• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාස්ටර් සර් අපිව දාලා ගිහින් අවුරුදු 50යි…

October 5, 2022
in Exclusive, Heart, News
Reading Time: 6 mins read
A A
මාස්ටර් සර් අපිව දාලා ගිහින් අවුරුදු 50යි…
Share on WhatsAppShare on Facebook

ඔහු උපන්නේ වර්ෂ 1937 පෙබරිවාරි මස 05 වැනි දිනය. ඔහු මෙලොවින් සමුගත්තේ වර්ෂ 1975 අප්‍රියෙල් මස 23 වැනි දිනය. ඒ අනුව ඔහු ජීවත් වූයේ අවුරුදු 38ක් පමණෙකි. එහෙත් මියගොස් වසර 50ක් පමණ ගෙවී ගියද තවමත් ඔහු පිළිබඳ කතිකාව අවසන් වී නොමැත.

‘මාස්ටර් සර්… මගෙ හිමිකම මට දෙන්න…’ ගීතයේ කටහඬ පටිගත කිරීමට 1974 වසරේ දිනක් ඔහු හැඳල විජය චිත්‍රාගාරය වෙත පැමිණියේය. එදින ඔහු දැඩි ලෙස රෝගාතුරව සිටි බැවින් එහි රැඳී සිටි බොහෝ දෙනා ඇතැම් විට කලබලයට පත්වන්නටත් ඇත. නමුත් නෙවිල් දැඩි දුෂ්කරතා වේදනා මධ්‍යයේ වුවද එය සාර්ථකව අවසන් කළේය.

පටිගතකිරීම් අවසානයේදී සියල්ලන් ප්‍රශ‍‍ංසා කරන අතර ඔහු වේදනාවෙන් නළියමින් කියා සිටියේ චිත්‍රපටය ප්‍රදර්ශනය වන කල එය බැලීමට තමා ජීවතුන් අතර නොසිටින බවය. ඒ වන විටත් මහා දරුණු පිළිකා රෝගයකින් ඔහු පීඩා විඳිමින් ප්‍රතිකාර ලබමින් සිටියේය. එය ලියුකේමියා හෙවත් ලේ පිළිකාවයි.
ඊළඟ වසරේ, එනම් 1975 දී එම ගීතය රැගත් ‘ කළු දිය දහර’ ප්‍රදර්ශනය වන විට නෙවිල් අවසන් ගමන් ගොසිණි. මිය යාමට මාස කිහිපයකට පෙර ඔහු තැටිගත කළ ‘මා පැතූ මගේ රන් ලොවයි’ එක්තරා ගීතයකින් ඔහු මෙලෙස ගයා තිබිණි.

‘මා පැතූ මගේ රන් ලොවයි – සෙනෙහසින් ඉදිකළ මගේ ලොවයි
මදහසින් එළිවුණ ලොවයි
සියල් යසසිරු එකට කැළැතී – මා පැතූ මගේ රන් ලොවයි
හිරු දහස් සඳු දහස් නැගුණා – බාල මේ කුළු අහස් නැගුණා
මුරුගසන් වරුෂාව වැටුණා – එරන් ලොව සක්වළින් මැකුණා

මෙම ගීතයේ තනුව ස‍ංගීතය ගායනයට සවන් දෙන ඕනෑම අසන්නකුගෙ දෑසට කඳුළක් නොනැඟුණොත් එය විස්මයකි.

(මෙම ගීතය නෙවිල් ප්‍රනාන්දු වෙබ් පිටු අතර ඔබට සොයාගත හැකිය.)

නෙවිල් යනු නිත්‍ය වශයෙන්ම කවුදැයි වෙබ් පිටුවලින් සොයාගැනීම බොහෝ අසීරුය. එහි පළවී ඇත්තේ එකිනෙකට පරස්පර කරුණුය. ඔහු මියගිය දිනය පවා ඇතැම් ලේඛනයන්හි සාවද්‍යය. ඔහු උපන් දිනය පිළිබඳ වුවද පැහැදිලි ප්‍රකාශ සටහන්ව නැත. එසේම ඔහු පිළිබඳ පූර්ණ විස්තර පවා අඩුය. එම නිසාම ඔහුට අසාධාරණයක් නොවන පරිදි ඔහු පිළිබඳ ලිවීමට ඉමහත් ප්‍රයත්නයක් දැරීමට සිදුවිය.

