• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහ රෑ මුහුණ වහලා වසන්ත මුදලිගේව බැසිල්ගේ කියන මල්වානේ ගෙදරට අරන් ගියේ ඇයි? රෑට අරන් යනවා ආයුධ පෙන්නනවා කියනවා වෙඩි තියලා දානවා… වසන්තටත් ඒකම වෙයිද?

October 11, 2022
in Exclusive, News
Reading Time: 3 mins read
A A
මහ රෑ මුහුණ වහලා වසන්ත මුදලිගේව බැසිල්ගේ කියන මල්වානේ ගෙදරට අරන් ගියේ ඇයි? රෑට අරන් යනවා ආයුධ පෙන්නනවා කියනවා වෙඩි තියලා දානවා… වසන්තටත් ඒකම වෙයිද?
Share on WhatsAppShare on Facebook

උලපනේ ශාන්ත මේරි වත්තේ නිමලසිරි අත්තනායක නමින් වෙස්වළාගෙන සැඟව සිටි ජනතා විමුක්ති පෙරමුණේ නායක පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර නොහොත් රෝහණ විජේවීර හමුදා නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්වනුයේ 1989 නොවැම්බර් 12 වැනිදාය. ඉන් අනතරුව කොළඹට ගෙන එන රෝහණ විජේවීර ඊට පසුදා නැතහොත් නොවැම්බර් 13 වැනිදා අනේක වධ බන්ධනයන්ට ලක්කර බොරැල්ල කනත්තේදී පණපිටින් පුළුස්සා මරා දැමුවේය. එහෙත් එදින රාත්‍රියේ මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් ලබදුන් එවක රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රන්ජන් විජේරත්න පවසා සිටියේ වෙනත්ම කතාවකි. හමුදා අත්අඩංගුවට පත් විජේවීර සිය සන්නද්ධ ව්‍යාපාරය අතහැර ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ගයට එළඹීමට එකඟ වූ බව ඔහු පැවසීය. ඉන් අනතුරුව ඉතා වැදගත් ලිපිගොනු කිහිපයක් රජයට ලබාදීමට එකඟ වූ විජේවීර හමුදා සෙබළුන් කණ්ඩායමක් සමග අගනුවර ජ.වි.පෙ. රහසිගත කාර්යාලයකට ගිය බවත් එහි සිටි එච්.බී. හේරත් නමැති ජ.වි.පෙ. සාමාජිකයා ලිපිගොනු සොයන අතර රෝහණ විජේවීරට වෙඩි තැබූ බවත් එම වෙඩි ප්‍රහාරයෙන් විජේවීර මියගිය බවත්, හමුදාව කළ වෙඩි තැබීමෙන් එච්.බී. හේරත් මියගිය බවත් ආරක්ෂක හෙතූන් මත දෙදෙනාගේම දේහයන් හමුදාව විසින් ආදාහනය කරන ලද බවත් එම නිවේදනයේ කියැවිණි. රන්ජන් විජේරත්න විසින් දශක තුනකට එපිටදී කියවූ මේ තිරපිටපතට සමාන පිටපත් ඉන් පසු නිතර දෙවේලේ අපට අසන්නට ලැබිණි. ඒ, පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිස් භාරයේ සිටියදී වෙඩිකා මියගිය අවස්ථාවලදීය. ඒවායේ වූ එකම වෙනස නම් ලිපිගොනු භාරදීම වෙනුවට ආයුධ පෙන්වීමට යාම නම් මනඃකල්පිත නාටකීය දසුන ආදේශ වීම පමණි.

පොලිස් භාරයේ පසුවන සැකකරුවන් ඝාතනයට ලක්වීම ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ජාත්‍යන්තරය හමුවේ කෙලෙසන සිදුවීමක් බවට පත්ව ඇත්තේය. මෑත කාලීනව පොලිස් භාරයේ සිටියදී ආයුධ පෙන්වීමට රැගෙන ගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, පාතාල සාමාජිකයන් වැනි බොහෝ දෙනකු පොලිසියට සඟවා ඇති ආයුධ පෙන්වීමට ගිය ගමන්වලදී වෙඩිකා මියගිය බව ප්‍රකට කරුණකි. කොස්ගොඩ තාරක, ඌරු ජුවා සහ මාකඳුරේ මධුෂ් මෑත භාගයේ ආයුධ පෙන්වීමට ගොස් අවසන් ගමන් ගිය කිහිප දෙනෙකි. මොවුන් අපරාධකරුවන් වුවද ඔවුන් සියලු දෙනාම මරණයට ගොදුරු වූයේ රාජ්‍ය ආයතනයක් වූ පොලිසියේ ආරක්ෂාව යටතේ සිටියදීය. එමෙන්ම මේ සියලු දෙනාගේ මරණ අනීතිකව සහ අශීලාචාරව සිදුවූ සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයන්ය. ඔවුන් කිසිවෙක් හෝ ගොදුරු වූයේ අධිකරණ තීන්දුවකින් නියමවූ මරණීය දණ්ඩනයකට නොව රාජ්‍ය අනුග්‍රහයෙන් සැලසුම් කරන ලද ඝාතනයන්ටය. මානව හිමිකම් සංවිධාන, ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැනි ආයතන මේ තත්ත්වයට එරෙහිව හඬ නගනුයේ කලක සිටය. එහෙත් හෙට දවසේ ශ්‍රී ලංකාව මෙවැනි ඝාතනයන්ගෙන් මුක්ත රටක් යැයි අපට සහතිකයක් දිය නොහැක.

