‘අලි සබ්රි රට ගිහින් මානව හිමිකම් ගැන කතා කරනකොට මෙහේ පොලු වලින් ගහනවා. කවුද මේවට අණ දෙන්නේ? ලිබරල් රනිල් වික්‍රමසිංහද මේ ඉන්නේ? කාගේ වුවමනාවට කවුරු පිනවන්ද මේවා කරන්නේ? මේ අමනෝඥ වැඩවලින් රට තව තවත් වළපල්ලට යනවා…’ යැයි පවසමින් හර්ෂ ද සිල්වා මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළේය..
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.










