිබිණි. වසරේ දින කිහිපයක් පමණක් පැවැත්වෙන මේ උත්සවය වෙනුවෙන් විදුලිජනන යන්ත්‍රයක්, ට්‍රැක්ටරයක් පටවාගෙන ඇවිත් කෝස්වේහි කොනේ නවත්වාගෙන කළපුව මධ්‍යයේ වූ කතෝලික පල්ලියේ දේව මෙහෙයට විදුලිය සපයයි. මේ යථාර්ථයයි. සංචාරයට එහා ගිය ගවේෂණයේ කතිකාවයි මේ….’

‘ඔය ට්‍රැක්ටරයේ උඩ ඉන්න මහත්තයාට කතාකරලා ඇහුවම කියන්නෙ ඔන්න ඉතින් ඩීසල් ලීටර් තුනකින් පැයක කාලසීමාවක් දේවස්ථානයට විදුලිය ලබාදෙන්න ඕන කියලා…’

කෝස්වේ ඉඳලා ඈත බලද්දී පොඩිම පොඩි කූහුඹුවන් ගානට තමා ඔන්න වන්දනාවේ ගිය බැතිමතුන් පෙනෙනුයේ. දේව මෙහෙය අවසන් වුණු විගස එකා දෙන්නා දණක් පමණට ගැඹුරු වූ කළපු දිය හරහා පැමිණෙමින් ධීවර බෝට්ටුවලට ගොඩවෙයි. ‘අපේ රහස්’ නමින් ආලියාල් නම් දමිළ කිවිඳිය පදබැඳි, සිංහල පරිවර්තනය ඉබ්නු අසූමත් මහතා විසින් සිදුකළ මේ කවිය මෙසේ දක්වමි.

‘මුහුදු වෙරළවල්හි
කෙසේ කෙසේ වළලා ඇද්ද
අපෙන් රහස්…

ඇඟිලි ඉරිවලින් මකන ලද ඒවාද
කකුලේ මාපටැඟිල්ලෙන් පොඩිකර වැළලූ ඒවාද
කකුල් තෙමෙනා විටදී
පාදය සමග ලිස්සා ගිය ඒවාද
වැලි කොටුව මෙන් නැඟී සිටිය ඒවාද
හාරන ලද වළ තුළ වැටුණු ඒවාද මෙන්
කොපමණ රහස්ද වළලා ඇත්තෙමු
මුහුදු වෙරළවල
කොපමණක් දියකර ඇත්තෙමුද
මෙම මුහුදු පෙණවල…

මන්නාරම් ගල්ෆ් කලාපයේ සංචාරය අතරවාරයේ ඉන්දියාව හා අත්වැල් බඳින මන්නාරම් දූපත්, මන්නාරමට රැකවල් දුන් මන්නාරම් බළකොටුව, ඩොරික්ගේ ගඩොල් මාලිගය, රාමාට ලංකා පුරයට මං තැනූ ආදම්ගේ පාලම, දියඹ පුරා විහිදි ධීවරයෝ, අත්වැල් බැඳිය හැකි බයෝබැබ් ගහ, මල්වතු ඔයේ ද්වාරය, මාතොටට නුදුරින් වූ තිරුකේතීෂ්වරම්, මුතුපර ඇති අරිප්පු හා මාතොටින් එන උතුරු සුළඟේ ගිනි සිඹින මඩුපල්ලිය සංචාරය කරන කල්හි වරෙක මා හා සංවාදයේ යෙදුණු ගේය පද්‍ය රචක මන්නාරමේ විසූ සරත් ජාගොඩ මහතා ඔහුගේ පැදියක් මෙසේ හුවමාරු කරගත්තේ අතීතයේ සිදුවූ යුද ගැටුම් අතරේ පාස්කු ප්‍රහාරය සේම මඩු මාතාවගේ සිදුවූ සංහාරය හුවාදක්වමිනි. තවමත් සංහිඳියාව නම් වූ බීජය වපුරා හෝ පස් පොහොර දමා රෝපණය කිරීමට නම් වෙහෙසක් දරා නොමැත.

