• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාම් නිසා වතුර සිඳෙනවා නම් මැලේසියාව දැන් කාන්තාරයක්…

October 19, 2022
in Exclusive, News
Reading Time: 5 mins read
A A
පාම් නිසා වතුර සිඳෙනවා නම් මැලේසියාව දැන් කාන්තාරයක්…
Share on WhatsAppShare on Facebook

ලෝකයේ කාර්මික රටවල් පවා කෘෂි ආර්ථික ප්‍රවණතාවන් හඳුනාගනිමින් වාණිජ භෝග වගාව ශීඝ්‍රයෙන් සිදුකරමින් සිටී. එහිදී ඔයිල් පාම් වගාව සුවිශේෂ ස්ථානයක් හිමි කරගෙන ඇත්තේ ආහාරයට ගන්නා තෙල් වර්ග අතරින් වසර පුරාම අඛණ්ඩ අස්වැන්නක් ලබාදෙන තෙල් වර්ගය බැවිනි. කෙසේ වෙතත් ලංකාව තුළ ඔයිල් පාම් සම්බන්ධයෙන් පවතින්නේ යම් මතවාදමය ස්වභාවයකි. මේ අතර අතිශය දරුණු ඩොලර් අර්බුදය තුළ පවා රටේ ඩොලර් සංචිත ආරක්ෂා කිරීමට යහපත් බලපෑමක් දේශීය ඔයිල් පාම් කර්මාන්තය හරහා සිදුකළ හැකි බවට ද මේ වන විට දැඩි කතාබහක් ගොඩනැගී තිබේ. මෙම කාලීන මතවාද සම්බන්ධයෙන් අපි රුහුණ විශ්වවිද්‍යාලයේ භෝග විද්‍යා පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර මහතා සමග සංවාදයක නිරත වූවෙමු.

ලෝක දත්ත අනුව ඔයිල් පාම් වගාව සඳහා ලොව රටවල් ශීඝ්‍රයෙන් යොමුවෙලා තියෙනවා. මොකක්ද ඒ තත්ත්වය?

2020 සහ 2021 වර්ෂයේ ලෝකයේ සමස්ත තෙල් සහ මේද නිෂ්පාදනය මෙටි්‍රක් ටොන් මිලියන 209යි. මෙයින් තුනෙන් එකක් 75.45ක් ලබා දෙන්නේ ඔයිල් පාම්වලින්. පොල්වල දායකත්වය වෙන්නේ මෙටි්‍රක් ටොන් 3.44ක් වගේ ඉතාමත් අඩු ප්‍රමාණයක්. පරිසරය සහ සෞඛ්‍ය තත්ත්වයන් ගැන ඉහළින්ම කතා කරන රටවල් අතරින් ඇමෙරිකාව ගත්තොත් පළමුවැනියට භාවිත කරන තෙල් වර්ගය සෝයා බෝංචි. දෙවැනියට කැනෝලා, තුන්වැනියට පාම් ඔයිල් භාවිත කරනවා. ලෝක තත්ත්වය අනුව ඔයිල් පාම් වගාකරන ප්‍රමාණයත්, අස්වැන්න ලැබෙන ප්‍රමාණයත් දිගින් දිගටම වැඩිවෙන ස්වභාවයක් තියෙන්නේ. ඒ නිසා මෙහි ඉල්ලුම අඩුවෙන මට්ටමක් පෙනෙන්නට නැහැ. භෝග විද්‍යාඥයෙක් විදියට මෙය වගා නොකරන්න හේතුවක් මං දකින්නේ නැහැ. නමුත් අවාසනාවකට අපේ රටේ ඔයිල් පාම් වගාව සීමා කරල තියෙනවා.

අපේ රටේ ඔයිල් පාම් වගාව සීමා වෙන්න හේතු වුණු කාරණා මොනවද?

සාමාන්‍යයෙන් ඕනෑම වාණිජ වගාවක් කරන විට පරිසරයට යම්කිසි හානියක් සිදුවෙනවා. ලංකාවේ කැලරි අවශ්‍යතාවෙන් 45%ක් සපුරාගන්නේ සහල්වලින්. මේ වී වගාව කරද්දී පරිසර හානි සිද්ධ වෙන්නේ නැද්ද? ජල පරිභෝජනය, ජලය අපතේ යැවීම සහ ජල දූෂණයට අතිශය දායකත්වයක් සපයන්නේ වී භෝගය. හැබැයි අපි වගා නොකර ඉන්නේ නැහැ. ඔයිල් පාම්වලට ලෝකය පුරාම තියෙන විරුද්ධ මතයක් තමයි කැලෑ හානි (Deforestation) වෙනවා කියන එක. ලංකාවේ වනාන්තර කපලා පාම් වගා කළා කියන්න පැහැදිලි දත්තයන් නැහැ. සමහර තේ හා රබර් වගාවන් සහ හායනයට ලක්වූ ඉඩම් ඔයිල් පාම් සඳහා භාවිත කරල තිබෙනවා. හැබැයි ලෝකයේ යම් සීමාවන් පනවා තියෙනවා මේකේ තියෙන ආර්ථික වාසිය හින්දා මිනිස්සු කැලෑ කපල පාම් වගා කරයි කියලා.

