• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සක්විති රජකම දෙනවා කිව්වත් මම රාජපක්ෂලාගෙන් තනතුරු ගෙන රටවත් ජනතාවවත් පක්ෂයවත් පාවා දෙන්නෙ නෑ! සජිත් බලන්න අම්පාරට මහ සෙනගක්! (VIDEO & PHOTOS)

October 12, 2022
in Exclusive
Reading Time: 12 mins read
A A
සක්විති රජකම දෙනවා කිව්වත් මම රාජපක්ෂලාගෙන් තනතුරු ගෙන රටවත් ජනතාවවත් පක්ෂයවත් පාවා දෙන්නෙ නෑ! සජිත් බලන්න අම්පාරට මහ සෙනගක්! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

කිසිදු අවස්ථාවක තනතුරුවලට තාන්න මාන්නවලට කිසිදු ප්‍රතිපත්තියක් පාවා නොදෙන බවත් සක්විති රජකම ලබා දෙනවා කිව්වත් කිසිදු අවස්ථාවක රාජපක්ෂලා සමග එක්ව රටවත්, ලක්ෂ 220ක ජනතාවවත් පක්ෂයවත් කිසිදු අවස්ථාවක පාවා නොදෙන බව (9) දෙහිඅත්තකණ්ඩියේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මීට වසර ගණනාවක් පෙර අප්‍රිකාවේ රුවන්ඩාවේ ඇති වූ දැවැන්ත ගෝත්‍රික සටනක් නිසා මිලියනයකට ආසන්න ජීවිත නැති වුණත් අද රුවන්ඩාව අප්‍රිකාවේ නව සිංගප්පූරුව ලෙස හඳුන්වන බවත් එය මෙරට යුද්ධයෙන් නැති වූ ජීවිතවලට වඩා අති විශාල බවත් ඔවුන් සංවර්ධනයෙන් ඉහළටම දිනෙන් දින ගියත් අපේ රට යුද්ධය අවසන් වී වසර 12කට ආසන්න කාලයක් ගත වුණත් තවමන් ජාතිවාදය ආගම්වාදය ආදිය මූලික කර ගෙන රට විනාශ කිරීමේ වැඩපිළිවෙළක් කරා රාජපක්ෂ පවුල ගෙන ගිය බවත් එසේ බංකොලොත් කළ රාජපක්ෂ පවුලේ නාමල් කුමාරයා රට හදන කමිටුවක නායකයෙක් ලෙස පත් කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඉතිහාසය පුරා පෞඩත්වයෙන් ආත්මගරුත්වයෙන් යුතුව ජීවත් වුණ අපේ රටේ මිනිස්සු සහ රට, පොහොට්ටු ආණ්ඩුව සහ රාජපක්ෂ පවුල විසින් බංකොලොත් කළ බවට දේශපාලන ඉතිහාසය තුළ ලියවෙන බවත් මේ වන විටත් රාජපක්ෂවරු ජනපති රනිල් වික්‍රමසිංහ රූකඩයක් ලෙස භාවිත කරමින් තමන්ට හිතවත් පුද්ගලයන්ට ඇමතිධුර ලබා දෙන බවත් පැවසීය.

ඔවුන් ගොවියන්, ධීවරයන්, පාසල් සිසුන්, ගර්භනී මව්වරුන් පවා අපහසුතාවට පත් කළ බවත් ඉදිරි කන්නයට ලබා දිය යුතු පොහොර ලබා දෙන්න හැකියාවක් පවා නොමැති බවත් මේ වන විට කන්න 3ක් පිට පිට පාඩු ලබන බවත් 69 ලක්ෂයක් පත් කර ගත් පොහොට්ටු ආණ්ඩුව හිතා මතාම ගොවියන් විනාශ කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඇමෙරිකානු සෙනට් මණ්ඩලය මේ ගැන වාර්තාවක් පවා සකස් කර ඇති බවත් ප්‍රථම වතාවට මානව හිමිකම් කවුන්සිලය පවා අපේ රටේ ආර්ථික අයිතිවාසිකම විනාශ කිරීම ගැන පවා සාකච්ඡා කරන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ජන සමාජයේ කුඩාම ඒකකයේ සිටින පුද්ගලයාගේ සිට වෘත්තීය වේදීන් රාජ්‍ය සේවකයන් ඇතුළු සෑම දෙනාගේ ම ආර්ථීකය විනාශ කළ බවත් ඒ නිසා ඔවුන්ට ප්‍රමාණවත් ආහාර, අධ්‍යාපන අයිතිය පවා උල්ලංඝනය වී ඇති බවත් පැවසීය.

වායු සමීකරණය කළ කාමරවල සිට පොහොර ගැටලුව විසදීමට උත්සාහ කරන බවත් මොහොතකටවත් ගොවියා ධීවරයා ළගට එන්නේ නොමැති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ඇමතිවරු උත්සාහ කරන්නේ තමන්ගේ වරප්‍රසාද වරදාන තර කර ගනිමින් පොහොට්ටුවට තව තවත් ඇමතිකම් ලබා දෙමින් තමන්ගේ බලය තහවුරු කර ගැනීමට බව යි.

මේ වන විට මොල හතේ කපුටා රාජ්‍ය ඇමතිවරු 38කගේ නම් ලබා දීමෙන් පසු නැවතත් රාජපක්ෂ පවුලට හිතවත් වහලුන් 12 දෙනකුගේ නම් ඇමතිධුර සදහා යෝජනා කර ඇති බවත් ඒ ඔස්සේ නැවතත් බලය ලබා ගැනීමට උත්සාහ කළත් ජනතාව සිටින්නේ මේ වන විට සමගි ජන බලවේගය සමග බව විපක්ෂ නායකවරයා පැවසීය.

මැතිඇමතිවරුන්ගේ දුවා දරුවන් ඉගෙන ගනු ලබන සියලු පාසල්වල ස්මාර්ට් බෝඩ් සහ ඉංග්‍රීසි භාෂාව මූලික අධ්‍යාපනයක් පැවතියත් රටේ සෙසු දිස්ත්‍රික්කවල ඇති පාසල්වල එවැනි පහසුකම් ඇත්තේ අවම වශයෙන් බවත් එය අනාගතයේ රැකියා වෙළෙඳපොළට පවා විශාල ලෙස බලපා ඇති බවත් ඔවුන් මෙවැනි පරතරයක් රට තුළ ඇති කර තිබුණත් මැතිවරණ සමයේ සිංහලකම, බෞද්ධකම වැනි වචන භාවිත කර ජනතාව රවටමින් සිටින බවත් සිංහල බෞද්ධකම සැබැවින්ම තිබෙන්නේ තමන්ගේ වැඩපිළිවෙළ සහ හැකියාව තුළ බවත් අපේ අධ්‍යාපන ක්‍රමය තුළින් බිහි කළ ඔස්සේ ලොව ජයගත හැකි දරු පරපුරක් බවත් ඔවුන්ට සමානව නිවැරදි අධ්‍යාපනය ලබා දුන්නොත් වත්මන් තත්ත්වයෙන් රට ගොඩගෙන ලෝකය පවා ජයගත හැකි බව විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

මහින්ද වේදිකාවෙදි රෙදි ගැලෙව්වේ කාගෙද? එයා බාරගත්තාද? ඒ ගොල්ලෝ තෝරගත්තාද? (VIDEO)

Next Post

ප්‍රියමාලි ගාව කළු සල්ලි හංගපු දේශපාලනඥයො, හාමුදුරුවරු, ව්‍යාපාරිකයන් කෝ? ඒ අයට මොකද වෙන්නේ?

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණදීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා...

Read more
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.