• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

ආණ්ඩුව ගංජා ගහලාද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

October 1, 2022
in Exclusive, Gurudawa
Reading Time: 9 mins read
A A
ආණ්ඩුව ගංජා ගහලාද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

රනිල් ජනාධිපති වෙලා අරගලය මර්දනය කරන කොට ආණ්ඩුවට කඩේ යන මාධ්‍ය ලොකුවට කීව කතාව ගෝල්ෆේස් අරගල භූමියේ ගංජා පැළයක් හිටුවා බිව්ව කතාවය. හමුදාව අරලියගහ මන්දිරයට ඇතුළු වෙනකොට අරගලකාරයෙක් ගංජා බිබී හිටපු කතාවය. ආණ්ඩුවට කඩේ යන මාධ්‍ය රටට පෙන්වන්න හැදුවේ අරගලයට රැවුල් වවාගෙන ගංජා ගහන උන්ගේ අරගලයක් කියලාය. හැබැයි ආණ්ඩුවේ සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ ගංජා වවන්න යැයි පාර්ලිමේන්තුවේත්, එළියේත් කෑමොර දෙන විට අරගලයට ගංජා ලේබලය අලවපු මාධ්‍යම යුරේකා යුරේකා කියා කෑගසන්නේ ඩයනා විදේශ විනිමය ගේන්න මාර සොයාගැනීමක් හොයාගත්තා කියලා වගේය.

ඇත්ත කතාව නම් ගංජා ගහලා තියෙන්නේ අරගලකාරයෝ නොව අරගලයට පින් සිදුවෙන්න හදාගත්ත ආණ්ඩුවය.

‘ඇයි ආණ්ඩුව ගංජා ගහල කියන්නේ…?’

ගංජා ගහපුවාම උන්හිටි තැන් අමතකය. කිව කතා අමතකය. මේ රනිල්ගේ ආණ්ඩුවේ ඇමැතිවරුත් ඔක්කොම අද ඉන්නේ උන්හිටි තැන් අමතක වෙලා වගේය.

හොඳම නිදසුන් සුසිල් ප්‍රේම්ජයන්ත්ය. සුසිල් දෙල්කඳ පොළට ගිහින් අපූරු සොයාගැනීමක් සොයාගත්තේය. ඒ ගෝඨාගේ ආණ්ඩු කාලයේය. ඔහු බඩු මිල වැඩියි කියා සොයාගත්තේය. බඩු මිල වැඩියි, මිනිස්සුන්ට ජීවත් වෙන්න බැහැ කියලා ඔහු රටටම ඇහෙන්න කෑගැසුවේය. සුසිල් එදා කීවේ තමා සතියට වතාවක්වත් දෙල්කඳ පොළට යනවා කියලාය. එතකොට ඔහු රාජ්‍ය ඇමැතිය. ගෝඨා ඔහුව රාජ්‍ය ඇමැතිකමින් ඉවත් කළේය. අද ඔහු ඇමැතිය. දැන් ඔහුට දෙල්කඳ පොළ අමතකය. දෙල්කඳ පොළ පමණක් නොව තමන් ඇමැති වෙලා ඉන්නේ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව යටතේ කියලත් අමතකය. තමාගේ ජනාධිපති රනිල් බවත් අමතකය. ඔහු එහෙම අමතක වෙලා වගේ ඉන්නේ 2015 රනිල් අගමැති කාලයේ ඔහු රනිල් ගැන කියපු කතා මිනිසුන්ට අමතක වෙලාය කියා හිතාගෙනය. මේ ඔහු රනිල් ගැන 2015 කිව්ව රස කතාවකි.

‘එල්.ටී.ටී.ඊ.ය මහ බැංකුවට පහර දුන්නාට පස්සේ ලොකුම පහරදීම කළේ රනිල් වික්‍රමසිංහ. රනිල් හොඳම විදියට අර්ජුන් මහේන්ද්‍රන්ට උපදෙස් දුන්නා මහ බැංකු වංචාව කරලා රටේ ආර්ථිකය විනාශ කරන්න. මීට වසර කිහිපයකට පෙර එල්.ටී.ටී.ඊ.ය මහ බැංකුවට පහර දුන්නා. එහෙම පහර දුන්නේ මහ බැංකුව රටේ ආර්ථික මර්මස්ථානය කියලා දැනගෙන. ඒ විදියටමයි රනිල් මහ බැංකුවට ගැහුවේ. මම අහනවා අනුර කුමාරගෙනුයි, චම්පික රණවකගෙනුයි මේ මහා හොරකම ගැන ඔබලා කියන්නේ මොකක්ද කියලා…’

සුසිල් ප්‍රේම්ජයන්ත්
14.08.2015

සුසිල් මේ මහ බැංකු මංකොල්ලය ගැන කීවේ 2015දීය. අගමැති දිනේෂ් ගුණවර්ධන 2021දීත් මහ බැංකු කොල්ලය මතක් කරදුන්නේ මෙහෙමය.

