• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ටං ටං ගාන්නා තෝරා එවාපන්..! ටිං ටිං ගාන්නා තෝරා එවාපන්..! දෙගම්බඩ රජා තෝරා එවාපන්..! මග වැලි පිසින්නා තෝරා එවාපන්…!

October 19, 2022
in Exclusive, News
Reading Time: 6 mins read
A A
ටං ටං ගාන්නා තෝරා එවාපන්..! ටිං ටිං ගාන්නා තෝරා එවාපන්..! දෙගම්බඩ රජා තෝරා එවාපන්..! මග වැලි පිසින්නා තෝරා එවාපන්…!
Share on WhatsAppShare on Facebook

ප්‍රංශ විප්ලවය සමයේ ප්‍රංශයේ රජ කළ ලුවී රජ පවුල ඇතුළු බලවතුන්ට එරෙහිව මහජනයා අවි අමෝරා ගත්හ. ඒ, අපේ රටේ අරගලකරුවන් නැගීසිටියාටත් වඩා විශාල වශයෙනි. ප්‍රංශ ජනතාවගේ දහඩිය මහන්සිය, අසීමිත බදු මගින් අය කරගෙන පාලකයෝ සුරසැප වින්දෝය. රට්ටු මහමඟ මියැදුණහ. දරුවෝ ඇවිදින ඇටසැකිලි බවට පත්ව උන්හ. පාලක පක්ෂයට එරෙහි වූවෝ බන්ධනාගාර ගතකරන ලදහ. වධකාගාරය (බන්ධනාගාරය) ‘බැස්ටීලය’ දහස් ගණනින් පිරී ගියේය. එදා ප්‍රංශයත් අද ලංකාවත් නිවුන් සහෝදරයන් වැනි වූයේය.

ප්‍රංශ ජනතාවට ගැලවීම සඳහා තිබූ එකම විකල්පය එකාධිපති අළුගෝසුවා පන්නා දැමීම විය. ඔවුහු විප්ලවය ආරම්භ කළෝය. විප්ලවකරුවන් එකවර ඝාතනය කිරීමට ගිලටීනය නම් යන්ත්‍රයක් හැදුවේය. අදත් ලංකාවේ කුඩා ප්‍රමාණයේ ගිලටින් දක්නට ලැබේ. මුද්‍රණාලවල ලොකු කඩදාසි මිටියක් එකවර කැපීමට යොදාගනු ලබන්නේ ගිලටීනයයි. මරාදැමීමට තීන්දු කෙරුණු මිනිසුන් එක දිගට පෝලිමට තබා දිගැති පිහියක් වැනි තලය එකවර උඩ සිට පහළට වැටීමට සැලසීමෙන් විශාල සංඛ්‍යාවක් එලෙස මරාදමනු ලැබිණි.

කොතැනක සිටියත් මරණය නියත බව තීරණය කළ රටවාසීහු කුසගින්නේ මියයන දරුවන් දෙස බලා ‘මියෙම්වා රැකෙම්වා’ යන ලෙසින් වීදි බැස පළමුව බැස්ටීලයට (සිර ගෙදර) පහරදී කොටු පවුර බිඳදමා රැඳවූවන් මුදාගෙන සටන් වැද සතුරන් පරාජය කළහ.

මහජනයා මරාදැමීමට ලුවී රජු විසින් නිර්මාණය කරවනු ලැබූ ගිලටීනයට අන්තිමේදී මහජනයා විසින්ම ලුවී රජු බිලිකරනු ලැබූහ. චාල්ස් ඩිකන්ස් නම් ප්‍රංශ ලේඛකයා ලියන ලද A Tale of Two Cities යන කෘතියේ මේ කතාව කියැවේ.

ලංකාවේ ‘අපි කන හැටි ලිපා දනී’ යන ගැමි කියමන අපේ තත්ත්වය කීමට හොඳටම ප්‍රමාණවත්ය. අමුතුවෙන් අටුවා ටීකා අවශ්‍ය නැති තරම්ය. අපට එසේ වුවත් අපට කරන්නට ගිය උන්දැලා ටික ප්‍රංශයේ ලුවීගේ ‘අප්පච්චිලා’ වී සිටිත්. ගෙදර ඉස්තෝප්පුවේ මෝඩ පෙට්ටියෙන් මුන්ගේ කියුම් කෙරුම් එමට කියාදෙයි. එතකුදු වුවත් නරිවාදම්වලින් අඩුවක් නැත.

