• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාර්ලිමේන්තුවේ ජාතික සභාව රැස්වෙද්දී විපක්ෂ නායක තණමල්විල සිට ජාතික සභාවට පතුරු යන්න ගහයි! ආණ්ඩුව හොරා කනවා යැයි ප්‍රසිද්ධියේ කියයි! (VIDEO & PHOTOS)

September 29, 2022
in Exclusive
Reading Time: 8 mins read
A A
පාර්ලිමේන්තුවේ ජාතික සභාව රැස්වෙද්දී විපක්ෂ නායක තණමල්විල සිට ජාතික සභාවට පතුරු යන්න ගහයි! ආණ්ඩුව හොරා කනවා යැයි ප්‍රසිද්ධියේ කියයි! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

වත්මන් ජනාධිපතිතුමා සහ ආණ්ඩුව එක තැන කැරකී කැරකී සිටින බවත් ලෝකය ඉදිරියට ගියත් අපේ රට එක තැන නැවතී ඇති බවත් මොවුන්ට රට යන අත ගැන කිසිම අවබෝධයක් නොමැති බවත් මෙතරම් අමාරු තැනක රට පැවතියත් ඇමති මණ්ඩලය විසින් මුදල් ගසා කෑම් සිදු කරන අතර අවම වශයෙන් ඔවුන්ට කිසිදු දෙයක් සම්බන්ධයෙන් සැලසුමක් නොමැති බවත් අද (29) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එවැනි තත්ත්වයක වුවත් විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය ජනතාව වෙනුවෙන් විශාල වැඩකොටසක් සිදුකළ බව කී ඒ මහතා සක්වල සහ හුස්ම වැඩසටහන් ඊට කදිම නිදසුන් බවද කීය.

වැල්ලවාය තණමල්විල බලමණ්ඩල රැස්වීම අමතා විපක්ෂ නායකතුමා මේ බව පැවසීය.මෙම රැස්වීම සංවිධානය කොට තිබුණේ වැල්ලවාය සමගි ජන බලවේගයේ සම සංවිධායක ආනන්ද කුමාරසිරි මහතා විසිනි.

අනතුරුව විපක්ෂ නායකතුමා සහභාගි වූයේ මොණරාගල තණමල්විල බෝදාගම මහා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් ජෝන් ටාබට් මලල ක්‍රීඩා උලෙළේ දී 18න් පහළ උස පැනීමේ ඉසව්වෙන් මීටර් 2.06ක් දක්ෂතාවයක් සමඟ ප්‍රථම ස්ථානය දිනා විශිෂ්ට දක්ෂතා දැක්වූ දෙනෙත් අනුහස් ක්‍රීඩකයාට මූල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීමට ය.

මීට සමගාමිව තණමල්විල ජාතික  විදුහලේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ විපක්ෂ නායකතුමා එහෙම පහලට අවශ්‍ය බස් රථයක් ලඟදීම ලබාදෙන බවටද සහතික විය.

කෝප් කමිටුවේ, කෝපා කමිටුවේ සභාපතීත්වය විපක්ෂයට ලබා දෙන බවට කතානායක කිව්වත් රනිල් වික්‍රමසිංහ විසින් රාජපක්ෂ පවුලට ආරක්ෂාව දෙන නිසා ඒ සභාපතිකම් හීනයක් බව කී විපක්ෂ නායකතුමා , ජාතික සභාවට පවා පත්කර ඇත්තේ රාජපක්ෂලාට හිතැති අය බවත් රනිල් වික්‍රමසිංහ පවා වැඩ කරන්නේ කපුටු මුදල් ඇමතිගේ අණට බවත් ගෝඨාභය රාජපක්ෂ සෙවනැලි ආණ්ඩුව විසින් අදත් රට පාලනය කරන බවත් පැවසීය.

නිදහසින් පසු බිහි වූ සෑම රජයක්ම සිදු කළේ ජනතාවගේ බදු මුදලින් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සහ නිදහසින් පසු බිහි වූ සෑම විපක්ෂයක්ම කළේ ආණ්ඩු බලය ලබා ගැනීමට සැලසුම් සකස් කිරීම මිස ජනතාවට සේවයක් නොකිරීම නිසා උනුත් එකයි මුනුත් එකයි යන සංකල්පයක් බිහි වී ඇති බව කී විපක්ෂ නායකතුමා, එසේ වුවත් සමගි ජන බලවේගය වෙනස් මාර්ගයක ගමන් කරමින් විපක්ෂයේ සිට වුව ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවත් පැවසීය. 

මේ ආකාරයට උනුත් එකයි මුනුත් එකයි කියන අයම සුනාමි හොරා කියා හංවඩු ගැසූ මහින්ද රාජපක්ෂ ජනාධිපති කරන්න ගෙයින් ගෙට ගිය බවත් ඒ අය විපක්ෂයේ සිටින අවධියේ ජනතාව වෙනුවෙන් කිසිදු දෙයක් සිදු නොකළ බවත් ඒ අනුව උනුත් එකයි මුනුත් එකයි කියන උනුත් එකයි වුව සමගි ජන බලවේගය ඉන් වෙනස් බව අවධාරණය කළේය.

2020 නව පක්ෂයක් ලෙස බිහි ව කෝවිඩ් කාලයේ හුස්ම වැඩසටහන හරහා රෝහල් 52කට ලක්ෂ 1500කට වැඩි උපකරණ ලබා දුන් බවත් එම වැඩසටහනේ සාර්ථකත්වය දැක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එම වැඩසටහනෙන් උදව් ලබා ගත් බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

SendShareShare
Previous Post

රනිල් ආසියානු සංවර්ධන බැංකු රැස්වීම අමතයි! ලංකාවේ අර්බූදය ලෝක අර්බූදය පිටින් දමයි!

Next Post

කෝපා, කෝප් සභාපතිකම් විපක්ෂයට ඕනෙ! අපි කිව්වා දුන්නෙ නැත්නම් එළියට බහිනවා! ජාතික සභාවේ පළමු රැස්වීමට ගිය මනෝ එළියට ඇවිත් කියයි! (VIDEO)

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණදීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා...

Read more
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.