නෙවිල්ගේ පියා මෙලොවින් සමුගෙන ඇත්තේද ඔහු ලෙසින්ම ඉතා අඩු වයසක් වන අවුරුදු 33දීය. ඔහුද නෙවිල් විලසින්ම සංගීතයට හපන්කමක් දැක්වූ කෙනෙකි. ශාස්ත්‍රීය වයලීන වාදනයට දස්කම් පෑවෙකි. නෙවිල් ශාස්ත්‍රීය ගිටාර් වාදනයට සපන්කමක් පෑ කෙනකු විය. එය පියා වෙතින් ජානමය වශයෙන් ලත් හැකියාවක් විය හැකිය. ඔහු කිසි කලෙක කිසිවකු වෙතින් සංගීතය හදාරා නැති බව ඔහුගේ සොහොයුරු එරල් පවසයි. ඔහු ඇතැම් අයට සංගීතය ඉගැන්වූ බව නම් එරල්ට හොඳටම මතකය.

මීගමුවේ ශාන්ත මරියා විදුහලින් ඔහු ශිල්ප හදාර ඇත. පියාගෙ අකල් වෙන්වීම නිසා වැඩිමලා ලෙස නෙවිල්ගේ කර මතට පවුලේ වගකීම් සියල්ල වැටිණි. ඒ යුගයේ සිය මව සමග පවුලේ සියල්ලන් දැඩි දුක් කරදර වින්ද බව එරල් පවසයි.

සංගීත විෂයට සිය පියා ලෙසින්ම නෙවිල් ද විශිෂ්ට දස්කම් පෑ මුත් පාසල් අධ්‍යාපනය නිම කොට උසස් අධ්‍යාපනය ලබනු වෙනුවට කොළඹ මරදානේ කාර්මික විද්‍යාලයට ඇතුළත් වී රැකියාවක් ඉලක්ක කරගෙන පාඨමාලාවක් කිරීමට ඔහුට සිදුවී ඇත. නෙවිල් තුළ ඉලෙක්ට්‍රොනික විද්‍යාව පිළිබඳ පැවැති දැනුම් සම්භාරය විස්මජනක බව ඔහු ඇසුරු කළ බොහෝ අය සඳහන් කරති. ගණිත දැනුමත් ඉලෙක්ට්‍රොනික/ඉලෙක්ටි්‍රක් දැනුම උපයෝගි කරගෙන එවන් අංශයකට යොමු වුණේ නම් (සංගීතවේදියකු නොවී) ආර්ථික වශයෙන් ඔහුට මීට වඩා සාර්ථක දිවියක් ගතකළ හැකිව තිබුණු බව ඇතැම්හු කියති. එහෙත් යාන්තම් බහ තෝරන වියේ සිටම නෙවිල්ගේ සිත ඇදී ගියේ සංගීතයටමය.

මීගමු ප්‍රදේශයේ තමාගේ වයසේම තවත් දෙදෙනකු එකතු කරගෙන ‘Fernando Trio’ (ෆර්නෑන්ඩු ටි්‍රයෝ) ගායක කණ්ඩායම පිහිටුවා ගත් එකල රටේ ජනප්‍රියව පැවැති සිංහල සහ ඉංග්‍රීසි ගී ගැයීම ආරම්භ කළේය. කණ්ඩායමේ අනෙක් සාමාජිකයන් දෙදෙනා වූයේ මෙරිල් ප්‍රනාන්දු සහ බර්නඩීන් ප්‍රනාන්දුය. පසු කලෙක ‘ලොස් කැබැලරොස්’ කණ්ඩායම පිහිටුවීමට මුල් වුණේ ද මෙම ආරම්භයයි.

