ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරුන් හෙට (07) දිනයේදී කොළඹට කැදවීමට එහි සභාපති මෛත්රීපාල සිරිසේන මහතා සැලසුම් කර ඇත.
ඉදිරි මහමැතිවරණයේදී පොහොට්ටුව සමග එක්ව තරග වැදීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ජා කිරීමට නියමිතව ඇති අතර ඒ සම්බන්ධයෙන් ආසන සංවිධායකවරුන්ගේ මතය විමසීමද මෙහිදී සිදුකෙරෙනු ඇති බව පැවසේ.
එළඹෙන මහමැතිවරණයේදී සිරිසේන මහතා පොලොන්නරුවෙන් තරග වැදීමට සූදානමින් සිටින බව ද දැනගන්නට ඇත.










