• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රැජිනගේ අවමඟුලට ආපු ලොවම මවිත කළ බයිඩන්ගේ දඬු මොනරය…

September 28, 2022
in Exclusive, News, Politics
Reading Time: 5 mins read
A A
රැජිනගේ අවමඟුලට ආපු ලොවම මවිත කළ බයිඩන්ගේ දඬු මොනරය…
Share on WhatsAppShare on Facebook

ලොව බලගතුම පුද්ගලයන් ප්‍රවාහනය කරන සුවිශේෂ ගුවන් යානාවක් පිළිබඳවයි මේ සටහන දිගහැරෙන්නේ. ත්‍රස්ත ප්‍රහාර, න්‍යෂ්ටික පිපිරීම් ආදී මෙකී නොකී කිනම් හෝ උපද්‍රවයකින් කිසිදු හානියක් නොවී, ඒ සුවිශේෂ පුද්ගලයාව නිරුපද්‍රිතව ආරක්ෂා කරන්නට එම ගුවන් යානය සතු හැකියාවන් විශිෂ්ටයි. අමිත් පුස්සැල්ල මහතාගේ ෆේස්බුක් පිටුවෙන් උපුටාගත් වීඩියෝවක් ඇසුරින් ලියැවෙන මේ ලිපියෙන් එම සුවිශේෂ ගුවන් යානය පිළිබඳ චිත්‍රයක් ඔබේ මනසේ මැවෙනු ඇත.

මේ තමයි උඩුගුවන මත මිනිසකුට ලැබෙන ඉහළම ආරක්ෂාව දිය හැකි ලොව බලගතුම ගුවන් යානය. මේ ගුවන් යානයට නම් දෙකක් තියෙනවා. ආරක්ෂාව ලැබෙන ලොව බලගතුම මිනිසා මෙහි ගමන් ගන්නා විට ගුවන් පාලක මැදිරිය යානය ගැන සඳහන් කරන්නේ ‘එයා ෆෝස් වන්’ යන නමින්. ඔහු යානයෙන් බැසගිය විට ගුවන් යානය හඳුන්වන්නේ ‘බෝයිං වී.සී. 25’ (Boeing VC-25) යන නමින්. ඇමෙරිකානු ජනපතිවරයා ගමන් ගන්නා අපූරු පුදුමසහගත දේවල් ඇති ලෝකයේ එකම ගුවන් යානය මෙයයි.

මෙම යානය ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් එකක්. 1952 දක්වා ඇමෙරිකානු ජනාධිපතිවරු අහසේ ගමන් කළේ සාමාන්‍ය වාණිජ ගුවන් යානාවලින්. නමුත් ජීවිත තර්ජන ඉහළ යෑමත් සමග 1952න් පසුව සෑම ඇමෙරිකානු ජනාපතිවරයකුගේම නිල ගුවන් යානය නඩත්තුව, පාලනය සහ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම ඇමෙරිකානු ගුවන් හමුදාවට පැවරුණා.

ගුවන් යානයේ සියලු සන්නිවේදන කටයුතු ඉතා හොඳින් සිදුකරගැනීම සඳහා දැවැන්ත උපාංග පද්ධතියක් එහි සවිකර තිබෙනවා. ඒ වගේම යානය උඩුගුවන තුළදී මෙන්ම පොළොව මත ඇති විටදී පවා කුමන හෝ ස්ථානයක බලගතු න්‍යෂ්ටික පිපිරීමක් ඇති වුණොත් ඒ මගින් යානයේ සිටින ජනාධිපතිවරයාට හානියක් නොවන ලෙස මෙහි ආරක්ෂාව සලසා තිබෙනවා. ගුවන් යානය තුළ වර්ග අඩි 4,000ක විශාල ඉඩක් පවතින අතර, යානය මහල් තුනකින් සමන්විත වන ලෙස නිර්මාණය කර තිබෙනවා. ජනාධිපතිවරයා භාවිත කරන ප්‍රඩිඩන්ට් ස්විට් (Presidents Suite) නම් අතිසුඛෝපභෝගී සුවිසල් කාමරය සහ කාර්යාලය තිබෙන්නේ ඉන් එක් මහලකයි.

ආහාර පාන සකස් කරන ඉහළම පහසුකම් සහිත මුළුතැන් ගෙවල් දෙකක්ද, ගුවනේදී ඉන්ධන සපයාගැනීම ආදී කාර්යයන් සඳහා නිර්මාණය කර ඇති අතිබලැති දුරකතන 85ක්ද යානය සතුයි. ශබ්දයේ වේගයට ආසන්නව මෙම යානයට පියාසර කළ හැකි අතර, බෝයිං 747 යානයට වඩා අඩි 10,000ක් ඉහළින් පියාසර කිරීමට හැකි වීමද මෙහි ඇති විශේෂත්වක්. 2027 ඇමෙරිකානු ජනාධිපතිවරයා වෙනුවෙන් නිර්මාණය වන අලුත්ම ගුවන් යානය මේ මොහොතේදීත් නිෂ්පාදනය වෙමින් පවතිනවා.