‘පිළිගත්තා ඔහු මහ බැංකු වංචාව මහා වංචාවක් කියලා. මහ වංචාකාරයෝ වංචා කරලා වංචා කරලා මහ බැංකුව හොරකම් කළා. එයිට වඩා ලොකු මොන හොරකමක්ද කතානායකතුමනි, මහ බැංකුවක් රටක හොරකම් කරන්න පුළුවන් නම් ආණ්ඩුවකට…’
දිනේෂ් ගුණවර්ධන – පාර්ලිමේන්තුවේදී

දැන් 2021 මෙහෙම කිව්ව දිනේෂ් 2022 දී මහා වංචාකාරයා කියලා කිව්ව රනිල්ව ජනාධිපති ලෙස පත්කරන පාර්ලිමේන්තු යෝජනාව ඉදිරිපත් කළේය. එපමණක් නොව ඔහු 2017 මාර්තු 16 රටටම ඇහෙන්න කෑගහලා කීවේ එවක බලයේ සිටි රනිල්ගේ ආණ්ඩුව විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විකුණන්න යන බවය.

‘කැබිනට් මණ්ඩලය රහසේම රාජ්‍ය ආයතන වන විදුලිබල මණ්ඩය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ජාතික ජල සම්පාදන මණ්ඩලය, වරාය අධිකාරිය විකුණන්න කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ ගැන පාර්ලිමේන්තුව දැනුවත් කරලා නැහැ. දැන් විදුලිබල මණ්ඩලයේ, ජල සම්පාදන මණ්ඩලයේ මීටර් සවිකිරීම කම්පැනිවලට දීලා තියෙනවා. මේක තමයි විකිණීමේ පළමු පියවර. මේ සඳහා මහජනතාවගෙන් ගාස්තුවක් අයකරන්න යනවා. ඉන් පසු සමාගම් පනත යටතේ මේවා විකුණන්න යනවා. මේක විහිළුවක්. අගමැති රනිල් කතා කරන්නේ බහුබූත…’
16.03.2017
දිනේෂ් ගුණවර්ධන – සිරස

අද දිනේෂ් අගමැති වෙලා ඉන්න ආණ්ඩුවේ විදුලිබල මණ්ඩලය පුද්ගලීකරණය කරන්න කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කොට අනුමැතියද ලබාගෙන තිබේ. තෙල් බෙදාහැරීම පෞද්ගලික අංශයට දෙන්න කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

‘එතකොට දිනේෂ් 2017 නොව 1970 ගණන්වල සිට රාජ්‍ය ආයතන සුරකින්න කරපු කතා, කරපු සටන්…’

ඒ ඔක්කොම දැන් අමතක වෙලාය.

මේ මහබැංකු වංචාව ගැන ලොකුවටම කතා කරපු කෙනෙක් ප්‍රසන්න රණතුංග. අද ඔහු රනිල්ගේ ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙකි. ඔහු 2018 එවක ජනාධිපති මෛත්‍රීපාලට චෝදනා කළේ බැඳුම්කර හොරු ආරක්ෂා කරනවා කියලාය. මේ ඔහු කීව කතාවය.

‘ජනාධිපති සිරිසේන හොඳටම දන්නවා පාර්ලිමේන්තු කෝප් වාර්තාවේ සඳහන් වෙනවා මහබැංකු බැඳුම්කර හොරකමට අගමැති රනිල් සම්බන්ධයි කියලා. දැන දැනත් ඔහු රනිල් වික්‍රමසිංහ දෙවැනි වතාවටත් අගමැති ධුරයට පත්කරන්න කටයුතු කරනවා. ඔහු කළේ හොරු ආරක්ෂා කරන එක…’
ප්‍රසන්න රණතුංග
30.01.2018

එදා මෛත්‍රීපාල, රනිල්ව අගමැති කරලා හොරාව ආරක්ෂා කළාය කියලා චෝදනා කළ ප්‍රසන්න අද රනිල්ව ජනාධිපති කරලා කරන්නේ මොකක්ද කියලා අහන්න ඕනෑ ප්‍රසන්න රණතුංගගෙන්මය. ඒ මදිවාට ඔහු රනිල් යටතේ ප්‍රබල ඇමැතිකමක්ද කරයි.

