අද පැවැති අලව්ව ප්‍රාදේශීය සභාවේ අයවැය ජන්ද විමසීමේදී පාලක පොහොට්ටුව දෙවන වතාවටද පරාජයට පත්විය.
එහි මුලු මන්ත්‍රී සංඛ්‍යාව 28ක් වන අතර අයවැයට පක්ෂව ලැබී තිබුණේ ජන්ද 9ක් පමණි.
අයවැයට විරුද්ධව ජන්ද 17ක් ලැබී තිබිණ.
පොහොට්ටුවට එහි මන්ත්‍රීවරුන් 15ක් සිටියද ඉන් අයවැයට පක්ෂව ජන්දය දී තිබුණේ 05 දෙනකු පමණි.
පොහොට්ටු මන්ත්‍රීවරුන් 9 දෙනකු අයවැයට විරුද්ධව ජන්දය දුන් අතර දෙදෙනෙක් පැමිණ තිබුණේ නැත.










