• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලෝක කුසලානෙත් ආසියානු කුසලානයේ කාබන් කොපිය වෙයිද?

October 25, 2022
in Exclusive, Sports
Reading Time: 4 mins read
A A
ලෝක කුසලානෙත් ආසියානු කුසලානයේ කාබන් කොපිය වෙයිද?
Share on WhatsAppShare on Facebook

නැමීබියාවට එරෙහිව ඔක්තෝබර් 16 වැනිදා ලද තරග පරාජය වේදනාත්මකය. කණ්ඩායම් 12 දෙනාගේ තරග වටයට ඇතුළත් වීම සඳහා වන ‘යතුර’ පහසුවෙන්ම ලබාගැනීමට තිබූ එක් වේදිකාවක් වූයේ එම තරගයේ ජය අත්කර ගැනීමයි. එහෙත් ශ්‍රී ලංකාව එදා අනපේක්ෂිත පරාජයකට මුහුණ දුන්නේය. වේදනාව නම් කෙසේ හෝ ඉවසාගත හැකිය. ශ්‍රී ලංකාව නැති ලෝක කුසලාන තරගාවලියක් ලබ‌න නොවැම්බර් 13 වැනිදා තෙක් කෙසේ නරඹන්නද…?

ක්‍රිකට් තරගයක එකිනෙකාට වෙනස් විවිධාකාර අපේක්ෂාවන් පැවැතීම සාමාන්‍යය. එහෙත් ඉකුත් බ්‍රහස්පතින්දා ජීලොංග්හි පැවැති ශ්‍රී ලංකා – නෙදර්ලන්ත තරගය සම්බන්ධයෙන් නම් කණ්ඩායමේ ක්‍රීඩකයන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සිට ශ්‍රී ලාංකේය ක්‍රීඩා ලෝලීන් දක්වා තිබුණේ එකම ප්‍රාර්ථනාවකි. ඒ එම තරග‌යෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ජය අත්වේවා යන්නයි.

කරුණු කීපයක් හේතුවෙන් මෙම තරගයේ ජය ශ්‍රී ලංකාවට වැදගත් විය. ඒ, ඒ වන විටත් තරග 2ක් ජයගෙන සිටි නෙදර්ලන්ත කණ්ඩායම ප්‍රසාද ලකුණු 4ක් සමගින් ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණේ සිටීමත්, ශ්‍රී ලංකාව එම සටහනේ තෙවැනි ස්ථානයේ රැඳී සිටීමත් නිසාය. ශ්‍රී ලංකාව සතු වූයේ අරාබි පිල පරදවමින් එක් කරගත් ප්‍රසාද ලකුණු 2ක් පමණි. සතුටට කරුණ නම් නෙදර්ලන්තයට වඩා ශ්‍රී ලංකාවේ ශුද්ධ ලකුණු වේගය ඉහළ තලයක පැවැතීමය.

එබැවින් එම තරගය ජය ගැනීම ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය විය. එහි වඩාත් භයානක පැතිකඩ වූයේ ජීලොංග් ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය විය. වර්ෂාව හරස් වුවහොත් ශ්‍රී ලංකාව එළියේය.

අවසානයේ ඒ සියල්ලම පසෙක ලමින් අත්‍යාවශ්‍යම තරග ජයග්‍රහණ ශ්‍රී ලංකාව වාර්තා කර ගැනීමත් සමග එතෙක් තිබූ හිතේ වේදනා සියල්ල බ්‍රහස්පතින්දා පස්වරුවෙන් පසු මැකී ගොසිණි. ඒ නෙදර්ලන්ත පිල පරාජය කරමින් දසුන් ඇතුළු පිරිවර කණ්ඩායම් 12 දෙනාගේ තරග වටයට ඇතුළත් වීමට සමත්වීම නිසාය.

ලද ජයග්‍රහණ දෙකත් ශුද්ධ දළ වේගයත් සමග ශ්‍රී ලංකාව දැන් ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණට පැමිණි නිසා කණ්ඩායම් 12 අතර තරග වටයේදී පළමු කාණ්ඩයට ඇතුළත්ව සිටින්නේය. ශ්‍රී ලංකාවේ පළමු තරගය කඩඉම් තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත් කණ්ඩායම සමගය. මෙම සටහන තබන ලද්දේ බ්‍රහස්පතින්දා (20) දිනයේ බැවින් එම ස්ථානයට සුදුසුකම් ලබන්නේ කවුරුන්ද යන්න සිකුරාදා දිනයේදී තීරණය වන්නට තිබිණි.