මහබැංකු හොරකම ටි්‍රලියන්වලින් ගණන් හදලා පෙන්නුවෙ ප්‍රසන්න නොව බන්දුල ගුණවර්ධනය. බන්දුල ඒ දවස්වල වැඩියෙන්ම කතා කළ මාතෘකා දෙකක් තිබිණි. එකක් මහා බැඳුම්කර වංචාවය. අනෙක ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුමය. ඔහු 2018 ඒ ගිවිසුම ගැන මෙසේ කීවේය.

‘මම පැහැදිලිව කියනවා හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් තමයි ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම පිටිපස්සේ ඉන්නේ. මේ ගිවිසුම රට පාවාදෙන ගිවිසුමක්. මේ ගිවිසුමෙන් ලංකාවේ රැකියා ඒජන්සි හදන්න සිංගප්පූරුවට අවසර දෙනවා. ඉන්දියාවත් එක්ක අස්සන් කරන්න භයානක එක්ටා ගිවිසුම යටතේ ඉන්දීය වෘත්තිකයන්ට මෙහෙ රස්සා දෙන්න කුමන්ත්‍රණය කළා. මේ සිංගප්පූරු ගිවිසුමෙන් එක්ටා හරහා කරන්න බැරිවුණු දේ කරලා තියෙනවා. සිංගප්පූරුව හරහා ඉන්දීය ජාතිකයන්ට ලංකාවේ රස්සා ගන්න මේ ගිවිසුමෙන් පුළුවන්. මේ ගිවිසුම ගහලා තියෙන්නෙ ජනාධිපතිවත් රවට්ටලා…’
බන්දුල ගුණවර්ධන
14.05.2018 – දෙරණ

බන්දුලගේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් වූයේ සිංගප්පූරු – ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම අහෝසි කිරීමත් ඉන්දියා – ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම වූ එක්ටා අස්සන් කරන්න ඉඩ නොදීමත්ය.
අද බන්දුල රනිල්ගේ ආණ්ඩුවේ ඇමැතිවරයෙකි. බන්දුල රනිල්ව ජනාධිපති කරන්න ඡන්දය පාවිච්චි කළේය. දැනට සති දෙක තුනකට පෙර රනිල් මෙරට ඉන්දීය ව්‍යාපාරිකයන්ගේ රැස්වීමකදී එක්ටා ගිවිසුම යළි ක්‍රියාත්මක කරන බව කීවේය. අබේගේ අවමඟුලට ගොස් සිංගප්පූරු අගමැති හමුවී ලංකා-සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම යළි ක්‍රියාත්මක කරන්න පොරොන්දු විය.

‘බන්දුල ඒවා දැක්කේ නැද්ද…?’

දකින්න ඇත. හැබැයි ඉන්නේ නොදැක්කා වගේය. ඊළඟට නොදැක්කා නෑහුණා වගේ ඉන්නේ විජයදාස රාජපක්ෂය. ඔහු 2015 රනිල්ගේ ආණ්ඩුවේ අධිකරණ ඇමැතිය. 2017දී ඔහුව ඇමැති ධුරයෙන් ඉවත් කළේය. ඇමැති ධුරයෙන් ඉවත් කිරීමට හේතු ඔහු 2017 ‘දෙරණ 360’ට පැමිණ මෙසේ කීවේය.

‘මට බුද්ධ ශාසන අමාත්‍යාංශය දුන්නේ මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පුරාවිiා දෙපාර්තමේන්තුව නැතිව. විශේෂයෙන්ම දඹුල්ලේ පන්සලේ ආදායම මධ්‍යම සංස්කෘතික අරමුදලට පවරාගත්ත විෂය භාර ඇමැති කටයුතු කරනකොට බුද්ධ ශාසන ඇමැති ලෙස එය වළක්වන්න මම කටයුතු කළා…’
විජයදාස රාජපක්ෂ
06.11.2017 – දෙරණ

එදා පන්සලේ පිං කැටේට වැඩේ දෙන්න යන එක වළක්වපු නිසා තමන්ව ඇමැති ධුරයෙන් අයින් කළා කියපු විජයදාස අද පන්සල්වල ලයිට් බිල් ගැන නිහඬ වෙලා සිටින්නේ ඇයිද යන්න ප්‍රශ්නයකි. එදා පන්සලේ පිං කැටේට වැඩේ දෙන්න යනකොට අගමැති රනිල්ය. අද රනිල් ජනාධිපති වී ලයිට් බිල් වැඩිකිරීම නිසා පන්සල් අසරණ වී ඇත. විජයදාස රනිල්ගේ ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙක් ලෙස ඒ ගැන වචනයක් කතා කරන්නේ නැත.

