දෛනිකව අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් 400 දෙනෙකු පමණ රක්ෂිත බන්ධනාගාරගත වන බව අධිකරණ හා බන්ධනාගර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කළේ, බන්ධනාගාරවල රැඳවියන් සංඛ්‍යාව මේ වනවිට 26,000 ඉක්මවා ඇති බවයි.
බන්ධනාගාර තදබදය අවම කිරීමට ඒ සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය වී ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.










