• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අමර සැපක් වින්ද අමරෙ අමර දුකින්ලු…

October 10, 2022
in Exclusive, News
Reading Time: 2 mins read
A A
අමර සැපක් වින්ද අමරෙ අමර දුකින්ලු…
Share on WhatsAppShare on Facebook

ඔන්න එකෝමත් එක රටක හිටියා අමරේ කියලා මාමා කෙනෙක්. අමරේ කියලා මාමලා ගොඩක් ඉන්නවනේ. ඉස්සර අමර කියන එක අපි අහලා තියෙනවා. හැබැයි අමර කියන එකයි ඇමර කියන එකයි අතරත් සම්බන්ධයක් තියෙනවා. ‘අමර’ කියලා කියන්නේ අපේ හෝඩි පොතේ හිටපු කෙනා. සල්ගහ යට හිටියේ. සාමට මල් කඩන්න කියලා දුන්නේ. එයා තමයි අමර. අමරලා පස්සේ ඇමර වුණා. ගම්වල කියනවා මේකා මහ පුදුම ඇමරයෙක් කියලා. ඇමර සහ ඇමැට්ටි කියන එක අතර වෙනසක් තියෙනවා. ඇමැට්ටි වෙනවා කියලා කියන්නේ අතකට පයකට සිදුවෙන හානිය. හැබැයි ඇමැට්ටි වෙනවා කියන එකයි ඇමැති වෙනවා කියන එකයි අතර සම්බන්ධයක් නෑ. ඒ වුණාට ඇමර සහ ඇමැති කියන එකයි අතර යම් සම්බන්ධයක් පේනවා. අමර කියන එකයි ඇමර කියන එකයි අතර තියෙන සම්බන්ධයට වඩා, ඇමර සහ ඇමැති කියන එකයි අතර සම්බන්ධයක් තියෙනවා. ‘ඇමැති’ කියන එකයි ‘ඇම ඇති’ කියන එකයි අතර සම්බන්ධයක් නැති වුණාට ඒ දෙක අතරත් ගැළපිල්ලක් තියෙනවා වගේ එකකුත් අපට පේනවා. ඇමැති කියලා කියන්නේ ලංකාවේ තියෙන ඉහළම තනතුරක්. ඇම ඇති කියලා කියන්නේ ඇමක් අරගෙන ගිහිල්ලා මාළු අල්ලන කෙනාට. හැබැයි ඇම ඇති කියන එකෙන් එක අකුරක් අයින් වුණාම ඒක ඇමැති බවට පත්වෙනවා. ඇමැතිවරු ගැන නෙවෙයි අපි කතා කරන්නේ. අමරේ මාමා ගැන. අමරේ කියලා කියන්නේ අමර කියන එකම තමයි. අමර කියන්නේ අජරාමර කියන එක. අමර කියලා කියන්නේ නොමැරෙන කියන එක. අමරණීය කියන එක තමයි අමර කියන එකට සමානව තියෙන දිග වචනය. අමරණීය වෙන්න අපි ගොඩක් කැමැතියි. හැබැයි අමරණීය වෙන එකයි රමණීය වෙන එකයි අතර තියෙන්නේ ලොකු සම්බන්ධතාවක් නෙවෙයි. සමහර අය අමර වුණාට, සමහර අය අමරණීය වුණාට, සමහර අයට රමණීය වෙන්න බැරි වෙලා තියෙනවා. අමරණීය කියන එකෙන් අකුරක් අයින් කරපු ගමන් නිර්මාණය වෙන්නේ රමණය කියන එක. රමණය කියලා කියන්නේ වෙනම වචනයක්. රමණය කියන එකේ අකුරු එහෙ මෙහෙ කරලා අලුත් සෙල්ලමක් දැම්මාම මරණය බවට පත්වෙනවා. මරණයයි, රමණයයි අතර සම්බන්ධයක් නැති වුණාට මේ වචන දෙකේම තියෙන්නේ එකම අකුරු. කතන්දරේ පිට යනවා. එන්නම් ආයෙත් කතාවට.

