• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

දර්ශන්ලා බෙග්ලා උගන්නපු පාඩම කවදාවත්ම අමතක කරන්න එපා…

October 11, 2022
in Exclusive, Heart
Reading Time: 3 mins read
A A
දර්ශන්ලා බෙග්ලා උගන්නපු පාඩම කවදාවත්ම අමතක කරන්න එපා…
Share on WhatsAppShare on Facebook

එක දවසක් උදෑසනක නොකියා ආ ප්‍රවෘත්තියකින් හිතට දැනුණේ මහ පුදුම තිගැස්මක්. ඒ තමයි දර්ශන් ධර්මරාජ් මියගිය බවට වූ ආරංචිය. ඒක මම මුලින්ම දැක්කේ අක්ෂරය ටී.වී. එකේ ගැමුණුගෙ ෆේස්බුක් පෝස්ට් එකකින්. ඒක වැරැදි ප්‍රවෘත්තියක් වේවා, ඒක බොරුවක් වේවා කියලා හිතුවට මේ වෙනකොට ඒක බොරුවක් නෙවෙයි ඇත්තක් බවට පත්වෙලා දර්ශන් ධර්මරාජ් කියන අසීමිත නළුවා සමුගෙන ගිහිල්ලා. දර්ශන් කියන්නේ දෙමළ නළුවෙක්.

මම උපතින් සිංහල මිනිහෙක්. එතකොට උපතින් සිංහලයෙක් වෙච්ච මට ඇයි උපතින් දෙමළෙක් වෙච්ච දර්ශන්ගෙ මරණය මේ තරම් දැනෙන්නේ? ලෝකෙ ගොඩක් මිනිස්සු හිතාගෙන ඉන්නේ අපි සිංහල සහ දෙමළ කියලා දෙකට බෙදිලා ඉරිගහගෙන සටන් කරනවාය කියලා. අපිට දෙමළෙක්ගෙ මරණය හරියට ක්‍රිකට් මැච් එකක විකට් එකක් ගියා වගේ සතුට ගෙනදෙන කාරණයක් කියලා හිතනව ඇති කියලා සමහර විට විදේශිකයො හිතනවා. ඒකට හේතුව ලෝකෙ අපි ගැන හැදිලා තියෙන වැරැදි චිත්‍රය. ඒත් ඒ මිනිස්සු දන්නේ නෑ උතුර මොන තරම් ප්‍රේමණීයද කියලා, දකුණේ සිංහලයන්ට. සමහර විට මේක දකුණේ සිංහලයො දන්නෙත් නෑ. උතුරට ගියාට පස්සේ උතුරත් එක්ක තියෙන හාදකම් කොච්චර වැඩිවෙනවද කියන එක දන්නේ උතුරයි දකුණයි දෙකම එකට ඇසුරු කරන සිංහලයො විතරයි. ඒත් අවාසනාවකට මේ වෙනකොටත් ලංකාවෙ එක්තරා පිරිසක් මැදිහත් වෙමින් ලෝකෙට කියන්න උත්සාහ කරනවා උතුරේ දෙමළ තරුණ තරුණියන්ට අවශ්‍ය කරන සියලු වරප්‍රසාද දකුණේ සිංහලයන් විසින් හොරාකෑ බව. තවමත් ඒවා ඔවුන් සතු නොකළ බව. හැබැයි අවාසනාවකට මෙහෙම කියන සටන් පෙරමුණේ ඉන්න ප්‍රබලතම ද්‍රවිඩ තරුණයා කවදාවත් යාපනේ නොගිය කෙනෙක් කියලා දැනගත්තම අපට ඉදිරියෙන්, පිටුපසින් සහ බොහෝ ස්ථානවලින් සිනාසෙන්නට හැකියාව ලැබෙනවා. ඔහුගේ තර්කය හිනායනසුලුයි. ඔහු කියනවා ‘මිනිස්සු මැරුණු බිමකට මම යන්න කැමැති නෑ’ කියලා. ඇත්ත කතාව ඒක නෙවෙයි. මේක දේශපාලනිකයි. දේශපාලනය කියලා කියන්නේ මිල අධික රැකියාවක්. ඉහළ වැටුප් සහිත රැකියාවක්. ඉහළ වරප්‍රසාද සහිත රැකියාවක්. කිසිදු සුදුසුකමක් නොබලා සියලු වරප්‍රසාද ලබාගැනීමේ අවස්ථාව ලැබෙන එකම රැකියාව තමයි දේශපාලනය. එහෙම නම් මිනිස්සු දේශපාලනය කරන්න, දේශපාලනයෙන් ගොඩ යන්න, දේශපාලනයෙන් ජයග්‍රහණ ලබාගන්න අපේ ආත්මය පාවාදෙන එක තමයි සිද්ධ වෙන්නේ.

