මේ රට විනාශ කලේ රාජපක්‍ෂලා විසින් බවත්, දැන් වැටී වැටී නැවත දේශපාලනයට එන්නේ එහි රස දන්නා නිසා බවත් මිහින්තලා රාජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ සඳහන් කරති.
ඔවුන්ට නැවත ඡන්දය දෙන්නේ නම් එම පිරිස් හරකුන්ටත් අන්ත බවත් උන්වහන්සේ පැවසූහ.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රුවන්මැලි සෑ පුදබිමෙහි දිවුරුම් දීම පැවැත්වීම සාපයක් වූ බවද ඒ සාපය පල දුන් බවද උන්වහන්සේ කියා සිටියහ.
භික්ෂූන් වහන්සේලා දේශපාලනයට පිවිසීම ගැන දැඩි විවේචන එල්ල කළ උන්වහන්සේ කියා සිටියේ භික්ෂූන් වහන්සේලා ආගමික කටයුතුවල නිරත වීම ප්‍රමාණවත් බවය.
‘මිහින්තලේට මේ දේශපාලන උන් මට ආවත් එකයි නාවත් එකයි රෙදි ගැලවිල ගියත් මම කියන දේ කියනව. ගෝඨාභයට රුවන්වැලි සෑය දිවුරුම් දෙන්න කියන්න ඇත්තේ අනුරාධපුරේ කාලි. දිවුරුම් දීපු තැන පොහොට්ටුව ජන්ද ලකුණ මේ රටට සාපයක් උනා. රටේ උන්ට මන්දපෝෂණය උන්ට අධිපෝෂණය. මෙහෙම ගියොත් හුස්ම ගන්න එකටත් ටැක්ස් ගහවි.රටේ ජාතිවාදය අවුස්සලා මේ මිනිහා ගෙනාපු එකට රටේ හාමුදුරුවෝ ඇතුළු හැම කෙනාම වගකිව යුතුයි’ යැයි උන්වහන්සේ කීහ.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් උන්වහන්සේ මෙම අදහස් පළ කර තිබේ.