අමරෙ මාමා. අමරේ මාමා ජීවත් වෙන්නේ අපේ රටේ. එයා බොහොම දැන උගත්කම් තියෙන දක්ෂයෙක්. හැම වෙලාවකම මේ රටේ ඉහළ පුටුවල වැජඹෙන්න ලැබුණු වාසනාවන්තයෙක්. සුදෝසුදට ඇඳලා කිරි කොකා වගේ ඇවිල්ලා ලස්සනට හිනාවෙනවා. මේ රටේ මිනිස්සුන්ට උපදෙස් දීලා රට කරවන්න ආපු ආමරේ මාමා පහුගිය දවස්වල අමුතු අමුතු කයි කතන්දර කිව්වා. මොකද ඔය අමරෙ මාමලගෙ කණ්ඩායම මේ කාලෙ ගතකරන්නේ ටිකක් නන්නත්තාර වෙලා. අමරෙ මාමාලගෙ ලොකු මහත්තය එක එක ඒවා කියනවා. අමරෙ මාමට දවසක් වුවමනා වුණා ලොකු මහත්තයට බම්බු ගහගන්න කියලා ජීවිතේ විඳින්න. ඔය ෆේස්බුක් එකේ තියෙන්නේ, අරකට බම්බු ගහගන්න, මේකට බම්බු ගහගන්න කියලා ජීවිතේ විඳින කොල්ලෙක් කියලා. අමරේ මාමා දැන් එහෙම කොල්ලෙක්. ඔන්න අමරේ මාමා පහුගිය කාලෙ තෙල් නැති වෙලාවෙ ෆුට් සයිකල් පදින්න පටන්ගත්තා. එතකොට අමරේ මාමා ෆුට් සයිකල් අමරේ මාමා බවට පත්වුණා. මිනිස්සු දුක් විඳිනවා කියලා කියපු ගමන් අමරේ මාමා කියන්න ගත්තා කොහෙද මිනිස්සු දුක් විඳින්නේ? මිනිස්සු විඳින්නේ සැප කියලා. තෙල් නැති එක සැපක් කරගත්ත අමරේ මාමා අමරණීය ආතල් එකක් ගත්තා ෆුට් සයිකල් එහෙම පැදලා. කන්න බොන්න නැතිවෙනකොට අමරේ මාමට ඒවා ගැන කතා කරන්න සිහියක් කල්පනාවක් නොතිබුණේ අමරේ මාමා ඒ වෙනකොට හිටියේ ආතල් එකේ හින්දා. ඔන්න ඔහොම ජීවත් වෙනකොට අමරේ මාමට මේ ආණ්ඩුවලින්, එහෙන් මෙහෙන් වරප්‍රසාද හම්බවෙන්න පටන්ගන්නවා. එහෙම හම්බවෙනකොට අමරේ මාමට දැනෙන්න පටන්ගන්නවා මේ සියලු දුක් පැණිරහයි කියලා. පැමිණි දුක් පැණිරහයි කියලා පරණ සින්දුවකුත් තියෙනවනේ. අමරේ මාමා ඔය සින්දුවත් කියාගෙන ආතල් එකේ ඉන්නකොට, පහුගිය දවසක හදිසියේම අමරේ මාමාගෙ වෙස් මාරුවෙනවා. අපේ ඔය ගම්වල ඉන්නවනේ සමහර මාමාලා රෑට හවසට අඩියක් ගැහුවට පස්සේ වෙනමම ආතල් එකක් ගන්න. උදේ හිටපු එකා නෙවෙයි රෑට ඉන්නේ. සමහර වෙලාවට උදේට කකුල් දෙකෙන් ගිහිල්ලා, හවසට එන්නේ කකුල් හතරෙන්. උදේ තිරස් රෑට සිරස්. මේගොල්ලෝ තිරස් හරස් නෙවෙයි හැම දේටම හරස්. එහෙම හරස් වෙන්නේ ආණ්ඩුව තමන්ට සලකන්නේ නෑ කියලා දැනෙනකොට. මේගොල්ලන්ගෙ එකම වුවමනාව වෙලා තියෙන්නේ මට සලකනවද, මට ආදරේද, මට කන්න දෙනවද, මාව ඇමැතිකමකට ගත්තද කියන ටික විතරයි. කොහොම නමුත් අපි කියන්නේ මේ අමරේ මාමා ගැන නෙවෙයි. සමහර අය එහෙමයි. එහෙම කෙනෙක් නෙවෙයි මේ අමරේ මාමා. අමරේ මාමා කියලා කියන්නේ සද්ගුණවත්, ශාන්තදාන්ත, සුදෝසුදට ඉන්න ලස්සන කොලුපැටියෙක්. අමරේ මාමා දැන් කියනවා අමරේ මාමාට