පාම් වගාව නිසා භූගත ජලය විශාල වශයෙන් සිඳී යනවා සහ දැඩි වියළි පරිසරයක් නිර්මාණය වෙනවා කියන එක කොතරම් දුරට සාධනීයයද?

ඒ කතාව ඇත්ත නම් මේ වනවිට ඉන්දුනීසියාව, මැලේසියාව වගේ රටවල් සම්පූර්ණයෙන්ම ඉඩෝර වෙලා තියෙන්න ඕනේ. ලංකාවේ ඔයිල් පාම් වගාව ආරම්භ වෙන්නේ නාකියාදෙණිය වතු ආශ්‍රිතවයි. දැනට වසර 50ක අතීතයක් සහිතයි. නාකියාදෙණිය අවට කිසිදු වියළී යාමක හෝ ඉඩෝර බිමක ලක්ෂණ අපට නිරීක්ෂණය වී නැහැ. හෙක්ටයාරයකට දිනකට ජලය ලීටර් 20,800ක් පමණ ලබා ගන්නවා. රබර් ගත්තොත් දිනකට ලීටර් 31,500 වගේ ජලය ලබා ගන්නවා. ඔයිල් පාම්වලට හෙක්ටයාරයකින් දිනකට ලීටර් 34,800ක් අවශ්‍ය වෙනවා. රබර් සහ පාම් අතර සංසන්දනයක් කළොත් විශාල වෙනසක් දකින්න නැහැ. ඒ නිසා පාම් වගා කළාම නියං තත්ත්වයන් ඇති වන බවට පැහැදිලි පර්යේෂණ, දත්ත නැහැ. එය හුදු මිථ්‍යාවක් සමාජගත කිරීමක් පමණයි.

එතකොට ශරීරයට අහිතකරයි කියන සාධකය ඔයිල් පාම් සීමා වීමට බලපෑවේ නැද්ද?

ඒකත් විශේෂයෙන් බලපෑමක් සිදු කළා. හැබැයි ශරීරයට අහිතකරයි, පිළිකාකාරකයි කියන විවිධ මාධ්‍ය ප්‍රචාර සිදු කළාට ඔයිල් පාම් ආනයනය නතර වෙලා නැහැ. ඒකෙන් පැහැදලි වෙන්නේ මාධ්‍යවලින් ඉදිරිපත් කරන බොහෝ සාධක යථාර්ථයෙන් තොර බවයි. මේක පිළිකාකාරක ශරීරයට අහිතකර දෙයක් නම් ලෝක ජනගහනයෙන් තුනෙන් එකක් පරි‌භෝජනය කරයිද? එහෙනම් ඇමෙරිකාවේ තෙල් අවශ්‍යතාව සපුරා ගැනීමට ඔයිල් පාම් භාවිත කරයිද? අපේ රටේ විතරක් තහනමක් කරල ආනයනය කරමින් සිටීම ඵලක් නැහැ.

අපේ රටේ තෙල් අවශ්‍යතාව සපුරා ගැනීමට ඔයිල් පාම් වගාවෙන් මොන වගේ දායකත්වයක් ලබාගන්න පුළුවන්ද?

ලංකාවේ තෙල් අවශ්‍යතාව සපුරගන්න ගොඩක් අය කියන්නේ පුළුවන් තරම් පොල් වවන්න කියලා. අපි 2020 දී තෙල් සහ මේද ආනයනය කරල තියෙනවා මෙටි්‍රක් ටොන් 2,19,295ක්. ඒ සඳහා රුපියල් බිලියන 37ක් වියදම් කරල තියෙනවා.

2020දී මුළු රටටම අවශ්‍ය රසායනික පොහොර ආනයනය සඳහා වියදම් කළේ රුපියල් බිලියන 36ක් පමණයි. 2020 දී දේශීයව තෙල් නිෂ්පාදනය කරල තියෙන්නේ මෙටි්‍රක් ටොන් 44,326යි. පසුගිය වසර පහක දළ අස්වැන්න පිළිබඳ දත්ත බැලුවොත් අපේ රටේ පොල් අස්වැන්න ගෙඩි මිලියන 2,792යි.