රෑපානේ පොලිස් ආරක්ෂාව යටතේ රැගෙන යන සැකකරුවන් මෘතදේහ ලෙස ඥාතීන්ට භාරදෙන ක්‍රමවේදය පිළිබඳ රටම මේ දිනවල නැවත කතා කරන්නේය. සැබැවින්ම ඊට මුලපිරුවේ පාර්ලිමේන්තුවේදීය. ඒ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මතුකළ ප්‍රශ්නයක් හේතුවෙනි. මේ වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අනුව ඩී.ඕ. ගසා රඳවා තබාගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ රාත්‍රී කාලයේ පොලිස් නිලධාරීන් විසින් බැහැරට රැගෙන යාමට හේතුව කුමක්දැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ආණ්ඩුවෙන් විමසා සිටි අතර, වසන්ත මුදලිගේගේ ආරක්ෂාව මුළුමනින්ම රජය යටතේ පවතින බවද ඔහු එහිදී අවධාරණය කර සිටියේය.

පොලිස් නිලධාරීන් විසින් නාරාහේන්පිට ත්‍රස්ත විමර්ශන ඒකකය භාරයේ සිටි අන්තරයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ගම්පහ දිස්ත්‍රික්කයේ කිහිප පොළකට රාත්‍රී කාලයේ රැගෙන ගොස් ඇති අතර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට අයත්ව තිබුණේ යැයි කියැවුණු කුප්‍රකට මල්වානේ නිවෙසද වසන්ත මුදලිගේ රැගෙන ගිය එක ස්ථානයකි. එහෙත් ඒ රැගෙන යාමට හේතුව මාධ්‍යවේදීන් විසින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූවගෙන් විමසනා ලද අතර ඔහුගේ ක්ෂණික පිළිතුර වූයේ එය හෙළිකළ නොහැකි බවය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ මෙකී ප්‍රකාශය රටේම මිනිසුන්ගේ සැකය අවුළුවන්නට සමත් වූයේය. එහෙයින් රැඳවුම් භාරයේ සිටින වසන්ත මුදලිගේගේ ජීවිතයට තර්ජනයක් වේදැයි ඔවුන් සැක කරන්නට විය.

වසන්ත මුදලිගේ රැගෙන ගිය හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට අයත් යැයි පැවසුණු නිවෙස මැයි 09 වැනිදා පශ්චාත් ප්‍රචණ්ඩ ක්‍රියාවලදී හානියට පත් වූවකි. එහෙත් ඒ පිළිබඳ වසන්ත මුදලිගේ හෝ වෙනත් අන්තරයේ සාමාජිකයකුගෙන් මේ වන තුරුත් පොලීසිය ප්‍රශ්න කර තිබුණේ නැත. එවන් පසුබිමකදී රැඳවුම් භාරයේ සිටින වසන්ත මුදලිගේ තකහනියක් බැසිල්ගේ යැයි පැවසුණු නිවෙසට රැගෙන යාමට පොලිසියට තිබූ වුවමනාව බොහෝ දෙනා තුළ සැකය අවුළුවන්නට සමත් විය. එහෙයින් අප වසන්ත මුදලිගේ, ගල්වැව සිරිධම්ම හිමි සහ හෂාන් ගුණතිලක යන අය වෙනුවෙන් ලංකවේ අධිකරණයේ සිට ජිනීවා දක්වා සටන ගෙනගිය නීතිඥ නුවන් බෝපගේ ඇමතුවෙමු. ඔහු පවසන පරිදි වසන්ත මුදලිගේ අත්අඩංගුවට පත් මුල් දින කිහිපය තුළ ගම්පහ දිස්ත්‍රික්කයේ කිහිප පොළකට රැගෙන ගොස් ඇත. අනතුරුව අඛණ්ඩව ප්‍රශ්න කිරීම්වලට ලක් කළ ඔහු මේ වන විට තංගල්ල බන්ධනාගාරයට රැගෙන ගොස් ඇත. වසන්තට අමතරව හෂාන් ගුණතිලකද දැන් ඉන්නේ තංගල්ල බන්ධනාගාරයේය. ගල්වැව සිරිධම්ම හිමියෝ පමණක් නාරාහේන්පිට ත්‍රස්ත විමර්ශන අංශයේ රඳවාගෙන තවමත් ප්‍රශ්න කරති.

