එක්සත් ජාතික පක්ෂයට එක්වීමට සූදානමින් සිටින බවට සමාජ මාධ්‍යවල මත පළවූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද පෙරවරුවේ පුත්තලමේ පැවැත්වෙන පොහොට්ටුවේ රැස්වීමට එක්ව සිටියේය.
ඉකුත් මැයි මස 9 වැනිදා අරගලකරුවන් විසින් ගිනි තබා විනාශ කරන ලද රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ නිවස පිහිටි ස්ථානයේ මෙම ජනරැළිය සංවිධානය කර තිබුණි.
ජන රැළියට සහභාවීමට පෙර ඇමතිවරයා නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, හිටපු අමාත්‍යවරුන් වන ගාමිණි ලොකුගේ, නාමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මධුර විතානගේ, සම්පත් අතුකෝරළ ඇතුළු පිරිස සමඟ විශේෂ සාකච්ඡාවක ද නිරතවූයේය.
අනතුරුව රැස්වීම පැවැත්වෙන ස්ථානයට ගිය ඇමතිවරයා රැස්වීම සංවිධානය කරමින් සිටි පිරිස සමඟ සාකච්ඡා කිරීමෙන් පසු පාර්ලිමේන්තුවේ අද (27) පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට සහභාගීවීම සඳහා නැවත කොළඹ බලා පිටත්වි ඇත.










