2012 වසරේ ජනමාධ්‍ය ඇමැතිවරයාව සිටියදී සිය දුරකතන බිල රජයේ මුද්‍රණ සංස්ථාව මගින් ගෙවා රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා එල්ල වී සිටින අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු දෙදෙනෙකුට අද (28) කොළඹ මහාධිකරණය හමුවේ අල්ලස් කොමිසම විසින් අධි චෝදනා භාර දුන්නේය.
අධිචෝදනා භාරදීමෙන් පසුව අමාත්‍යවරයා ඇතුළු විත්තිකරුවන් දෙදෙනා ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියම කළේය.
නඩුව නැවත නොවැම්බර් මස 03 වනදා කැඳවන ලෙස නියම කළේය.











