• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

දෙයියන්ගෙ මල්ලිත් එක්ක හැප්පෙන්න මහින්දගෙ මල්ලිට පුළුවන්ද?

December 29, 2019
in News, Politics, Uncategorized
Reading Time: 3 mins read
A A
දෙයියන්ගෙ මල්ලිත් එක්ක හැප්පෙන්න මහින්දගෙ මල්ලිට පුළුවන්ද?
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ආර්ථිකය අද වන විට ඇත්තේ බරපතළ අර්බුදයකය. වසර ගණනාවක් තිස්සේ සිදුවුණු ක්‍රමික සිදුවීම් පෙළක ප්‍රතිපල දැන් අප සියල්ලෝම එක්ව භුක්ති විඳිය යුතුය.
‘ගෝඨගෙ ආණ්ඩුවනෙ’
කියනා එජාප හිතවතුන්ට ඒ ව්‍යසනය අලුත් ආණ්ඩුව පිට පටවා ඇඟ බේරාගත නොහැක. එයට හේතුව 2015 සිට පැවැතියේ එජාප ප්‍රමුඛ හවුල් ආණ්ඩුවයි. රනිල් – මෛත්‍රි එක්ව දීග කෑ යුගය ජනතාවට අමතක නැත. රනිල් අගමැති වී මෛත්‍රි ජනපති වූ ආණ්ඩුව ගොනා ගොඩටත්, මීමා මඩටත් ක්‍රමයේ එකකි. නමුත්,
‘කරන්න දුන්නෙ නැහැ අප්පා’
කියමින් අඳෝනා කියන්නට කිසිවෙක්ට නොහැක. ඒ මේ ක්‍රමයට තනතුරු හදාගත්තේ ඒ අයමය. පැදුරටත් නොකියා මහින්ද පිලෙන් පැන ආ මෛත්‍රිට, රනිල්ව රවට්ටා මහින්දව යළි අගමැති කළ මෛත්‍රීට එල්ලනවා, එල්ලනවා කියමින් සිට මිනීමරුවෙක් නිදහස් කළ මෛත්‍රීට,
‘අන් රනිල්ල කරන්න දුන්නෑ’
කියන්නට අයිතියක්, සදාචාරාත්මක යුතුකමක් නැත. මහින්දලාගේ පිලෙන් පැදුරටත් නොකියා පිටවූ දිනේත්, මෛත්‍රි කීවේ,
‘කරන්ඩ දුන්නෙ නෑ’
කියන එකය. ඒ නිසා මෛත්‍රී රජයට මේ ප්‍රශ්නයේ වගකීමක් තිබේ.
කැබිනට් එකේ වැඩි බලයක් සහිත, රට රටවල සබඳතා ඇති කෘතහස්ත දේශපාලකයෙක් වූ රනිල් මේ රට ගැලවුම්කාරයා බව සමහරු හිතමින් උන්නේය. නමුත් රනිලුත් නැටූ නැටුමක් නැත. අන්තිමට බෙරේ පළුවක්ද නැත. අවුරුදු පහට තට්ටු කරමින් උන්නා මිස රනිල්ලාද හයේ ඒවා ගැහුවේ නැත. ඒත් සමහරු හිතුවේ රනිල්ලා සෙන්චරි පිට සෙන්චරි ගහයි කියාය.
‘ඒකනෙ 2015 පස්සෙ රට කෑවා’
කියන මහින්ද ආණ්ඩුවද මේ ආර්ථික අවමානයෙන් බේරෙන්නේ නැත. ව්‍යවස්ථාවට ඓතිහාසික සංශෝධන ගෙනෙමින් රට උඩු යටිකුරු කළ මහින්ද මේ රටේ යුද්ධයද ඉවර කළේය. නමුත් කෙරුංකාරකම ආර්ථිකය පැත්තෙන් වුණේ නැත. ණයට අරං මඟුල් කෑවා වගේ වැඩ ඕනෑ තරම්ය. ඒ නිසා ඒ ආණ්ඩුවද මේ කතාන්දරයේ කොටස්කාරයෝය.

මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න

‘මහින්දලා තමා වැරැදි’
කියන චන්ද්‍රිකාටද මේකේ කොටහක් ඇත. ඩී. බී.ට, ප්‍රේමදාසට පමණක් නොව විවෘත ආර්ථිකය ගෙනා ජේ. ආර්. ද ඉන්දියාවෙන් ගලවාගෙන ආ ස්වදේශ ප්‍රතිපත්ති මල්මාලය මේ පොළොවේ පැළ කරන්නට ගොස් බින්දුවට පැරදුණ සිරිමාද මේකට වගකිවයුතුය. කොටින්ම සරලවම කියනවා නම් එදා සිට මෙදා සිට ඔක්කෝම නිව්ටල් එකේ පල්ලං බැස්සා මිස ගියර් එකක් දමා කන්ද නඟින්නට උත්සාහ කළේ නැත. අවසානයේ අපි අද ඉන්නේ අන්ත අසරණ අඩියකය. ඉන් ගොඩ එන්නට මේ රජයද වැඩ කළ යුතුය.
‘අරයලා කරපු දේ’
යැයි කියමින් අකම්පාල වීමෙන් වැඩක් නැත. මිනිස්සු අලුත් රජයක් පත්කරගන්නේම බලාපොරොත්තු සහිතවය. දැන් විකට් එකේ ඉන්නට කාලයක් නැත. පවර් ප්ලේ එකේ හයේ ඒවා අවශ්‍යය. දේශපාලන සෙප්පඩ විජ්ජාවලින් ජනතාව ඇන්දූ අය, කළ විපත අපමණය. ඒ නිසා විසඳුම් වහාම අවශ්‍යය.
මේ සඳහා සමහර තැනක අමුතු අමුතු විසඳුම් ගැන කියැවෙයි.
‘මාසෙක පඩිය රජයට දෙන්න’
‘පිටරටවල ඉන්න අය රටට ඩොලර් දාහක් එවන්න’
ඒ එවැනි ඒවාය. ඔය අතරට ලංකාවේ බදු අඩු විය. සමහර බදු ඉවත් විය. ලංකාවට අතිවිශාල ණය වාරිකයක් ලබන වසරේ ගෙවන්නට තිබේ. එය සුළුපටු නැත.
ඒ නිසා මේ පිළිබඳව අප කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්.ඩී. කරුණාරත්නගෙන් විමසා සිටියෙමු.
මෙතැන් සිට ලියැවෙනුයේ මහාචාර්යතුමන් අපට කී කතාවයි.
‘අපි යම්කිසි ආර්ථික අර්බුදයක් විසඳන්න නම් ඒකෙ ස්වභාවය අවබෝධ කරගත යුතුයි. ඇත්තටම අපේ රටේ තියෙන ආර්ථික අර්බුදයේ ස්වභාවය මොකද්ද?’
එතුමන් මෙහි ස්වරූප දෙකක් පිළිබඳ පෙන්වා දෙයි.
‘ඉන් එකක් ආදායම් සහ වියදම් අතර පරතරය.’
‘අනෙක විදේශ විනිමය එන යන පරතරය.’
මේ ස්වරූප දෙකට අවශ්‍ය විසඳුම් සම්බන්ධවද මහාචාර්යතුමන්ගේ අදහස් වැදගත්ය.
‘ආදායම් – වියදම් අතර පරතරය පියවන්න නම්, කොහොමද වියදම් වැඩි වුණේ කියන එක හොයන්න ඕනෑ. ඒකට කරන්න ඕන රජය් වියදම අඩුවන එක. රජයෙන් හුඟාක් වෙලාවට කළ අනවශ්‍ය වියදම් කපා හරින්න ඕන. දැන් උදාහරණ විදියට ගිය ආණ්ඩුව සමෘද්ධිය ලක්‍ෂ හයකට දෙන්න ලෑස්ති කළා. ඕවර් නයිට් සල්ලි බෙදලා දුප්පත්කම නැති කරන්න බැහැ. රාජ්‍ය වියදම තර්කානුකූල වෙන්න ඕන. ටෙන්ඩර් එකේ සිට රාජ්‍ය අංශයේ වියදම් විශාල වශයෙන් වැඩියි. සාමාන්‍යයෙන් රාජ්‍ය අංශයේ ගොඩනැඟිල්ලක් හදන්න යන වියදම සාමාන්‍යයෙන් ගණනට වඩා හතර ගුණයක් වැඩියි. ඒකට කොමිස්, අරහෙ මෙහෙ එකතු වෙලා.