වසන්තගේ දුකසැප විමසන්නට තංගල්ල බන්ධනාගාරය වෙත ගිය ඔහුගේ බාල සොහොයුරු අනුර මුදලිගේද තම සොහොයුරා පිළිබඳ සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනකින්ද කියැවෙන්නේ වසන්ත මුදලිගේ යම්තාක් අනාරක්ෂිත තත්ත්වයක සිටින බවයි. එහෙත් තම සොහොයුරා යහපත් මානසික මට්ටමක සිටින බවත්, ඔහු එකී තත්ත්වයෙන් පහත දැමීමට ආණ්ඩුව නොයෙක් දේ කරන බවත් අනුර මුදලිගේ සිය සමාජ මාධ්‍ය සටහනේ පවසයි. වැඩි දුරටත් කරුණු දක්වන ඔහු මෙසේ සිය ෆේස්බුක් පිටුවේ සටහන් කරයි.

‘මල්වානේ සිද්ධිය සම්බන්ධව නිශ්චිත පිළිතුරක් අයියා ලබාදුන්නා. ඒ, තමා අත්අඩංගුවට ගත් මුල් සතිය තුළ රාත්‍රී කාලවල මල්වාන බැසිල්ට අයත් යැයි පවසන ඉඩමට රැගෙන ගිය බව. තවත් නවගමුවේ ස්ථානයකටත්, කඩවත ප්‍රදේශයේ ස්ථානයකට හා ගම්පහ ප්‍රදේශයේ ස්ථානයකට වශයෙන් ස්ථාන කිහිපයකටත් මුහුණ වසා ඉතා රහසිගතව රැගෙන ගොස් ප්‍රශ්න කර තිබේ යැයි සඳහන් කළා. කලකට පෙර සිදු වූවක් වුවත් ගිනිගත් නිවෙස හෝ වෙන යම් ස්ථානවලට වසන්ත රැගෙන ගොස් බාහිරෙන් සාක්ෂි ඔබ්බවා ඉතා උපක්‍රමශීලීව අධිකරණය තුළදී ඒවා ජනතාව වෙනුවෙන් අරගල කළ ශිෂ්‍ය නායකයන්ට විරුද්ධව භාවිත කිරීමට දරන උත්සාහයක් බව ඉතා පැහැදිලිය.’ අනුර මුදලිගේ පවසන්නේය.

එහෙත් ආණ්ඩුව කොතරම් උත්සාහ දැරුවත් වසන්ත මුදලිගේ පිට පැටවිය හැකි කිසිම වරදක් තවමත් සොයාගන්නට හැකිව නැත. ‘ආණ්ඩුව හදන්නේ මොකක් හෝ පටලවා ගන්න…’ නීතිඥ නුවන් බෝපගේ පවසන්නේය. අනතුරුව අන්තරේ නායකයන් මර්දනය උදෙසා ආණ්ඩුව ගෙනයන ව්‍යාපාරය පිළිබඳ ජිනීවා මානව හිමිකම් කොමිසමට කළ පැමිණිල්ල පිළිබඳ අප විමසිලිමත් වූයෙමු. ජිනීවා මානව හිමිකම් සැසිවාරයේ ප්‍රකාශනයට වසන්ත මුදලිගේගේ නම ඇතුළත්ව ඇති බවත්, ලංකාවේ ශිෂ්‍ය නායකයන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කරන බවත් එම වර්තාවේ සඳහන් වන බවත් නීතිඥ බෝපගේ පැවැසීය.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

අලව්වේ පොහොට්ටුව පරදී!

Next Post

කෝටි ප්‍රකෝටි ගණන් වංචා කරපු තිලිණි ප්‍රියමාලිට ප්‍රභූ ආරක්ෂාව දුන්නු තැන එළියට එයි! කෝ පරීක්ෂණ? (VIDEO)

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.