• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේ ආණ්ඩුවේ ප්‍රධානියා පත්වුණේ ජනතා ජන්දයෙන් නෙමෙයි රාජපක්ෂලාගේ කතිරෙන්! සජිත් ගලිගමුවට යයි! (VIDEO & PHOTOS)

September 26, 2022
in Exclusive
Reading Time: 11 mins read
A A
මේ ආණ්ඩුවේ ප්‍රධානියා පත්වුණේ ජනතා ජන්දයෙන් නෙමෙයි රාජපක්ෂලාගේ කතිරෙන්! සජිත් ගලිගමුවට යයි! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

වත්මන් ආණ්ඩුවේ ප්‍රධානියා ජනතාවගේ කතිරයෙන් නොව රාජපක්ෂලාගේ කතිරයෙන් බිහි වී ඇති බැවින් ඔහු ජනතාවගේ නැගී සිටීමට බිය වී ඇති බවත්, ඒ නිසා ජනතාවගේ සුවදුක් විමසීමට ජනතාවට හමුවට යාමට පවා බිය වී ඇති අතර ඔවුන් සිදු කරන්නේ ජනතාවගේ නිදහස් නිවහල් අයිතිය උල්ලංඝනය කරමින් තහංචි කලාප ඇති කරමින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අහිමි කිරීම බවත් ඊයේ (25) ගලිගමුව ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එසේ වත්මන් ආණ්ඩුව ජනතාවට බය වී ජනතාව හමුවට නොගියත් කිසිදු දිනක සමගි ජන බලවේගය ජනතාවගෙන් ඈත්වී නොසිටින බව කියා සිටි විපක්ෂ නායකතුමා, වත්මන් රජය ජනතාවට බිය වී ඇත්තේ ජනතාවගේ පැතුම් හා අභිලාෂයන් ඉටු කර ගැනීමට නොහැකි වී ඇති නිසා බවත් ඔවුන්ට ඒ සඳහා හැකියාවක් නොමැති බවත් පැවසීය.

වත්මන් ආණ්ඩුවේ සාමාජිකයන්ට අවශ්‍ය වී ඇත්තේ ජනතාවගේ ප්‍රශ්න ගැටලු ගැන අවධානය යොමු නොකර ඔවුන්ගේ ඇමතිකම්, වරදාන, වරප්‍රසාද වැඩි කර ගැනීම බවත් එබැවින් ඔවුන්ට ජනතාවට සහන සැලසීම, ජනතාව වෙනුවෙන් වැඩක් කිරීමට නොහැකි වී ඇති බවත් ඒ මහතා පැවසීය.

ආහාර උද්ධමනය, ජීවන වියදම, විදුලි බිල පවා ඉතා ඉහළ ගොස් ඇති බවත් මේ ආණ්ඩුව බිහි කිරීමට වැඩි දායකත්වයක් ලබා දුන් ආගමික මධ්‍යස්ථානවලින් පවා පළි ගන්නා බවත් එසේ ම බුද්ධිගලනය සහ විරැකියාව වැඩි වී ඇති බවත් පැවසු විපක්ෂ නායකතුමා, මේ සඳහා හේතු වී ඇත්තේ පසුගිය ජනාධිපතිවරණයේ දී සහ මහමැතිවරණයේ දී ජනතාව ඇන්දවීම තුළින් ජනතාව රවටා බලය අනිසි ලෙස භාවිත කළ නිසා බව ද කියා සිටියේය.

නාග රාජ්‍ය කෝලම්, පැණි කෝලම් වැනි බොරු කියා හොඳටම කිරීමට හොඳටම බලය අවශ්‍ය බව පවසා 20 වැනි සංශෝධනය ගෙනවිත් රට විනාශ කළ බවත් ඒ හේතුවෙන් ජනතාවගේ ජීවත් වීමේ අයිතිය පවා අහිමි කිරීමට මේ ආණ්ඩුව කටයුතු කළ බව ද පැවසීය. රාජපක්ෂ පවුලේ කවුරුත් බලයේ නොසිටියත් ඔවුන්ගේ දොරටුපාලකයා රට පාලනය කරමින් සිටින බවත් ඔහු රාජපක්ෂ අතකොලුවක් ලෙස කටයුතු කරන බවත් විපක්ෂ නායකතුමා  පැවසීය.

එබැවින් රාජපක්ෂ හෙවනැලි ආණ්ඩුව පන්නනකම් රටට සුගතියක් නොමැති බව පැවසු විපක්ෂ නායකතුමා, වත්මන් ආණ්ඩුව ජනතාවට බිය වී ජනතා මර්දනය, මාධ්‍ය මර්දනය සිදු කරන බවත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කර ගෙන තරුණයන් දැඩි ලෙස මර්දනය කරන බවත් ඒ මර්දනය තවදුරටත් වැඩි කරමින් තහංචි කලාප බිහි කරන බවත් පැවසූ විපක්ෂ නායකතුමා කියා සිටියේ නිදහස් නිවහල් රටක් , ප්‍රජාතන්ත්‍රවදී රටක් ගොඩනැගීමට ආණ්ඩුව කටයුතු කළ යුතු වුවත් රට තුළ තහංචි කලාප නීතිවිරෝධී ලෙස පනවා ඇති බවත් එය වැරදි ක්‍රියාවක් බවත් ය.

SendShareShare
Previous Post

ජපානයේ ඉන්න ලාංකිකයෝ විරෝධතා ආරම්භ කරයි!

Next Post

හංගලා ඉන්න අරගලකාරයාගේ උපන් දිනය ගිය 18 වැනිදා! දඹානේ ඉන්න වසන්තගේ අම්මා කළුමැණිකා පුතා ගැන කියන කතාව…!

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.