• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කංචන ආපහු ලයිට් බිල වැඩි කරනවා කියද්දී අගමැති ලයිට් බිල වැඩි බව කියයි!

October 22, 2022
in Exclusive, Uncategorized
Reading Time: 3 mins read
A A
අලුත් යෝජනාවක් එයි! අගමැති දිනේෂ්!
Share on WhatsAppShare on Facebook

ජනතාවට බරක් ඇති වැයක් බවට පත්ව ඇති විදුලි අර්බුදය විසඳීම සඳහා අවශ්‍ය තීරණ ගැනීමට විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයින් කැඳවීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

මාලබේ, තුසිතපුර අශෝකාරාම විහාරස්ථානයේදී සිය පාර්ලිමේන්තු විමධ්‍යගත අරමුදලෙන් ස්වෙච්ඡා සංවිධාන සඳහා අවශ්‍ය භාණ්ඩ හා උපකරණ බෙදා දීමේ අවස්ථාවේදී අග්‍රමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

විදුලිබල මණ්ඩලයේ දීර්ඝකාලීනව පැවති අඩුපාඩු මත ඇති වූ බරපතල පාඩුව පියවාගැනීමට පාරිභෝගිකයින් වැඩි මිලක් දිය යුතුද යන්න සාධාරණව කල්පනා කල යුතුව තිබේ. විහාරස්ථාන මෙන්ම අනෙකුත් ආගමික ස්ථාන වලටත් ජනතාවටත් විදුලි බිල දරාගැනීමට නොහැකි බව තමාද නිහතමානීව පිළිගන්නා අතර එම ගැටළුව විසඳීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ ඉක්මනින් සාර්ථක වෙතැයි විශ්වාසය පළකරන බවද අග්‍රමාත්‍යවරයා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රමාත්‍යවරයා,

මහා ශාසනික විරුවන් ජාතියේ අනන්‍යතාවය ආරක්ෂා කරගෙන ශත වර්ෂයකට වැඩි කලක් පවත්වාගෙන ආ විද්‍යෝදය සහ විද්‍යාලංකාර පිරිවෙන් අපේ රටට මාහැඟි දායාදයක්. මෙමගින් ශාසනික දැනුම අසමසම ලෙස ජාත්‍යන්තරය පුරා විහිදී ගිය නිසා මෙම පිරිවෙන් කරා විවිධ රටවල් වල සඟරුවන ඇදී ආවා.ශාස්ත්‍රීය දැනුම සම්බන්ධයෙන් ජාත්‍යන්තරව පිළිගත හැකි ගැඹුරු දැනුමක් විද්‍යාලංකාරය සහ විද්‍යෝදය පිරිවෙන් මගින් බෙදා හරිනු ලැබුවා.

අපි කිසිම අන්තයකට බර නොවී අපේ ජීවන රටාව රටේ ආර්ථිකය ඒ වගේම පරිසරයත් ආරක්ෂා කරගෙන ගමන් කළ යුතුයි. මේ සියලු දැනුම තිබියදී විදේශ රටවලින් අවශ්‍ය දේ ගෙනැවිත් අනුකරණවාදී ව ජීවත්වීම නිසා අප අර්බුදයට පත් වුණා. මේ අර්බුදයෙන් අප ගොඩ එන්නම ඕන.

මේ අවට තිබෙන වෙල්යාය මෙන්ම අපේ රටේ‍ සශ්‍රීක කොටස් අපේ අතීත විරුවන් විසින් ජය කෙහෙළි නංවා ශතවර්ෂ කිහිපයක් ගොවිතැන් කළ භූමිය යළිත් හැම අඟලක්ම වගා කරලා අප ආහාරයෙන් යළි ස්වයංපෝෂිත රටක් බවට පරිවර්තනය කරගැනීමේ ඕනෑකම වෙනුවෙන් අධිෂ්ඨානයෙන් ගමන් කළ යුතුයි. එදා කෘෂිකර්ම හා ආහාර අමාත්‍යවරයා ලෙසත් මේ පළාතේ ජනතා නියෝජිතයා ලෙසත් එක්දහස් නමසිය පනස් ගණන් වල පිලිප් ගුණවර්ධන මන්ත්‍රීතුමා පත්වුණා. ඒ අවස්ථාවේදී මාලබේට කිට්ටු සුවිශේෂ ස්ථානයක විශාල වී මෝලක් පිහිටුවනු ලැබුවා.

මේ අර්බුදකාරී ගමන් මගේ අපට හිස ඔසවන්නට සිදුවී තිබෙන්නේ දුක්බර අවස්ථාවන් මගින් බව අපි දන්නවා. මම අවංකව නිහතමානීව ඒ බව ප්‍රකාශ කරනවා. වැඩි දේවල් ගැන බලාපොරොත්තු නැතුව අපිට ඔරොත්තු දෙන අපේ රටට ඔරොත්තු දිය හැකි මාර්ගයේ හිස එසවීමේ ක්‍රියාවලියේ දැනටමත් ගමන් කරමින් සිටිනවා.

රටේ අනාගතය වෙනුවෙන් රටේ අනාගත පරම්පරාව වෙනුවෙන් තවත් මේ අර්බුදය ඉදිරියට යා යුතු නැහැ.විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ විදුලි බිල ගැන මතක් කළා. විදුලි බිල වැඩි බව මාත් පිළිගන්නවා. විහාරස්ථාන ආගමික ස්ථාන වලටත් ජනතාවටත් විදුලි බිල දරාගන්න බැහැ. එය අඩු කරගැනීමට ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක වෙයි කියලා මම විශ්වාස කරනවා. කාගෙවත් පාඩුවට ග්‍රාහකයන් ලෙස මුදල් ගෙවන්න ඕන ද කියන ප්‍රශ්නය අද මතුවී තිබෙනවා. විදුලිබල මණ්ඩලයේ අඩුපාඩු මත ඇති වූ පාඩුව පියවගන්න පාරිභෝගිකයින් වැඩි මිලක් දිය යුතුද යන්න සාධාරණව කල්පනා කළ යුතුයි. මේක විදුලි බල මණ්ඩලය කල්පනා කරලා විසඳාගත යුතුයි.

මේ අර්බුදය විසඳන්න බැරි නම් දිගටම විදුලිය බරක් ඇති වැයක් බවට පත්වේවි. මෙම තත්ත්වය නිවැරදි කර ගැනීම සඳහා අවශ්‍ය තීරණ ගැනීමට දැනුමක් ඇති පුද්ගලයින් කැඳවීමට බලාපොරොත්තු වෙනවා.

අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ අනුනායක මාලඹේ තුසිතපුර අශෝකාරාමාධිපති ආචාර්ය පූජ්‍ය දිමියාවේ අමරවංශාභිධාන ස්වාමීන් වහන්සේ ගේ අනුශාසකත්වයෙන් පැවති මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, දායක සභාවේ සභාපති චන්දන පුෂ්පකුමාර සහ නගරික මන්ත්‍රී චාමර ජයලත් යන මහත්වරු සහභාගි වූහ.

– අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

SendShareShare
Previous Post

මුලින් 70%කින් ඉහළ දැම්මා! ඒත් පාඩුයි! ආයෙමත් ලයිට් බිල වැඩි කරන්න ඕනෙ! කංචන යළි එළියට!

Next Post

මේ කතාව කියවන්න! ඉස්කෝලේ අපේ අහිංසක දරුවන්ගේ අසරණකම තේරුම් ගන්න! රට යන අත කියෙව්වොත් තේරෙයි!

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.