‘උස්මුරුත්තට්ටුවේ’ නැතහොත් ‘තට්ටේ’ ගොයියාට මොන යම් අඩුපාඩු ඇතත් කිසියම් තරමකට දිවැස් ඇති බවක් නම් නොකියාම බැරිය.

‘මේ රට සංවර්ධනය කරන්නට නම් රනිල්ගේ ඔළුවත් රාජපක්ෂගේ කඳත් (සිරුර) එකට තබා වෑල්ඩින් කළ යුතු යැයි’ උන්නැහේ කීවේය. ඒ, මීට ටික කලකට පෙරාතුවය. දැන් ඒ කතාව හිතුවාටත් වඩා හොඳට ඉෂ්ට වී ඇතැයි උන්නාන්සේට කිව හැකිය. මන්ද රෝහිත අබේගුණවර්ධන උන්නැහේගේ කළුතර කාර්යාලයේදී ‘කළුතරින් අපි එකට නැගිටිමු’ යන පදය යටතේ පැවැති උත්සවයේදී කළ කී කියුම් කෙරුම් නිසාවෙනි. මහරජතුමා පැවසුවේ රනිල් දැන් නියම මාවතට වැටී ඇති බවය. අනේ වාසනාවන්….!

රෝහිත ඇඬුවේය. හොටු පෙරාගෙන ඇඬුවේය. කඳුළු වැක්කෙරුණේ හරියට හිරෝෂිමාවට බෝම්බ වැටුණු පරිද්දෙනි.

බැඳුම්කර වංචාවෙන්, මහබැංකුව මහ දවල් රනිල් වික්‍රමසිංහ විසින් කොල්ලකන ලද්දේ යැයි චිත්‍රපට නිෂ්පාදක මෙන්ම වර්තමාන මහාමාර්ග, ජනමාධ්‍ය සහ ප්‍රවාහන ඇමැති ආචාර්ය බන්දුල එදා කීවේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පසුගිය සිකුරාදා පැවැති මාධ්‍ය හමුවේදී බන්දුල ගුණවර්ධනයෝ වෙනත් කටකින් නොව ඒ කටින්ම මෙසේ කීහ.

‘රනිල් වනාහි මේ රටේ උද්ගත ආර්ථික අර්බුදය පිළිබඳ මනා අවබෝධයක් ඇති එකම නායකයායි. එපමණක් නොව මේ ආර්ථිකයට විසඳුමක් දිය හැකි එකම නායකයාද එතුමායි.’ ඔන්න ඔහොම කී බන්දුල ගුණවර්ධන ලොකු තැන ගෝඨා ගැන මෙසේ කීවේය.

‘ගෝඨා කවුරුන් විසින් හෝ මුලාකරනු ලැබ වැරැදි මාර්ගයේ යැවුණු හෙයින් ආර්ථිකය අන්තිම අඩියටම පිරිහී වැටුණේය.’

ගෝඨා ගැන දැන් ඔහොම කීවාට ඔහු පදවියේ සිටි සමයේදී වැඩි දෙනකු ගියේ ආවේ වල්ගාදිය පස්ස පැත්තේ ගසාගෙන පයාගල යන පුංචි මහත්වරුන් සේය.

ගෝඨා ගැන එසේ කියන බන්දුල තැන දැන් රනිල් මුරුංගා අත්තේ තියනවා වගේය. එහෙත් කටින් පුටින් කරන්න හැදුවත් වැඩ නං ටිං ටිංය. එලිසබෙත් ලොකු නෝනාගේ මළ ගෙදර ‘යසෝදරාවත’ කියන්නට යන මුවාවෙන් එංගලන්තයට ගොස් ඒ ඒ රටවල රාජ්‍ය නායකයන්ගෙන් අපට පක්ෂව ඡන්දය ලබාගන්නට කෝටි ගානක් මහජන මුදල් වැයකර මහ හෝටලයක ඩිනර් එකක් හෙවත් රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වූවත් එක බලු නට්ටකු හෝ නොආ බවම පසක් විය.

ශ්‍රම බළකායට (ඩයස්පෝරාවට) බටර් ගා ඩොලර් ටික අද්දවා ගැනීමට දෙමළ සහෝදර ප්‍රජාව ප්‍රමුඛ කොටගත් කණ්ඩායමටද රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වූවත් කිසිවකුදු පැමිණ නැත. පුරාණේ සිටි කොණ්ඩේ බැඳපු චීන්නු නම් ඕවාට රැවටුණේලු.