අපි අවුරුදු 33ක් තිස්සේ දෙකට බෙදිලා ගහගත්තා. මොන සටන් පාඨ කිව්වත් මොන කයි කතන්දර කිව්වත් ඒක වාර්ගික යුද්ධයක් නෙවෙයි. හැබැයි ඒක දෙමළ මිනිහට රිදුණු, සිංහල මිනිහට රිදුණු, දෙමළ මිනිහා සමග සිංහලයාට වෛරයක් හැදුණු, සිංහලයා පිළිබඳ දෙමළ මිනිහාට ක්‍රෝධයක් නිර්මාණය වුණු සටන් බිමක්. වෙන තර්ක විතර්ක නෑ.

දකුණේ මිනිහෙක් විදියට උතුරේ ඕනෙ තරම් ඇවිදපු මට උතුරේ තරුණයන් බොහොමයකගේ කතන්දර කියවන්න ලැබිලා තියෙනවා. ඒ මිනිස්සු කියන්නේ අපට හරියට සිංහලයෙක්ව ඇසුරු කරන්න ගත්ත දවසෙ තමයි අපි තීරණය කළේ ඇත්තටම සිංහලයො කියන්නේ එහෙම ජාතියක් නෙවෙයි කියලා. ඒත් කවුද ඒකට වැට බැන්දේ? ඇයි සිංහලයට උතුර දුර වුණේ? ඇයි උතුරේ මිනිහට දකුණ දුර වුණේ? මේක ලොකු ප්‍රශ්නයක්. හැබැයි අපි යුද්ධ කරන අස්සේ මොහිදීන් බෙග් දෙමළ ඌරුවට සිංහල සින්දු කිව්වා. අපි වෙසක් පෝයට ඇහුවෙ වික්ටර් රත්නායකගෙ සින්දු නෙවෙයි, අමරදේව මාස්ටර්ගෙ සින්දු නෙවෙයි, සුනිල් එදිරිසිංහ මහත්තයගෙ සින්දු නෙවෙයි, මොහිදීන් බෙග්ගෙ සින්දු. ‘එම විට පවසනු මුවින් ඔබේ…. බුද්ධං සරණං ගච්ඡාමි… ධම්මං සරණං ගච්ඡාමි… සංඝං සරණං ගච්ඡාමි…’ මේ වචන ටික නොඅහපු බෞද්ධයෙක්, ඒ සින්දුව අහද්දී වෙසක්වල තියෙන සෞන්දර්යය නොදැනෙන බෞද්ධයෙක් ඉන්නවා නම් ඔහු සැබෑ බෞද්ධයෙක් වෙන්න බෑ. එහෙම ඉන්න අපට කොහොමද මේ රිදුම නිර්මාණය වුණේ? කොහොමද මේ වේදනාව නිර්මාණය වුණේ?

දර්ශන් ධර්මරාජ් කියන්නේ මහ පොළොවේ පයගහලා හිටපු මිනිහෙක්. අපි දන්න විදියට දර්ශන් පිටකොටුවේ සිංහලයොත් එක්ක ගනුදෙනු කරපු, පිටකොටුවෙ ද්‍රවිඩයන් එක්ක ගනුදෙනු කරපු උප්පැන්න සහතිකයට විතරක් ද්‍රවිඩයෙක් වෙච්ච, ඔහු කිසිසේත් දෙමළ කියලා අපි පිළිගන්න අකැමැති අමුතු කෙනෙක්. එහෙම දර්ශන් කෙනෙක්ව අපට මේ වෙනකොට අහිමි වෙලා ඉවරයි. මං හිතන්නේ උතුරට ඊළඟ යුද්ධෙ නොඑන්න පාවිච්චි කරනවා නම් අපට දර්ශන් ධර්මරාජ් විතරක් හොඳටෝම ඇති. නිරංජනී ශන්මුගරාජා තවත් ද්‍රවිඩ යැයි සැලකෙන උප්පැන්න සහතිකයක් හිමි අපේ නිළියක්. ශන්මුගරාජා කියනවා මෙහෙම.