ඒ වගේම රාජ්‍ය අංශයේ නිලධාරීන්ට ලැබෙන ඉහළ වැටුප් සහ ගෙවීම් දශක දෙකක තුනක කාලයක් තිස්සේ දේශපාලයෙ තමන්ගේ නෑදෑ, හිතමිත්‍රාදියෝ. මේ තනතුරුවලට දාගෙන, ඒ අයට රජයේ මුදල් විශාල වශයෙන් ගෙවනවා. ඒ අයව නිවැරැදි ලෙස පත් කරලා සුදුසුකම් අනුව, සාමාන්‍ය මට්ටමේ වැටුපක් ලබා දිය යුතුයි. ඊළඟට රාජ්‍ය ආයතනවල බඳවා ගැනීම්, සමහර වෙලාවට එක වැඬේට සේවකයො හතයි අටයි. ඒ ගෙවන මුදල් විශාල ප්‍රශ්නයක්.
ඒ වගේම ඉදිකිරීම්, භාණ්ඩ හා සේවා සැපැයීමෙන් ලැබෙන ඒ විශාල ලාභ, ජපානය වගේ රටවල එහෙම ඒවා නැහැ. ඒ අය උත්සාහ කරන්නෙ තමන්ගෙ නිෂ්පාදන විදේශ රටවලට අලෙවි කරලා ලාභ ලබන්න. හැබැයි මේ අයට එහෙම හුරුවක් නැහැ.
රේගුව, වරාය, ආදායම් බදු එක වගේ ආයතනවල ක්‍රියා කලාපයන් ක්‍රමවත් කරන්න ඕන. ඒ හරහා රටට මුදල් ලැබෙනවා. මේ ආයතන සියල්ලම එකට එකතු කරලා ඬේටා බේස් එකක් දන්න ඕනෙ.
ඒ වගේම ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමේ රජයේ නිලධාරීන් පහක් හයක් ඉන්නවා. ඒ අය අතරින් කෙනෙක් යොදලා ලැප් එකක් දීලා ග්‍රාමීය මට්ටමේ ඉඳලම තොරතුරු රැස් කරන්න ඕනෙ. ඒ හරහායි රටේ දුප්පත්කම නැති කිරීමේ වැඩසටහන් දියත් කළ හැක්කේ.
මේ විදියට අපි කතා කළේ රටේ අභ්‍යන්තර ආර්ථික ගැටලුවනෙ. ඊළඟට බාහිර ප්‍රශ්නය. විදේශ විනිමය ගැටලුව. අපිට ගොවියා, ව්‍යවසායකයා විදියට වැඩසටහනක් හදන්න පුළුවන්. විශාල වශයෙන් පලතුරු හා එළවළු ආනයනය නතර කරලා අපනයනය පිළිවෙළ යොදන්න පුළුවන්.
ඒ වගේම විදේශ අධ්‍යාපනයට යොදන මුදල අපේ දරුවො රටේ මුදල් මිලියන හත, අට, නවය අරගෙන විදේශ සරසවි වලට යනවා. හැබැයි අපි පුළුවන්කමක් තියෙනවා අපේ ළමයි යන එක නතර කරලා අපි විදේශ ශිෂ්‍යයෝ ගෙන්න ගන්න ඕන. ඒකට දේශීය විශ්වවිද්‍යාලවල ආකර්ෂණීය පසුබිමක් අවශ්‍යයි. ඒ තත්ත්වය නිර්මාණය කරන්න නම් පාලක මණ්ඩලවලට විදේශ අත්දැකීම් සහිත තරුණයන් පත්විය යුතුයි.
අපිට තියෙන ලොකුම අර්බුදය වෙන්නෙ ණය. එකක් ගත්ත ණයට අනෙක පොලී වාරික එතැනදී පොලී වාරිකය විශාල ප්‍රතිශතයක් වීම වගේම රුපියල අවප්‍රමාණය වීම නිසා ඇති වන ප්‍රශ්නයත් බලපානවා. මේ ණය වාරික සම්බන්ධ ඒ රටවල් සමඟ සාකච්ඡා කරලා විසඳුමක් හොයන්න ඕන. ඒ අතර රුපියල අවප්‍රමාණය වෙලා ණය වටිනාකම දෙගුණ තෙගුණ වෙන එක නවත්තන්න ඕන.