ඡන්ද විමසීමේදී අපට ජාත්‍යන්තර රටවලින් ලැබුණේ ඡන්ද හතකි. අපට කෙළවී තියෙන අන්දම ගැන තේරුම්ගත නොහැකි යක්කු තවමත් පිස්සු කෙළින්නෝය.

කාගෙ කාගෙත් රෙද්ද පල්ලෙන් අහවල් එක පෙරෙනවා හෝ පේන්නට තියෙනවා යැයි කීවද ආණ්ඩුවේ කෙරුම්කාරයන්ගේ නම් පෙනෙන් ඇත්තේ නරිවාදම්ය.

විපක්ෂය ‘රට බංකොලොත් වෙලා’ යැයි පාර්ලිමේන්තුවේදී කියද්දී වර්තමාන අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඇමැතිවරයකු වශයෙන් පාර්ලිමේන්තුව දෙවනත් කළේ එසේ නැති බවටය.

මුළු අමාත්‍ය මණ්ඩලයම පසුගියදා ඒ බව පිළිගත්තේය. දැන් රට පහළම තත්ත්වයට වැටුණු බව කීවේය. එසේ කීවේ එමගින් හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කීයක් හෝ කඩිනමින් ඉල්ලා ගැනීමටය.

ඔය තත්ත්වය ගැන මට මතක්වන්නේ ‘ඇල්බටා මොරාවියා’ විසින් ලියන ලද (Two Women) නවකතාවේ සිද්ධියකි.

තරුණ විය නොඉක්මවූ මවකුත් ඇගේ තරුණ දියණියත් හමුදා සෙබළුන් පිරිසක් විසින් සමූහ දූෂණයකින් පසුව මහ මඟට දමනු ලැබූහ. මහමඟ හිස්ය. කිසිවකු පෙනෙන්නට නැත. ආහාර බිඳක් හෝ නැති ඒ දෙදෙනා ආසාධ්‍ය තත්ත්වයෙන් ගාටන විට හමුදා ට්‍රක් රථයක් එනු දුටහ. රථය ළං වන විට දෙදෙනාම සිය ඇඳුම් ඔසවා ඉදිරිපස ප්‍රදර්ශනය කළාහුය. සෙබළු ඔවුන් දෙදෙනා දෙසට පාන් පෙති කිහිපයක් වීසිකර යන්නට ගියෝය.

දැන් සිරිලංකා ඉල්ලංකාය. අපේ හත්මුතු පරම්පරාව පරදේසක්කාරයන්ට උකස් කර නෙලුම් කුලුනක් හැදුවෝය. එහි මස්තකයේ සිට දෙව්ලොවට දුර අත දිගහැරියා සේ යැයි කියති.

දැන් එහි උඩ සිට පහළට පැනීමට bungee jumping ක්‍රීඩාව ආරම්භ කර තිබේ. මහජනයා ඝාතනය කිරීමට ලුවී රජු ආරම්භ කළ ගිලටීනයට ලුවීම බිලි වූවේය. එමතුදු නොව පවුලම බිලිවූහ. බිලි වූවා නොව බිලි කරනු ලැබූහ.

අපේ ජම්පිං එක ගැන වැඩි විස්තර කීමට තවමත් කල් වැඩි යැයි හැඟේ. ‘නීරෝ’ රවිකිඤ්ඤා ගැහුවේ රෝමය ගිනිගනිද්දීද, රෝමය ගිනිගත් නිසා නීරෝ රවිකිඤ්ඤා ගැහුවාද යන්න පැහැදිලි නැත.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

‘විජිත හේරත්’ සුබ මොහොතින් චෛත්‍යයක කොතක් විවෘත කරලා සුලු මොහොතකින් ‌කොත කඩාගෙන බිමට වැටෙයි! සමාජ මාධ්‍යයේ හුවමාරු වන වීඩියෝව මෙන්න! (VIDEO)

Next Post

උපාධිධාරීන් 465කට වුණු අසාධාරණය! නැගෙනහිර ගොවීන්ගේ ප්‍රශ්නය! යහපාලන සමයේ බදවා ගැනීමට නිර්දේශ කළ පුහුණු ව්‍යාපෘති සහායකයන් ගැන! කළමනාකරණ සේවා උසස්වීම් ගැන විපක්ෂනායක පාර්ලිමේන්තුවේදී අහපු ප්‍රශ්න! (VIDEOS)

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.