අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍යයක පැලදවූ කොත් වහන්සේ නමක් නිරාවරණය කොට සුලු මොහොතකින් අනපේක්ෂිත ආකාරයෙන් බිමට කඩා වැටෙන සිදුවීමක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලයේ සැරිසරමින් තිබේ.
මෙහිදී පසුබිමින් ඇසෙන්නේ ‘විජිත හේරත්’ මහතාගේ සුරතින් මෙම කොත් වහන්සේ නිරාවරණය කෙරුණු බවකි.
නමුත් ඊට අදාළ ජායාරූප හෝ එහි සිටින පුද්ගලයන් කිසිවකුත් මෙම වීඩියෝවේ දැකගන්නට නැත.
ඒ අනුව මේ කියන විජිත හේරත් කවුරුන්ද යන්න පැහැදිලි නැත.
නමුත් ලංකාවම දන්නා කියන විජිත හේරත්ලාද සිටිනුයේ දෙතුන් දෙනෙකි.
එක් අයෙක් වන්නේ ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත්ය.
අනෙකා ශ්‍රී ලංකා රක්ෂණ සමාගමේ මෙන්ම ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයාව සිටි විජිත හේරත්ය.
මේ දෙදෙනාගෙන් එක් අයකුද, එසේත් නැතිනම් වෙනත් විජිත හේරත් කෙනෙකුද යන්න පැහැදිලි නැති නමුත් මෙම වීඩියෝව සමාජ මාධ්‍ය ජාලාවල ශීඝ්‍රයෙන් සංසරණය වීම හේතුවෙන් අප වෙබ් අඩවියේද එය මෙසේ පළ කරමු.