සාමාන්‍ය අපි විසින් අපනයනය කරන ප්‍රධාන දේ රෙදිපිළි නෙවෙයි. මිනිස් ශ්‍රමය. අපේ රටේ බිලියන 3.5ක විතර ප්‍රමාණයක් විදේශගතව ඉන්නවා. ඒ අය ඩොලර් බිලියන හයක, හතක විතර ප්‍රමාණයක් රටට ගේනවා. ඉන්දියාවේ මේ ප්‍රමාණය බිලියන 80ක්. අපේ ජාතික ආදායමට සමානයි.
අපේ තානාපති සේවයට මෙතැනදී විශාල වගකීමක් තියෙනවා. විදේශ රටවල රැකියා වෙළෙඳපොළ ගැන හොයන්න. ඊට සමානව ලංකාවේ අධ්‍යාපන ක්‍රමය දියුණු කරන්න. රැකියා මූලික අධ්‍යාපනයට දරුවන්ව හුරු කරන්න. ඒ වගේම ඒ රටවල ඉල්ලුම පිළිබඳ හොයලා බලන්න. දැනට අපි ජපානයට කෘෂිකාර්මික නිෂ්පාදන යවන්නෙ නැහැ. හැබැයි ජපානය, මැලේසියාව, චීනය වගේ රටවලින් එහෙම ගන්නවා. අපි මේවා හොයලා අපනයන වැඩ පිළිවෙළ හදන්න ඕන. තානාපති සේවය හරහා අපේ රටෙන් ඒ රටවලට ගිය අය ගැන හොයලා ඒ අයගෙන් රටට මුදල් ගලා ඒමේ සැලැසුමක් හදන්න ඕන. ඒවා නිශ්චිතව ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් අපිට අසීරුවෙන් නැඟිටින්න පුළුවන්.’
මහාචාර්ය තුමන්ට අනුව, තොරතුරු ඉතා වැදගත්ය. ඒ දේශීයව සහ ජාත්‍යන්තර මට්ටමෙන් යන දෙකෙන්මය. කෙසේ වෙතත් රටක හොරකම, දූෂණය නතර විය යුතුය. නමුත් වෙන්නෙ නතර වීම නොව තරවීමය. අපි මේ වැටී ඉන්නේ ඒ වළේය.

ජීවන පහන් තිලිණ

SendShareShare
Previous Post

දක්ෂිණ අධිවේගියේ අවසන් ගමන් ගිය ඉන්දීය මහා සාහිත සලකුණ

Next Post

කාටත් බිදින්න බැරි ‌පොල‌ොන්නරුවේ වැලි-‌හෝටල්-හාල් මාෆියාව බිදින්න ‌රොෂාන්ට පුලුවන්ද?

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Uncategorized

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Uncategorized

ලබන අවුරුද්දේවත් අඩුවට මාළු කෑල්ලක් කන්න පුළුවන් වෙයිද? අනුර ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි! PHOTOS I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Uncategorized

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News
Uncategorized

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News

Load More
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සිකුරාදා (24) විවාදයට ගැනීමට නියමිතය.Sri Lanka Latest...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.