ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව පළමු වතාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුදු කමිසයකින් සහ සුදු සරමකින් සැරසී ආගමික වතාවන්වලට සහභාගී වනු දැකගත හැකි විය.
ඒ, රාජ්‍ය නායකයින්ට, විරෝධාර රණවිරුවන්ට රටට සහ ජනතාවට ආශිර්වාද පළ කරමින් ඉකුත් සතිඅන්තයේ කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැති සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවට සහභාගී වෙමිනි.
ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්වරයාව සිටි සමයේදීත්, ඉන් පසුවත් රාජකාරී අවස්ථාවන්හිදී යුරෝපීය ඇදුමින් සැරසී සිටි අතර ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව කමිසය සහ දිග කලිසම ජනාධිපතිවරයාගේ ඇඳුම වී තිබිණ.
ජනාධිපතිවරයා සිය පළමු නිල සංචාරය වූ ඉන්දියාවට ගොස් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි පවා හමුවූයේ මෙසේ සාමාන්‍ය ඇදුමකින් සැරසීය.
කෙසේවෙතත් ජනාධිපතිවරයා පසුගිය සතියේ නව පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කිරීමට පැමිණියේ පූර්ණ යුරෝපීය ඇදුමින් යුතුවය.