‘ජපමාලේ
මඩු මෑණියනි
කළුවර වුණු
මඩු මඟුලේදී
නැතිවුණු කොන්තය එවන්න
වෙඩි වැදිලා
පණ අදිනා
පරෙවි කුරුල්ලෙක් අතවත්
මඩු මඟුලම
කළුවර කළ
ජුදාස්ලාට
ඔරසං පද
කියාදෙන්න…

විල්පත්තුවේ
අඳුන් දිවි හිනාව බියකරුයි
තල්අඩි මහ මඟ බැඳි
තල් පවුර හරි උසයි
නාච්චදූවේ
දියවර කඳ
රජරට වේ නම්
අරවිආරු මල්වතු ඔය
නෑකම් බෝමැයි

මඩු පල්ලියේ
අපි කිව්වේ
එකම ඔරසමයි
තල් අල තල් හකුරු
කෑව
බිය සැක නැතිවයි
මේ ඔක්කොම අපට දුන්නේ
මේ මහ පොලවයි
මේ සේරොම උදුරගත්තේ
මේ යුද්ධයමය…

මෙම ගීතයට පාදක වන්නේ ක්‍රිස්තු චරිතයයි. එකල ජේසුස්ගේ අවිහිංසාවාදය ඉවසා විඳදරාගත නොහී පාලකයන් ජේසුස් සිරගත කරන ලදී. එහිම බරබස් නමැති අපරාධකාරයාද සිරගතවයි පසුවන්නේ. ජුදාස්ලා නම් යුදෙව්වන් ජේසුස් ඝාතනයට හෙරෝද් වෙතින් නියෝගයක් අයැද සිටියද, එය සූක්ෂ්ම ලෙස හෙරෝද් විසින් මඟහරිනු ලැබූහ.

ඊළඟට යුදෙව්වන් පිලාත් නම් ආණ්ඩුකාරයා හමුවී ජේසුස් ඝාතනයට නියෝගයක් ඉල්ලා සිටියද, පළමු අවස්ථාවේ එය ව්‍යර්ථ විය. නමුත් අවසානයේ ප්‍රයෝගයක් ලෙස බරබ්බස් හා ජේසුස් මහජනයා ඉදිරියට පමුණුවා ඝාතනය කළයුතු වන්නේ කවුරුන්ද යන්න මහජනයා වෙතින් විමසා සිටින ලදී.

එහිදී මහජනතාව අතරට යොදවා සිටින හෙරෝද් හා පිලාත් ඇතුළු පාලකයන්ගේ මිනිසුන් විසින් හඬ නගනුයේ බරබ්බස් නමැති අපරාධකරු වෙනුවට ජේසුස් ඝාතනය කළ යුතු බවයි. එය මුලුමහත් රටවැසියාගේ ඉල්ලීමක් ලෙස ප්‍රයෝගකාරීව හුවාදක්වමින් ජේසුස්වහන්සේ කෲර ලෙස ඝාතනයට පත්කරනු ලබන ලදී. මෙම සිදුවීම මෙරට සිදුවුණු පාස්කු ඛේදවාචකය හා සමපාත කිරීමකි ‘ජේසු මගේ’ ගීතයට මා අතින් තේමාගත වී තිබෙයි.

ලිබියාවේද මෙවැනිම ඛේදවාචකයක් සිදුවී තිබෙන අතර එය අරාබි වසන්තය ලෙසින් හැඳින්වෙයි.

මා ගිය සංචාර අතරේ මුණගැසුණු බොහෝ දෙනා ඇත. කරුණු දැක්වූ මං සටහන් බොහෝ ඇත. මේ සියල්ල මට ඉගැන්වූයේ අපූරූ අත්දැකීම්ය.

එසේ නම් මා මඟ පෙන්වූ මේ මංපෙතේ ඇවිද එනු ඒ යාල් අරුමැසිය විඳීමට….



විදුනි බස්නායක

SendShareShare
Previous Post

සජබ මන්ත්‍රී කණ්ඩායම රැස්වෙයි! අයවැයට විරුද්ධව ජන්දය දෙන්න ඒකමතික තීන්දුවක් ගනී!