එයින් ගෙඩි මිලියන 1,800ක්ම භාවිත වුණේ නිවෙස්වලමයි. ඉතුරු ‌ගෙඩි තමයි තෙල් සහ අනෙකුත් නිෂ්පාදනවලට යොදා ගත්තේ. ඔයිල් පාම් හෙක්ටයාරයකින් තෙල් මෙටි්‍රක් ටොන් 4ක් නිපදවන්න පුළුවන්. පොල් හෙක්ටයාරයකින් ලැබෙන්නේ ටොන් එකකටත් අඩු ප්‍රමාණයක්.

දළ වශයෙන් දේශීය තෙල් අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට පොල් වගා කළොත් ඔයිල් පාම් වගා කරනවා වගේ 4 ගුණයක ඉඩම් අවශ්‍ය වෙනවා. මැලේසියාව කාර්මිකකරණය වූ රටක්. මැලේසියාවේ 2020 වන විට දළ ජාතික නිෂ්පාදනයට කෘෂිකර්මය දායක වී තිබුණේ 8.21%යි. ඒ වසරේම ලංකාවේ දළ නිෂ්පාදනය සඳහා කෘෂිකර්මයේ දායකත්වය 7.3%යි. මැලේසියාවේ ඔයිල් පාම්වලින් විතරක් 2.7%ක විශාල දායකත්වයක් ලැබෙනවා. එතැනින්ම පැහැදිලි වෙනවා කොතරම් වාසිදායක භෝගයක්ද අපි නොසලකා හැර තියෙන්නේ කියලා.

ඔයිල් පාම් වගාව ලංකාවේ ප්‍රචලිත වෙනවට ඔබ පෞද්ගලිකව කැමතිද?

ඔයිල් පාම් තමයි ඒකීය භූමි ප්‍රමාණයකින් වැඩි තෙල් අස්වැන්නක් ලබාදෙන ලෝකයේ ප්‍රධානම භෝගය.

සාමාන්‍යයෙන් ඔයිල් පාම් හෙක්ටයාරයකින් තෙල් ටොන් 4ක් වගේ ගන්න පුළුවන්. අනෙකුත් තෙල් භෝගවලට ඒ අස්වැන්නට ළඟාවෙන්න අමාරුයි. අනිත් එක භෝගය රෝග සහ පළිබෝධ තත්ත්වයන්ට හොඳින් ඔරොත්තු දෙනවා. තෙල් අස්වැන්න ලබාදෙන බොහෝ භෝග නැවත නැවතත් වාර්ෂිකව සිටුවන්න වෙනවා. ඒකට නැවත අමතර නිෂ්පාදන පිරිවැයක් දරන්න වෙනවා.

නමුත් මේක අපිට ක්ෂේත්‍රයේ එක් වතාවයි ස්ථාපනය කරන්න ඕනේ. ඒ වගේම ඔයිල් පාම් අවුරුද්ද පුරාම අස්වැන්න ලබාදෙනවා. මේ සියලු කාරණා අනුව භෝග විද්‍යාඥයෙක් විදියට මං ඔයිල් පාම් වගාවට කැමතියි.

ඔයිල් පාම් වගාවෙන් රටට සැබෑ ප්‍රතිලාභ උපයා ගැනීමට නම් අනාගතයේදී මොන වගේ පියවර ගත යුත්‌තේ?

ඔයිල් පාම් තහනම් කරපු අය මේ දේශීය අවශ්‍යතාව සපුරා ගැනීමට තිබෙන වෙනත් විකල්ප ගැන එක්කෝ කියන්න ඕනේ. එහෙම විකල්ප නැතිව තහනම දිගටම අරගෙන යනවා කියන්නේ දේශීය ආර්ථිකයටත්, දේශීය කෘෂිකර්මයටත් කරන විශාල හානියක්. අපේ රටේ වාණිජ වගාවන් සිදුකළ පොල්වතු පවා විනාශ කළා. වහාම මේ තහනම ඉවත් කරල වනාන්තර හානි කිරීම සම්බන්ධයෙන් රජය මීට වඩා දැඩි නීතිරීති පැනවිය යුතුයි.

ලංකාවේ ඔයිල් පාම් වගා කිරීමට වනාන්තර හානි සිදු කරන්නේ නැහැ. ඒකවත් හරියට දන්නේ නැහැ. අඩුම තරමින් ඔයිල් පාම් වගාව හෙක්ටයාර 50,000ක් දක්වා ව්‍යාප්ත කර ගැනීමට පහසුකම් සැලසිය යුතුයි.

SendShareShare
Previous Post

රනිල් ජාතිය අමතයි! මීටත් වඩා අසීරු කාලයක් පැමිණිය හැකි බව යළි රටට දැනුම් දෙයි!