ඊළඟට විජයදාස ඔහුව රනිල් අගමැති ධුරයෙන් ඉවත් කරන්න ප්‍රධාන හේතුවක් ලෙස කීවේ සමලිංගික වරද දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න රනිල්ගේ ආණ්ඩුව තමන්ට බලපෑම් කළත්, තමන් එය නොකළ නිසා කියාය.

‘සමලිංගික සේවනය නීත්‍යනුකූල කරන්න කියා මට දැනුම් දීලා තිබුණා. විදේශ අමාත්‍යාංශයෙනුයි, අග්‍රාමාත්‍ය කාර්යාලයෙනුයි මගෙන් කෝල් දිදී අහනවා මේක කරන්න කියලා. ආගමික නායකයන් ගෙනත් මම සාකච්ඡා කළා. ඒ ආගමික නායකයන් කීවා මේක කළොත් පාරට බහිනවා කියලා. මම කිව්වා මේක කළොත් මමත් පාරට බහිනවා කියලා. මම පස්සේ අගමැති කාර්යාලයටයි, විදේශ අමාත්‍යාංශයටයි කීවා මේ වගේ යෝජනා තව 100ක් එව්වත් යන්නේ කුණු කූඩයටයි කියලා…’
විජයදාස රාජපක්ෂ
06.11.2017 – දෙරණ

පසුගියදා ලංකාවේ මාධ්‍ය වාර්තා කළේ හදිසි නීති රෙගුලාසි හරහා විවිධ ලිංගික අනන්‍යතා දරන පුද්ගලයන් පොලිස් අත්අඩංගුවට ගැනීමට හැකි වගන්ති ඉවත් කරන ලෙස ජනාධිපති රනිල් නීතිපතිට දැනුම් දුන් බවය. දැන් අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ යටතේ ඇති නීතිපති දෙපාර්තමේන්තුවට ආ ඒ නියෝගය කුණු කූඩයට ගියාද, නැත්නම් වෙන කොහෙට ගියාද කියන්න විජයදාස කට අරින්නේ නැත.

ඊළඟට විජයදාස කියන්නේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි බදු දීමට එරෙහිව තමා කැබිනට් මණ්ඩලයෙන් ප්‍රශ්න කළ විට තමන්ට පහත් විදියට පහර දුන් බවය. දැන් තෙල් ටැංකි පමණක් නොව සිපෙට්කෝ පිරවුම්හල්ද ඉන්දියාවට බදු දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

‘ඒ වෙලාවේ විජයදාස හිටියේ කැබිනට් මණ්ඩලයේ නිදියගෙනද…?’

මේ ඇමැතිවරු ඔක්කොම අද ඉන්නේ ගංජා ගහල වගේ යැයි මිනිස්සු කියන්නේ රනිල් ගැන මේ ඇමැතිවරු කියපුවා කරපුවා ඇමැතිවරුන්ට අමතක වුවත් මිනිස්සුන්ට අමතක වෙලා නැති නිසාය. මේ ආණ්ඩුව ආවේ සර්වපාක්ෂික ආණ්ඩුවක් කියාගෙනය. මේ ආණ්ඩුව හරියට කියනවා නම් සර්වපාක්ෂික නොව ගංජාපාක්ෂික ආණ්ඩුවකි.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

කොම්පඤ්ඤවීදියේ කොල්ලුපිටියේ සාමාන්‍ය මිනිස්සු ජීවත්වෙන පළාතුත් අධිආරක්ෂක කලාප කරලා! මේක පුදුම ගැසට් එකක්! (VIDEO)

Next Post

පොහොට්ටුව සහ රාජපක්ෂලා කරන්න ගිය කුමන්ත්‍රණයක් ගැන සජිත් තිස්සමහාරාමයේදී රටටම හෙළිකරයි! (VIDEO & PHOTOS)

MORE NEWS

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News
Exclusive

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

Load More
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ විපක්ෂය නියෝජනය කරන සමගි ජන බලවේගයේ (සජබ) මන්ත්‍රීවරුන් පස්දෙනෙකු ඔවුන් දැරූ මන්ත්‍රී ධූරවලින් වහාම ක්‍රියාත්මක වන පරිදි...

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.