කොළඹ වරායේ රඳවා තිබූ මෙට්‍රික් ටොන් 36000 පෙට්‍රල් නෞකාවකට මුදල් ගෙවා ඇති බවත්, එහි තොග ගොඩබෑම අද (30) ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
කෙසේ වෙතත් ඩීසල් නෞකා දෙකක් හා පෙට්‍රල් නෞකාවක් මුදල් නොගෙවීම හේතුවෙන් තවදුරටත් කොළඹ වරායේ නැංගුරම් ලා තිබේ.
මේ අතර අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, ලබන නොවැම්බර් මාසයේ මෙරටට ළඟාවීමට නියමිත බොරතෙල් නෞකාවක් සඳහා මූලික ගෙවීම් කළ බවයි.










