ඉන්ධන මිල සූත්‍රයට අනුව අද දිනයේ ඉන්ධන මිනිස් සංශෝධනයක් සිදු කිරීමට නියමිතව ඇත.
සැම මසකම 15 වනදා හා 30 වනදා මිල සූත‍්‍රය අනුව මෙරට ඉන්ධන මිල සංශෝධනය කරයි.
කෙසේ වෙතත් පසුගිය ජූනි මාසයේ සිට ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අඛණ්ඩව පහළ යෑමක් පෙන්නුම් කර ඇතත් මෙරට ඉන්ධන මිල සැලකිය යුතු සංශෝධනයක් සිදුව නැත.
අද පැවැති මාධ්‍ය හමුවකදී ආනන්ද පාලිත මහතා කියා සිටියේ පෙට්‍රල් සහ ඩීසල් 125 බැගින් ලබා දිය හැකි බවකි.









