• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රහත් කියලා කියාගත්තු සිරිසුමන හාමුදුරුවෝ තිලිණි එක්ක කරපු සියල්ල CIDයේදී එළියට එයි! තිළිණිගේ ‘රත්තරන් පොලු’ තිබිලා තියෙන්නේ පන්සලේ රහස් කුටියක! තිළිණිගෙ නිළියො එක්කත් හාමුදුරුවො ළඟින්ම වැඩ කරලා! හාමුදුරුවො ව්‍යාපාරිකයන්ට තිළිණි ගැන චරිත සහතිකත් දීලා!

November 2, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
රහත් කියලා කියාගත්තු සිරිසුමන හාමුදුරුවෝ තිලිණි එක්ක කරපු සියල්ල CIDයේදී එළියට එයි! තිළිණිගේ ‘රත්තරන් පොලු’ තිබිලා තියෙන්නේ පන්සලේ රහස් කුටියක! තිළිණිගෙ නිළියො එක්කත් හාමුදුරුවො ළඟින්ම වැඩ කරලා! හාමුදුරුවො ව්‍යාපාරිකයන්ට තිළිණි ගැන චරිත සහතිකත් දීලා!
Share on WhatsAppShare on Facebook

ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වැනි මහලේ කාර්යාලයක් පවත්වාගෙන යමින් දැවැන්ත මූල්‍ය වංචාවක නිරත වූ තිළිණි ප්‍රියමාලිට කෝටිපතියන් රවටා මුදල් ගරා ගැනීමට ආධාර හා අනුබල දුන්නේ යැයි කියන බොරැල්ලේ සිරි සුමන නමැති භික්ෂුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ (01) අත්අඩංගුවට ගත්හ.

කඩවත වෑබඩ අරහත්තක සමාධි ආරණ්‍ය නමැති විහාරස්ථානයේ වැඩවාසය කරන මේ භික්ෂුව පෙනී සිටින්නේ මර්ගඵල ලැබූ රහත් භික්ෂුවක් ලෙසිනි.

උන්වහන්සේව අත්අඩංගුවට ගෙන ඇත්තේද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වෑබඩ උන්වහන්සේ වැඩසිටි විහාරස්ථානයට ගොසිනි.

මේ භික්ෂුව සමඟ තිළිණි ප්‍රියමාලි කිට්ටු ඇසුරක් පවත්වාගෙන ගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් කළ විමර්ශනවලින් අනාවරණය වී තිබේ. එහෙත් උන් වහන්සේ අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තුව හමුවේ සඳහන් කර ඇත්තේ ඇය විහාරස්ථානයට උදවු උපකාර කරන දායිකාවක මිස ඊට එහා ඇය සමඟ තමාට සම්බන්ධයක් නොතිබුණු බවත් කිසිදු වංචනික ක්‍රියාවකට තමන් වහන්සේ ඇය සමඟ සම්බන්ධ නොවූ බවත්ය.

ඇය විසින් විශාල වශයෙන් මුදල් විහාරස්ථානයට වැය කර ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

ඇය විසින් ව්‍යාපාරිකයන් රවටා මුදල් වංචාසහගතව ගැනීමෙන් පසු එම මුදල් ඉල්ලා ව්‍යාපාරිකයන් ඇයට කරදර කරන විට ඇය එම ව්‍යාපාරිකයන්ව රැගෙන ගොස් ඇත්තේ වෑබඩ පිහිටි උන්වහන්සේගේ ආරණ්‍යයටය. එහිදී උන්වහන්සේ එම ව්‍යාපාරිකයන්ට කාමරයක් විවෘත කර එහි ගොඩගසා ඇති රන් පොලු තොගයක් පෙන්වමින් එම රන් තිළිණිගේ බවත් ආරක්ෂාවට විහාරස්ථානයේ තබා ඇති බවත් පවසා රන් තොගය අලෙවි කිරීමෙන් පසු මුදල් දෙනු ඇතැයි පවසා ඇති බව වංචාවට හසු වූ ව්‍යාපාරිකයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවසා තිබිණි. ඊට අමතරව උන්වහන්සේ ඇතැම් ව්‍යාපාරිකයන්ව කොළඹදී මුණගැසී තිළිණිට චරිත සහතික දෙමින් ව්‍යාපාරිකයන්ව ඇගේ ව්‍යාපාරවල මුදල් ආයෝජනය සඳහා පොලඹවා ඇති බවද උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ රන් යැයි කියූ එම රන් පැහැති පොලු රන් නොවන බවත් පිත්තල කුට්ටි බවත්ය. ඒ එක් පිත්තල කුට්ටියක බර කිලෝ එකක් පමණ වන බවත් ටොන් දෙක තුනක බර කුට්ටි එහි තිබී ඇති බවත් විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

ඇය විසින් සිය සැමියා ලෙස සමාජය හමුවේ පෙන්වා දුන් ඇගේ සමාගමේ අධ්‍යක්ෂවරයකු ලෙස පත් කර ගෙන සිටි ඉසුරු බණ්ඩාර නමැත්තාට පවා රන් යැයි කියා විහාරස්ථානයේ තිබුණු පිත්තල පොලු 10ක් දී තිබී ඇත. එම රන් පොලු 10න් 08ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පිළිමතලාවේ පිහිටි ඉසුරු බණ්ඩාරගේ නිවෙසේ තිබී සොයාගෙන තිබිණි. වෑබඩ පිහිටි විහාරස්ථානයේ කාමරයක තිබුණේ යැයි කියන රන් කුට්ටි යැයි සඳහන් වූ පිත්තල පොලු සොයාද මේ වන විට විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. එම රන් කුට්ටිවලට සිදුවූ දෙයක් මේ වන විට සොයා ගැනීමට නැති බැවින් ඒ ගැනද විමර්ශනය ආරම්භ කර ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය.

මේ භික්ෂුව නිළියන් රැසක් සමඟ ද කිට්ටුවෙන් සම්බන්ධකම් ඇති බවත් තිළිණි ප්‍රියමාලි සමඟ ද සම්බන්ධ වී වැඩ කර ඇත්තේද එම නිළියන්ගෙන් පිරිසක් බවට ද තොරතුරු හෙළි වෙමින් ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කරයි.

බොරැල්ලේ සිරිසුමන හිමියන්ව අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන ඇත්තේ නීතිපති උපදෙස් මතය.

ඉදිරියේදී මෙරට මිශ්‍ර ආයෝජන සමාගමක නිලධාරිනියක ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගැනීමට නියමිතය. ඇය සම්බන්ධයෙන් විමර්ශනවලින් මතු වන කරුණු නීතිපති උපදෙස් ගැනීමට මේ වන විටත් ඇත්තේ යොමු කරමින් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය.

ගයාන් කුමාර වීරසිංහ

SendShareShare
Previous Post

අද විරෝධතාවට ඔක්කොම එකතුවෙද්දි ජවිපෙ මග හරින්නේ ඇයි? මඩ ගහන්නෙ ඇයි? සුදා පිටරට ඉඳන් තරිඳුගෙන් ප්‍රශ්න කරයි! (VIDEO)

Next Post

සැඟවුණු ස්ථානයක සිට හිරකරලා ඉන්න මුදලිගේගේ මල්ලි සමග කරපු සාකච්ජාවක්! (VIDEO)

MORE NEWS

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

Load More
සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය...

Read more
අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper