• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාමාගෙ 78 හෙණෙයි බෑනාගෙ 22 හෙණෙයි ගැන අනුර දැකපු දේ! (VIDEO)

October 4, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
මාමාගෙ 78 හෙණෙයි බෑනාගෙ 22 හෙණෙයි ගැන අනුර දැකපු දේ! (VIDEO)
Share on WhatsAppShare on Facebook

රනිල් මාමා වූ හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතා 1978දී ලංකාව සිංගප්පූරුවක් කරන බව පැවසූ බවත්, වසර 44කට පසු අද රනිල්ද ලංකාව සිංගප්පූරුවක් කරන බව පවසන බවත් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා කීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.

එහිදී ඔහු වැඩිදුරටත් දැක් වූ අදහස්,

“එළඹෙන බ්‍රහස්පතින්දා සහ සිකුරාදා 22වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගැනීමට ආණ්ඩුව සූදානම් වනවා. අපේ රටට 1978දී ගෙන එන ලද ව්‍යවස්ථාව රටට යෝග්‍ය නොවන බව අපි සියලු දෙනා දන්නවා. විවිධ අවස්ථාවල, විවිධ අරමුණු පෙරදැරිව මේ ව්‍යවස්ථාවට විවිධ සංශෝධනයන් සිදුවී තිබෙනවා. අප උත්සාහ කරන්නේ මෙම නව ආ.ක්‍ර.ව්‍ය. සංශෝධනය වඩා යහපත් සංශෝධනයක් බවට පත් කර ගැනීමටයි. මෙම 1978 ව්‍යවස්ථාව අපේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් හෝ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය හෝ ජනතාවගේ පරමාධිපත්‍යය නියෝජනය කරන්නේ නැහැ. මේ නිසා දේශපාලන ව්‍යාපාරයක් ලෙස අප, මේ ආ.ක්‍ර.ව්‍ය. වෙනුවට නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් මේ රටේ සම්මත කර ගත යුතුව තිබෙන බවට වන ස්ථාවරයක සිටිනවා. මේ විනාශකාරී විධායක ජනාධිපති ධුරය අහෝසි විය යුතුයි. මෙම විධායක ජනාධිපති ධුරය අපේ රටේ ප්‍රජාතාන්ත්‍රික ආයතන මුළුමනින්ම විනාශයට පත් කරන, තනි පුද්ගයෙක් අතට සියලු බලය කේන්ද්‍ර ගත වන තනතුරක්. එය අහෝසි වන, ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් ශක්තිමත් වන, ජනතාවගේ මූලික අයිතිවාසිකම් තවත් තහවුරු වන, වංචා දූසණ නාස්තියට තිත තබන රෙගුලාසි පැනවෙන නව නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් අපේ රටට අවශ්‍යයි.

අපි පක්ෂයක් ලෙස දීර්ඝ කාලයක් නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් පෙනී සිටියා. නමුත් බලයට පත්වූ ආණ්ඩු මැතිවරණවලදී නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ අදහස ඉදිරිපත් කළා. චන්ද්‍රිකා මහත්මිය, 2015දී රනිල්-මෛත්‍රී ආණ්ඩුව නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බවට ජනතාවට පොරොන්දු දුන්නා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මේ පාර්ලිමේන්තුවේ 20වැනි සශෝධනය සම්මත කරගන්නා අවස්ථාවේදී ඔහුගේ දෙවැනි ධුර කාලය ආරම්භ විමට පෙර නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බවට රටට පොරොන්දුවක් දුන්නා. ද්විත්ව පුරවැසිභාවය වැනි සශෝධන 20වැනි සශෝධනයට ඇතුළත් කරන්නේ ඒවා ඉවත් කිරීම සඳහා සම්පූර්ණ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරන බව කියමිනුයි. ඒ වෙනුවෙන් ජනාධිපති නීතීඥවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කාර්යාලයක් ආරම්භ කර නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඔවුන් විසින් සකස් කර තිබුණා.

මේ කිසිවක් ඉලක්ක සහගත ඵලදායී ව්‍යාපෘති බවට පත් වූයේ නැහැ. නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ ජනතාවගේ වුවමනාව මේ පාලකයන් විසින් ඉටු කිරීමට අසමත් වී තිබෙනවා. දැන් නැවතත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට නව සශෝධනයක් ගෙනැවිත් තිබෙනවා. 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ගෙනා පළමු සහ එකම ප්‍රජාතන්ත්‍රවාදී සශෝධනය 17වැනි ආ.ක්‍ර.ව්‍ය. සශෝධනයයි. ඒ ජනතා විමුක්ති පෙරමුණ, චන්ද්‍රිකාගේ ආණ්ඩුව පරිවාස පාලනයකට ලක්කිරීමෙන් පසුව මේ රටේ ජනතාවට දිනා දුන් ජයග්‍රහණයක්. එදා පාර්ලිමේන්තු නියෝජනය කළ එක් මන්ත්‍රීවරයෙක් හැර අනෙක් සියලු දෙනා 17 සම්මත කර ගැනීමට සහය දුන්නා. නමුත් මහින්ද රාජපක්ෂ 2010දී තමන්ට 2/3 ලබා ගත්තාට පසුව එම 17 අහෝසි කර එහි ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ යටපත් කරමින් නැවත 18 වැනි සශෝධනය ගෙනාවා. නැවත 2015 මැතිවරණයෙන් පසුව 18වැනි සශෝධනය ඉවත් කර ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වන 19වැනි සශෝධනය ගෙනාවා. නැවත 19 අහෝසි කර 20වැනි සශෝධනය ගෙනාවා. එහෙත් මේ පාර්ලිමේන්තුවේ මේ සංශෝධන 04ටම අත එසවූ අය ඉන්නවා. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමටත් ඒවා අහෝසි කිරීමටත් ඔවුන් අත් ඔසවා තිබෙනවා. ගමේ මරණාධාර සමිතියකවත් මෙවැනි සාමාජිකයින් නැහැ. පස්වැනි වතාවටත් මේ පිරිස එළඹෙන සිකුරාදා 22වැනි සංශෝධනයට අත එසවීමට බලාගෙන සිටිනවා. මේ පාර්ලිමේන්තුව අරුම පුදුම පාර්ලිමේන්තුවක්.

ඒ නිසා මේ පාර්ලිමේනතුව නියෝජනය කරන බොහෝ මන්ත්‍රීවරුන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන හෝ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් ශක්තිමත් කිරීම ගැන හෝ නව ව්‍යවස්ථාවක වුවමනාවන් පිළිබඳව උනන්දු වන කණ්ඩායම් නොවන බව ඉතාම පැහැදිලියි. ඒ මොහොතේ තමන්ගේ බඩ වියත රැකගැනීමට උපයෝගී වෙන්නේ කුමක්ද යන්න මත ඔවුන් ඡන්දය ප්‍රකාශ කරනවා. ඒ නිසා මේ 22වැනි සශෝධනයත් වඩාත් ප්‍රජාතාන්ත්‍රික කර ගැනීමේ අවශ්‍යතාවක් අපට තිබෙනවා. ඔබට මතක ඇති, 19වැනි සංශෝධනය සකස් කරන මොහොතේදී අපි යෝජනාවක් ඉදිරිපත් කළා. අද අපේ රටේ දේශපාලනයේ විශාලතම විනාශයකට හේතු වී තිබෙන්නේ මන්ත්‍රීවරුන්ගේ පිල් මාරුකිරීමයි. ඇමතිකම්වලට, වරදානවලට, මුදල්වලට, ඉඩම්වලට, ගෙවල්වලට නඩු ඉවත් කර ගන්න එහෙම මෙහෙට පනින සංස්කෘතියක් තිබෙනවා. ජනතාව ඡන්දය ප්‍රකාශ කළ පසුව පාර්ලිමේනතුව එහෙට මෙහෙට පැන ජනතාවගේ මතය විකෘති කරනවා. තමන්ට ලබා දුන් ජන වරමට එරෙහිව කටයුතු කරන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධුරය අහෝසි කළ යුතුයි කියන සංශෝධනයක් අපි 19වැනි සංශෝධනයට ඉදිරිපත් කළා. 19 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරද්දී එහි මුල් පිටපතේ එය ඇතුළත්ව තිබුණා. එහෙත් කාරකසභා අවස්ථාවේදී දිනේෂ් ගුණවර්ධන එයට එරෙහි වූවා. විජේදාස රාජපක්ෂ එය එකඟ වුණා. පැත්ත මාරු කළොත් මන්ත්‍රී ධුරය අහෝසි වන බවට වූ යෝජනාව ඉවත් වුණා.
තමන් ඡන්දය ලබා දී පත් කරන මන්ත්‍රීවරයා වරප්‍රසාද වරදානවලට, අපරාධවලින් හැංඟෙන්න පිල් මාරු කිරීමේ සංස්කෘතිය වෙනස් විය යුතු බව මේ රටේ ජනතාව කවුරුත් පිළිගන්නවා. ඒත් 19වැනි සංශෝධනයේදී පාර්ලිමේනතුව විශ්වාස කළේ එය නෙමෙයි. කෙසේ වෙතත් අවම වශයෙන් මෙම 22වැනි සංශෝධනයට මෙම සංශෝධනයවත් ඇතුළත් විය යුතු යැයි අපි විශ්වාස කරනවා. සම්පූර්ණ ව්‍යවස්තාවක් වෙනස් කිරීම දීර්ඝ, සංකීර්ණ ක්‍රියාවලියක්. මොවුන් එවැන්නක් කරන්නේ නැහැ. ඔවුන්ගෙන් එවැන්නක් ඉල්ලීමෙන්ද පලක් නැහැ. නමුත් අවමයෙන් පක්ෂ මාරු කළහොත් මන්ත්‍රී ධුරය අහෝසි වන බවට වන වගන්තිය ඊට ඇතුළත් විය යුතුයි.

SendShareShare
Previous Post

ආණ්ඩුවේ කණ්ඩායම් රැස්වීමේදී පොලිස්පතිට දැඩි ප්‍රහාරයක්! වහාම ඉවත් කරන ලෙස ජනපතිට දැඩි බලපෑම්!

Next Post

ලක්ෂ 223ක තඹුත්තේගම කොල්ලය තනියෙන් වැළැක්වූ ‌පොලිස් වීරයාට පොලිසියෙන් කරපු දේ! ලොකු ලොක්කො ළඟ තියාගෙන පොලිස් වීරයා කියපු දේ! (VIDEO)

MORE NEWS

රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News
Exclusive

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

Load More
රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News
Exclusive

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට Wolverhampton විශ්වවිද්‍යාලයෙන් පිරිනැමූ ගෞරව මහාචාර්ය උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි වීම සඳහා බ්‍රිතාන්‍යය බලා යෑමට රුපියල් මිලියන 16.6ක...

Read more
අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.