අලව්ව ප්‍රාදේශීය සභාවේ අයවැය පලමු වර කියවීම පොදුජන පෙරමුණ පරාජය වී ඇත.
සභාවේ මුලු මන්ත්‍රී සංඛ්‍යාව 28ක් වන අතර පාලක පොහොට්ටු පක්ෂයට ඉන් 15ක් හිමිය.
නමුත් ජන්ද විමසීමේදී අයවැයට විරුද්ධව ජන්ද 18ක් හිමිවූ අතර පක්ෂව හිමිවූයේ ජන්ද 9ක් පමණි.
පාලක පොහොට්ටුවට පක්ෂව පොදුජන පෙරමුණේ පස්දෙනෙකු සමග එක්ව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු දෙදෙනාද ඡන්දය ලබාදුන් අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු දෙදෙනෙක් ද ඊට පක්ෂව ඡන්දය ලබා දී තිබුණි.
කෙසේ වෙතත් ඊට විරුද්ධව සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් හයදෙනා ද පොහොට්ටු මන්ත්‍රීවරුන්ගෙන් 9 දෙනකුද,ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ද ඡන්දය ලබා දුන්හ.
එක් මන්ත්‍රීවරයකු සභාවට පැමිණ සිටියේ නැත.