‘දර්ශන් මට කියපු අන්තිම වචන ටික තමයි නිරා, අපිට ආදරේ කළේ සිංහල මිනිස්සු විතරයි’ කියලා. ඇත්තටම මම නම් ඒ ඉර ගහනවා නම් කැමැති නෑ. දර්ශන්ට ආදරේ කළේ සිංහල මිනිස්සු විතරක් නෙවෙයි. දර්ශන්ට සිංහල, දෙමළ අපි හැමෝම ආදරේ කළා. අපි සිංහල මිනිස්සු නෙවෙයි. අපි ශ්‍රී ලාංකික මිනිස්සු. දර්ශන්, ශන්මුගරාජා, මොහිදීන් බෙග්, ඉෂාක් බෙග් මේ හැමෝම ශ්‍රී ලාංකිකයෝ. අපි සිංහල මිනිස්සු, ඒගොල්ලෝ දෙමළ මිනිස්සු. ඒගොල්ලො මුස්ලිම් මිනිස්සු කියලා කියනවට වඩා අපි හැමෝටම කියන්න පුළුවන් නම් අපි ශ්‍රී ලාංකිකයෝ කියලා කියන්න, එතකොට මේ ප්‍රේමයේ අක්මුල් හොයනවට වඩා, ප්‍රේමයේ ඉරි ගහපු තැන්වලින් බෙදනවට වඩා, ප්‍රේමයේ ඉරිතළපු තැන් පේනවට වඩා රසවත්, ලස්සන සුන්දර රටක් නිර්මාණය වේවි.

අපි ඔක්කොම එකතු වෙලා වටු කුරුල්ලො වගේ මේ දැල උස්සගෙන ඉගිලුණොත් ආයෙත් කිසි එකෙකුට බැරි වෙනවා අපේ හයියට අභියෝග කරන්න. අපට මේ පණිවුඩය කියන්න හිටපු දර්ශන් ධර්මරාජ් අද අපි අතර නෑ. දර්ශන් වෙනුවෙන්වත් අපි අපේ වෙමු. ඉෂාක් බෙග්, තමන්ගෙ තාත්තා මොහිදීන් බෙග් දවසක් කියපු කතන්දරයක් කියලා තිබුණා.

‘පුතේ අන්තිම සිංහලයත් ජීවත් වෙලා ඉන්නකන් උඹලට බඩගින්නෙ ඉන්න වෙන්නේ නෑ’ කියලා. ඒක වෙනමම කතන්දරයක්. ඒ කියන්නේ දෙමළ වෙච්ච දර්ශන්ටවත්, මුස්ලිම් වෙච්ච බෙග්ටවත් අපේ රටේ අපේ නෙවෙයි කියලා කියන්න අපට කිසිම වුවමනාවක් නෑ. ඒක දේශපාලකයන්ගේ වුවමනාවක්. දේශපාලකයන්ට ඕනෙ ගොඩ වැඩිකරගන්න. දේශපාලකයන්ට ඕනෙ බෙදන්න. දේශපාලකයන්ට ඕනෙ බෙදලා දාලා උඹලගෙ වරප්‍රසාද අරන් දෙන්නම් කියලා ඡන්ද ටික ගන්න. මේ තක්කඩින්ගෙ බොරුව හරියට තේරුම් ගත්ත දවසට ඔබට තේරෙයි හැමෝගෙම හදවත් ගැහෙන ‘ලබ්ඩබ්’ රාවය එක වගේ කියලා. ඉෂාක් බෙග් අදත් අපට බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියවනවා. හැබැයි ඉෂාක් බෙග් බෞද්ධයෙක් නෙවෙයි. දර්ශන් ධර්මරාජ් ප්‍රභාකරන්ගෙ චරිතය නිරූපණය කරපු නළුවා. ඒත් අපි දර්ශන්ට ආදරෙයි. අපට ජාතිවාදය කියන එක අපේ ඇඟට දැනෙන්නේ නෑ. අපේ ඇඟවල් ඒකට හුරු නෑ. අපට කිසිසේත්ම ඔය මඟුල අවශ්‍ය නෑ. ඒ නිසා අපි දැන් පටන්ගමු. අපි අපේ වෙමු. පුළුවන් නම් බලධාරීනි මේ කයි කතන්දර ඉවර කරලා අපි ශ්‍රී ලාංකික වෙමු. ඒක හරිම සුන්දර දෙයක් වෙයි.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

හිරකරන් ඉන්න වසන්ත මුදලිගේගේ මවගේ දුක සැප බලන්න සජිත් දඹානට යයි! අහන්නට ලැබුණේ කනගාටුදායක පුවතක්!

Next Post

ලංකාවේ නිලධාරීන්ට පගාව දුන් ඕස්ට්‍රේලියාවේ දෙන්නෙක්ව එහේ පොලිසියෙන් අල්ලගෙන! ලංකාවේ පගාව ගත්ත නිලධාරීන් ගැන මෙහේ අය වචනයක්වත් කතා කරලා නෑ!

MORE NEWS

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

Load More
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

තනතුරේ හයිය අරන් මෙයාගේ හැසිරීම....Sri Lanka Latest News

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.