Next Post

අපි හෙළි කළා වගේම ඉන්දීය ආරක්ෂක උපදේශක ‌දෝවාල් ඊයේ රෑ ආවා! තීරණාත්මක සාකච්ඡා ගණනාවක් පැවැත්වුවා! අද රෑ යනවා! EXCLUSIVE

MORE NEWS

Exclusive

අමරපුර මහා නිකායේ රාජ්‍ය මහෝත්සවයට ආ අනුර කතා නොකරම උත්සවය මැදදී නැගිට ගියේ ඇයි? අස්සජි හිමියන් කරපු කතාවට හිත රිදිලද? රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Exclusive

විරෝධය හමුවේ ආණ්ඩුව අඩියක් පස්සට ගනී! උපරිමාධිකරණ විනිසුරුවන්ට විතරක් නැතිව සියලුම විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 2කින් දීර්ඝ කරන්න සූදානම් වෙයි! I Sri Lanka Latest News

අනුර මාලෙට ගොඩබැස්සා! පිළිගත්තේ මාලදිවයින් ජනාධිපතිතුමා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

16 අනුර ප්‍රංශෙ යන්නෙ නෑ! I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩු එනවා යනවා! නායකයෝ එනවා යනවා! ප්‍රතිපත්ති වෙනස් නොවිය යුතුයි! විනිසුරුවන්ගේ ධූර කාලය දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ උත්සාහයට එරෙහිව නීතීඥ සංගමයෙන් තවත් සම්මන්ත්‍රණයක්! VIDEO I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ ගැන බය හිතෙන කතාවක් කාලගුණෙන් එළියට දමයි! ඔක්තෝබර්-නොවැම්බර් භයානකයි!  I Sri Lanka Latest News

වහන් හිටපු හෝමුස් ඇරෙයි! අවුලක් නැතිව නැව් යනවා! බොරතෙල් මිලත් 16%කින් බැස්සා! මෙහේ තෙල් මිලත් දැන් තිබ්බ ගාණට අඩු වෙයිද? I Sri Lanka Latest News
Exclusive

ඉරානය හෝමුස් සම්පූර්ණයෙන්ම වහයි! තුන්වන ප්‍රහාර වටයට අමෙරිකාව ලකලෑස්ති වෙයි!  I Sri Lanka Latest News

Load More
Exclusive

අමරපුර මහා නිකායේ රාජ්‍ය මහෝත්සවයට ආ අනුර කතා නොකරම උත්සවය මැදදී නැගිට ගියේ ඇයි? අස්සජි හිමියන් කරපු කතාවට හිත රිදිලද? රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

උතුරෙන් තමිල්නාඩුවට තමිල්නාඩුවේ මහජන විප්ලවයකින් බලය අල්ලා මහඇමැති ධුරයට පත්වූ සුපිරි නළු තලපති විජේ දිවුරුම් දෙන විටදී අප ‘රාජ්‍ය රහස්’...

Read more

විරෝධය හමුවේ ආණ්ඩුව අඩියක් පස්සට ගනී! උපරිමාධිකරණ විනිසුරුවන්ට විතරක් නැතිව සියලුම විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 2කින් දීර්ඝ කරන්න සූදානම් වෙයි! I Sri Lanka Latest News

අනුර මාලෙට ගොඩබැස්සා! පිළිගත්තේ මාලදිවයින් ජනාධිපතිතුමා! PHOTOS I Sri Lanka Latest News

16 අනුර ප්‍රංශෙ යන්නෙ නෑ! I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News

ආණ්ඩු එනවා යනවා! නායකයෝ එනවා යනවා! ප්‍රතිපත්ති වෙනස් නොවිය යුතුයි! විනිසුරුවන්ගේ ධූර කාලය දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ උත්සාහයට එරෙහිව නීතීඥ සංගමයෙන් තවත් සම්මන්ත්‍රණයක්! VIDEO I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

එල්-නිනෝ ගැන බය හිතෙන කතාවක් කාලගුණෙන් එළියට දමයි! ඔක්තෝබර්-නොවැම්බර් භයානකයි!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.