හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ නිල නිවෙසින් සොයා ගනු ලැබූ සීඩී පටවල අන්තර්ගත හඩපටි හේතුවෙන් මේ වනවිට ක්ෂේත්‍ර රැසක පිරිසක් දැඩි කලබලයට පත්ව සිටින බව වාර්තා වේ.
මේ වනවිටත් පොලිසිය, අධිකරණ, දේශපාලන ක්ෂේත්‍රවල සේවයේ නියුතු සහ විශ්‍රාමික නිලධාරීන් කිහිප දෙනකුගේ හඩපටි සමාජ මාධ්‍යවල සැරිසරන අතර තවත් ක්ෂේත්‍ර රැසක සිටින පුද්ගලයන් හා රාමනායක මහතා අතර සිදුව ඇති සංවාදවල හඩපටි කරලියට පැමිණීමට නියමිතය.
මේ තත්ත්වය මත රාමනායක මහතා සමග දුරකතන සංවාදවල යෙදෙුණු ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ බොහෝ මන්ත්‍රීවරුන් පිරිසක් මෙන්ම වෙනත් ක්ෂේත්‍රවල පුද්ගලයන්ද මේ වනවිට දැඩි කලබලයට පත්ව සිටින බවක් දැනගන්නට තිබේ.