හරියට රටේ තියෙන ප්‍රශ්න දැනෙන්න පටන් අරගෙන කියලා. ජීවන බර අමරේ මාමටත් දැනෙනවලු. ජීවන බර කියපු ගමන් මට දැනිච්ච එකම දේ තමයි මේ කතන්දරේට මගෙ නම් සම්බන්ධයක් නෑ කියන එක. මොකද මේ ආර්ථික ප්‍රශ්න ලංකාවට ආපු වෙලාවෙ ඉඳන් හැම වෙලාවකම මේ කතන්දර ඇතුළේ ලොකුම අපහසුතාවට පත්වෙන මිනිහෙක් තමයි මේ ලියන මම. තැන් තැන්වල කියනවා ජීවන බර අඩුකරන්න කියලා. එහෙම බරක් නෑ කියලා කොච්චර කිව්වත් කවුරුත් පිළිගන්නේ නෑ. ජීවන වියදම දරාගන්න බෑ කියලා කියනකොට, වියදම් කරන්න සොච්චමක් නැතුව අමාරුවෙන් ජීවත් වෙන අපට හුඟක් රිදෙනවා. ඒ වුණාට මොනවා කරන්නද? අමරෙ මාමා දැන් කියනවා අමරේ මාමට ජීවන බර දැනෙනවලු. ජීවන බර කියලා කියන්නේ මගේ බර නෙවෙයි. ජීවන බර කියලා කියන්නේ මිනිස්සුන්ට කන්න බොන්න නැති එකේ බර. අමරේ මාමා ගාව තියෙන සල්ලි ඉවර වෙලා. ෆුට් සයිකල් පැදපු අමරේ මාමා දැන් ඉන්නේ අසරණ වෙලා. ඒ නිසා අපි හැමෝම එකතු වෙලා දෙමු අමරේ මාමට හොඳ හූවක්. නෑ නෑ, හූවක් නෙවෙයි අත්පුඩියක්. අමරේ මාමා ෆුට් සයිකලෙන් බැහැලා සැබෑ ලෝකෙට ආපු නිසා. අමරේ මාමා කලින් ඉඳලා තියෙන්නේ ආතල් එකක. දැන් ඉන්නේ හැබෑ ලෝකෙ. හැබැයි ආයෙත් එයාට කවුරු හරි ආතල් එකක් දුන්න ගමන් මේ සියලු ප්‍රශ්න අමතක වෙලා රට සුඛිත මුදිතයි කියලා දැනෙන්න පටන් අරගන්නවා. ඊට කලින් අමරේ මාමා පියවි සිහියෙන් ඉන්න ටිකේ ඡන්දයක් තිබ්බොත් එහෙම ළමයි මතක තියාගන්න ඕනෙ අමරේ මාමට විතරක් නෙවෙයි, අමරේ මාමගෙ යාළුවො රොත්තටම හොඳට සලකන්න. ඒ කියන්නේ අමරේ මාමට ඉන්නවා යාළුවො 224 දෙනෙක්. ඒ 224 දෙනාම අමරේ මාමලා අපට පෙන්නුවට තරහයි කියලා අමරේ මාමලා ඔක්කොම ඉන්නේ එකම බෝට්ටුවේ. ඒ නිසා ඒගොල්ලො ඔක්කොම අමරේ මාමලා නෙවෙයි, ‘ඇමරේ’ මාමලා කියලා කියන එකයි මම හිතන්නේ හොඳම දේ.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

රනිල්ගෙන් චන්ද්‍රිකාටත් ලොකු තනතුරක්!

Next Post

මේ සතියෙ ඉඳන් යාපනෙන් චෙන්නායි යන්න පුලුවන්!‌ කොළඹ ඉඳන් යනවට වඩා ගාණත් අඩුයි!

MORE NEWS

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

Load More
රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Uncategorized

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

තමා රටේ ජනතාව වෙනුවෙන් විපක්ෂයේ සිට සේවය කිරීමට ද විවිධ පාර්ශ්ව බනින බවත් තමාට සහ පක්ෂයට ලැබෙන මුදල් උපයෝගී කර...

Read more
බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.