Next Post

ස්වාධීන කොමිෂන් සභා කිසිම පාලනයක් නෑ! 22 වන සංශෝධනයෙන් අලුතින් කොමිෂන් සභා පත්කරලා බලය අතට ගන්නවා! විපක්ෂයේ සහායත් මට තියෙනවා! රනිල් පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායමට කියයි! EXCLUSIVE

MORE NEWS

නීතීඥ සංගමයේ සභාපති කියනවා ජනමත විචාරණයකට යන්න වෙයි කියලා! අධිකරණ ඇමැතියි සෞඛ්‍ය ඇමැතියි කියනවා ජනමත විචාරණයකට යන්න ඕන නෑ කියලා! බලමු කව්රු කියන එක හරි යයිද කියලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයේ සභාපති කියනවා ජනමත විචාරණයකට යන්න වෙයි කියලා! අධිකරණ ඇමැතියි සෞඛ්‍ය ඇමැතියි කියනවා ජනමත විචාරණයකට යන්න ඕන නෑ කියලා! බලමු කව්රු කියන එක හරි යයිද කියලා! VIDEO I Sri Lanka Latest News

ශ්‍රී ලංකා නීතීඥ සංගමයත් මැදිහත් වෙයි! හදිසි තත්ත්වය වහාම අවලංගු කරන්නැයි ජනපතිගෙන් ඉල්ලයි! (VIDEO)
Exclusive

නීතීඥ සංගමයේ විශේෂ මහ සභා රැස්වීමක් හෙට! සමගි නීතීඥ සංගමයෙන් විශේෂ ආරාධනාවක්! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉරාන යුද්දෙට අමෙරිකාවෙන් තුනෙන් දෙකක්ම අකැමැත්තෙන්! අලුත්ම මත විමසුමෙන් ට්‍රම්ප් ඉවරයි! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

දැන්ම තියා ලෑස්ති වෙන්න! ලබන මාසයේ විශාල නියඟයක් එනවා! බොන්නවත් වතුර නැතිවෙන්නයි යන්නේ..!  Sri Lanka Latest News

ඕකා ඉන්න ඕන හිරේ..! ගොවියො ලාල්කාන්තට අමතනවා ඇමතිල්ලක්..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඕකා ඉන්න ඕන හිරේ..! ගොවියො ලාල්කාන්තට අමතනවා ඇමතිල්ලක්..! VIDEO I Sri Lanka Latest News

ගිනිගත්හේනට ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් අරන් ආ හෙසලිට ගමම ආචාර කරපු හැටි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගිනිගත්හේනට ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් අරන් ආ හෙසලිට ගමම ආචාර කරපු හැටි! PHOTOS I Sri Lanka Latest News

Load More
නීතීඥ සංගමයේ සභාපති කියනවා ජනමත විචාරණයකට යන්න වෙයි කියලා! අධිකරණ ඇමැතියි සෞඛ්‍ය ඇමැතියි කියනවා ජනමත විචාරණයකට යන්න ඕන නෑ කියලා! බලමු කව්රු කියන එක හරි යයිද කියලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයේ සභාපති කියනවා ජනමත විචාරණයකට යන්න වෙයි කියලා! අධිකරණ ඇමැතියි සෞඛ්‍ය ඇමැතියි කියනවා ජනමත විචාරණයකට යන්න ඕන නෑ කියලා! බලමු කව්රු කියන එක හරි යයිද කියලා! VIDEO I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ තීරණය සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යාමේ අවශ්‍යයතාවයක් නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස...

Read more
ශ්‍රී ලංකා නීතීඥ සංගමයත් මැදිහත් වෙයි! හදිසි තත්ත්වය වහාම අවලංගු කරන්නැයි ජනපතිගෙන් ඉල්ලයි! (VIDEO)

නීතීඥ සංගමයේ විශේෂ මහ සභා රැස්වීමක් හෙට! සමගි නීතීඥ සංගමයෙන් විශේෂ ආරාධනාවක්! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

ඉරාන යුද්දෙට අමෙරිකාවෙන් තුනෙන් දෙකක්ම අකැමැත්තෙන්! අලුත්ම මත විමසුමෙන් ට්‍රම්ප් ඉවරයි! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

දැන්ම තියා ලෑස්ති වෙන්න! ලබන මාසයේ විශාල නියඟයක් එනවා! බොන්නවත් වතුර නැතිවෙන්නයි යන්නේ..!  Sri Lanka Latest News

ඕකා ඉන්න ඕන හිරේ..! ගොවියො ලාල්කාන්තට අමතනවා ඇමතිල්ලක්..! VIDEO I Sri Lanka Latest News

ඕකා ඉන්න ඕන හිරේ..! ගොවියො ලාල්කාන්තට අමතනවා ඇමතිල්ලක්..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.