ලීග් තරග වටයක් ලෙසින් පැවැත්වෙන එම තරග වටයේදී ශ්‍රී ලංකාව තරග 5කට සහභාගි වනු ඇත. 25 වැනිදා සත්කාරක ඔස්ටේ්‍රලියාව සමග පර්ත්හිදී තරග වදින ශ්‍රී ලංකාව ලබන 29 වැනිදා නවසීලන්තය සමග සිඩ්නිහිදී තරග වදිනු ඇත. ඇෆ්ගනිස්තානයට එරෙහි තරගය නොවැම්බර් පළමුවැනිදා බි්‍රස්බේන් ක්‍රීඩාංගණයේදීද, එංගලන්තයට එරෙහි තරගය නොවැම්බර් 05 වැනිදා සිඩ්නි ක්‍රීඩාංගණයේදීද පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකාව යනු අමුතුම කණ්ඩායමකි. ඔවුහු පීඩනයේදී හොඳින් ක්‍රීඩා කරති. පීඩනය එතරම්මද, ඔවුන්ගේ දක්ෂතාද ඉහළය. එය අද ඊයේ සිදුවූවක් නොවේය. නැමීබියාවට එරෙහිව ලද පරාජයෙන් පසු බොහෝ දෙනා කීවේ මෙම ලෝක කුසලාන තරගාවලියද ආසියානු කුසලාන තරගාවලියේ තවත් ‘කාබන් කොපියක්’ වනු ඇති බවය.

සැබෑවකි. එය ඉකුත් ආසියානු කුසලාන තරගාවලියට පමණක් ලඝු නොවන්නකි. ඊට ටිකක් එහා හෙවත් මාස කීපයක් පසු පසට එබී බැලුවහොත්, එය මැනවින් දැකගත හැකිය. එය දිවයන්නේ අවසන් වරට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැති ලෝක කුසලාන තරගාවලිය වෙතටය.

එම තරගාවලියේදීද ශ්‍රී ලංකාව කඩඉම් තරගාවලියට ක්‍රීඩා කළේය. එම තරගාවලියේදී ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රබල වාග් ප්‍රහාර එල්ල කරමින් තරගයට පිවිසි බංග්ලාදේශයට තරු වීසිවෙන්න දුන්නේ ‘සිංහ තේජස’ යළි යළිත් ජාත්‍යන්තර පිටියේ ඉහළ රඳවමිනි.

අපරාජිතව එම තරග වටය හමාර කරන ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රධාන තරග වටයේදීද බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමද පරාජය කරමින් වැඩිම අවධානය දිනාගත් පෙරළිකාර කණ්ඩායම බවට පත්විය. අනතුරුව පසුගිය ජුනි, ජූලි සහ අගෝස්තු මාසයන්හිදී පැවැති ටෙස්ට්, එක්දින සහ විස්සයි – 20 තරගාවලිය සඳහන් කළ හැකිය. එවර ශ්‍රී ලංකාව පරාජය කරන ලද්දේ ප්‍රබල ඔස්ටේ්‍රලියාව සහ පාකිස්තානුවන්ය.

හොඳම මතකය ආසියානු කුසලාන තරගාවලියය. ඉහතින් සඳහන් කළාක් මෙන් එපරිදිමය. ඇෆ්ගනිස්තානය හමුවේ පරාජයට පත්වුණු ශ්‍රී ලංකාව බංග්ලාදේශය පරාජයට පත් කරමින් අළු ගසාදමා නැඟිට්ටේය.

ඉන් ලද පන්නරයෙන් නොනැවතුණු ශ්‍රී ලංකාව ඉන්දියාව, පාකිස්තානය නැවතත් බින්දුවට ඇද දමමින් 6 වැනි වතාවටත් ආසියානු ශූරයන් ලෙසින් කිරුළු පැලඳුවේය.

ඉදිරි තරග වටයේදී කනස්සල්ලට කරුණක් වෙතොත් ඒ ප්‍රධාන සංචිතයේ සිටි ක්‍රීඩකයන් කීප දෙනකුම ආබාධවලට ලක්ව තරගාවලියෙන් ඉවත්ව යෑමයි. දුෂ්මන්ත චමීර ඒ අතර ප්‍රධාන වන්නේය. ධනුෂ්ක ගුණතිලකද ආදේශ පිතිකරුවකු ලෙස අමතක කළ නොහැකි චරිතයකි. කෙසේ වෙතත් වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාව දෙස බැලීමේදී පෙර වසර කීපයට සාපේක්ෂව වෙනස්ම කතාවකි. එහි නියමුවා වන දසුන්, ක්‍රිකට් උඩුයටිකුරු කර තිබේ.

ශ්‍රී ලංකාවේ හෝ වේවා, ඔස්ටේ්‍රලියාවේදී හෝ වේවා, නවසීලන්තයේදී හෝ වේවා නැතිනම් එංගලන්තයේදී වේවා, ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන ඕනෑම තරගයකට ශ්‍රී ලංකේය නරඹන්නන් පැමිණෙන්නේ රොද බැඳගෙනය.

එබැවින් නුහුරු දේශයක වුවද සිය දේශීයත්වයේ සංකේතයක් වන පපරේ නාදයද සමග තරග වැදීමේ වාසනාව ශ්‍රී ලංකා කණ්ඩායමට තිබෙන්නේය.

SendShareShare
Previous Post

අර්බුද මධ්‍යයේ ලබාදුන් අඛණ්ඩ සහයෝගය ගැන කුකුළු මස් සංසදය හා බේකරි හිමියන්ගේ සංගමය ලිට්රෝ සමාගමට ප්‍රශංසා කරයි…

Next Post

සාගර ගුටි කෑමට නියමිතයි! ප්‍රසන්න රණවීර ගහන්න පැනලා! මහින්දානන්ද උස්සලා පොළොවේ ගහනවා කියලා!

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.