මෙරට ප්‍රථම ගායක කණ්ඩායම වර්ෂ 1961 මැයි මසදී නෙවිල් ප්‍රනාන්දු විසින් ‘Los Cabellaros’ නමින් ආරම්භ කරන ලදී. මෙම නාමය ස්පාඤ්ඤ එකක් බැවින් එම භෂාව උච්චාරණය කරන ක්‍රමය අනුව එය ‘ලොස් කැබෙයියාරෝස්’ යනුවෙන් උච්චාරණය කළ යුතු වේ.

නෙවිල් මුලාරම්භයේ සිටම ආභාෂය ලැබුවේ පැර්ගුවානු සංගීත ශෛලියෙන් බැවින් ඔහු සිය කණ්ඩායමේ ඇඳුම් නිර්මාණය කළේ ඒ අනුවය.

ශාස්ත්‍රීය ගිටාර වාදනය සඳහා අතෙහි ඇඟිලි පහම භාවිත කිරීම අනිවාර්යය. එම නියාමනය අනුව යමින් ශ්‍රාස්ත්‍රීය ගිටාරය වාදනය කළ නෙවිල් සිය කණ්ඩායම සාමාජිකයන් පස්දෙනකුට සීමා කළේය.
එම කණ්ඩායමේ සාමාජිකයන් පස් දෙනාම ගායනයට සම්බන්ධ වූහ.

(1) නෙවිල් ප්‍රනාන්දු – ප්‍රධාන ගායනය සහ සංගීත සංයෝජනය
(2) හැරල්ඩ් පෙරේරා – තාල තරංග/අමතර වාදන
(3) ලියෝපෝල් පෙරේරා – බේස් ගිටාරය
(4) වර්නන් පෙරේරා – රිදම් ගිටාරය
(5) ක්ලෙමන්ට් රෝලන්ඩ් – රිදම් ගිටාරය

නෙවිල් ප්‍රමුඛ ලොස් කැබෙයියාරෝස් කණ්ඩායම මෙරට ගුවන්විදුලි ගී ලෙසින් මුලින්ම ගායනා කළේ කලින් වෙනත් ශිල්පීන් විසින් තැටිගත කොට තිබුණ ජනප්‍රිය ගී කිහිපයකි. ‘රා මදින්නා’ (සී.ටී.ප්‍රනාන්දු ), ‘උඩරට මැණිකේ’ (සී.ඩී. ෆොන්සේකා, රශීනා යකීම්), ‘වැල්ල සිඹින රැල්ල’ (ධීවරයෝ චිත්‍රපටයේ ගීතයක්) එම ගීත වේ. නෙවිල් මහතා සී.ටී.ගේ ගීවලට දැඩි කැමැත්තක් දැක්වූ බව ප්‍රකට කරුණක් විය. මෙම හේතුව පසු කලෙක සුළු සුළු ගැටලුවලටද මුහුණ දීමට සිදු විය.

ලොස් කැබෙයියාරෝස් ගායනා කළ ‘රා මදින්නා’ ගීතය ගුවන්විදුලියේ වාදනය වීමට එරෙහිව අභාවප්‍රාප්ත සී.ටී. ප්‍රනාන්දු මහතා බලධාරීන්ට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. එම ගීතයේ තනුවද මූලික ගායනයද තමාගේ බැවින් අන් අයකු ගායනා කරන ගීතය ප්‍රචාරය කිරීම සාවද්‍ය බව ඔහු තර්ක කළේය.

(තවත් කොටසක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න)

ප්‍රවීණ සංගීතවේදී මෙල්රෝයි ධර්මරත්න

SendShareShare
Previous Post

ආණ්ඩුව ගල්අඟුරු ටෙන්ඩරය දීමේදී අණ්ඩරයක් කරලා! හර්ෂගේ මුදල් කාරක සභාව යළිත් දැඩි තීන්දුවක් ගනී!

Next Post

තොරතුරු කෝ..? විස්තර කෝ..? වියදම් කෝ..? කියන්නකෝ..? ජනයි-ප්‍රියයි තොරතුරු ඉල්ලලා කරපු අලුත්ම වැඩේ! (VIDEO)

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News
Heart

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.