විදෙස් සංචාරයකදී ජනපතිවරයා ගමන් ගන්නා ‘ලිමොසින් කැඩිලක්’ හෙවත් ‘බීස්ට්’ (Limousine Cadillac Beast) නමින් හඳුන්වන වාහනය ඇතුළු සියලු පරිවාර ආරක්ෂක වාහන අදාළ රටවලට ගෙන යෑමට කාගෝ යානයක්ද නිරතුරුවම සූදානමින් සිටිනවා. එවැනි පරිවාර රථ 40ක් පමණ ඇමෙරිකානු ජනාධිපතිවරයා වෙනුවෙන් වෙන්වන අතර, තවත් සුවිශේෂ යානයක්ද ජනපතිවරයාගේ යානය පසුපසින් පියාසර කිරීම සාමාන්‍යයෙන් සිදුවනවා. එම යානය තුළ න්‍යෂ්ටික බංකරයක් සහ අණ දීමේ මධ්‍යස්ථානයක්ද පවතිනවා. මෙය E 4b Nightwatch ලෙසයි හඳුන්වන්නේ. න්‍යෂ්ටික පිපිරීමකදී සමස්ත ඇමෙරිකානු භූමියේ මෙහෙයුම් විනාශ වුවහොත් එතැන් සිට සියලු මෙහෙයුම් සිදුකරන්නේ මෙම Doomsday යානය මගිනුයි. මෙය පියාසර කරන යුද කඳවුරක් ලෙසින් හඳුන්වන්නට හැකියි. න්‍යෂ්ටික අවදානමකදී එහි ඉලෙක්ට්‍රොනික මෙහෙයුම් පද්ධතිය අවහිර වුවහොත් යානයට කිසිදු බාධාවකින් තොරව පියාසර කිරීම සඳහා ඇනලොග් මෙහෙයුම් පද්ධතියක්ද යානය සතුයි. මෙම යානයේ පුද්ගලයන් 112 දෙනකු ගමන් ගන්නා අතර, ඒ පිරිසට මෙවැනි විශේෂ මෙහෙයුම් සඳහා පුහුණුව ලත් නිලධාරීන්ද ඇතුළත් වනවා.

‘එයා ෆෝස් වන්’ යානය මත විවිධ වර්ගයේ සැටලයිට් සහ ඇන්ටෙනා 67ක් තිබෙන අතර, ප්‍රධාන පිවිසුම් පඩිපෙළ හැරුණු විට හදිසි ආරක්ෂක පිවිසුමක් යානය යට පිහිටා තිබෙනවා. යානයේ නියමුවන් විශේෂ ජී සූට් (G-suit) ඇඳුමක් පලඳිනවා. විශේෂයෙන්ම ඉහළ උසකදී මොළයට ලේ ගමනාගමනය අඩු වීම නිසා සිදුවිය හැකි හදිසි අනතුරු වැළැක්වීමට සහ වෙනත් අනතුරුවලින් මිදීම සඳහා මෙම ඇඳුම උපකාර වෙනවා. ගුවන් නියමුවන්ගේ හෙල්මට් සහ මුව ආවරණවලට ඔක්සිජන් සැපයීම හොඳින් සිදුවන්නේදැයි පරීක්ෂා කිරීම, යානය ගුවන්ගත වීමට ප්‍රථම සිදුකරන විශේෂම කාර්යයක්. ගුවන් නියමුවන් ‘එයා ෆෝස් වන්’ යානයට සහ සෙසු යානා වෙත පැමිණෙන තෙක් ඉහළ ආරක්ෂක නිලධාරීන් පිරිසක් එම යානාවල ආරක්ෂාව තහවුරු කරනවා. අනතුරුව ගුවන් නියමුවන් කෙටිම ධාවන පථයකදී සිය ගුවන් යානා ක්ෂණිකව ඉහළට පියාසර කරවනවා. ගුවන් යානා 04ක් Ingram 4 නම් සුවිශේෂ ආරක්ෂිත ක්‍රමවේදයකට පියාසර කරවනවා. ගුවනේදී එල්ල විය හැකි ප්‍රහාර මැඩපැවැත්වීම මෙහි අරමුණයි.

ඇමෙරිකානු ජනාධිපතිවරයා අපේ රටේ බොහෝ දෙනකුට කිසිදු වටිනාකමක් නැති පුද්ගලයකු වීමට ඉඩ තිබෙනවා. ඒ වගේම ඔහු වෙනුවෙන් දරන මේ සුවිශාල වියදම පලක් නැති දෙයක් ලෙසද ඇතැමකු සිතන්නට පුළුවන. නමුත් බල අරගලයක යෙදී සිටින, ලෝකයේ වැඩිම ජීවිත තර්ජන සහිත රාජ්‍ය නායකයන් අතරින් එක් පුද්ගලයකු වන්නේ ඇමෙරිකානු ජනාධිපතිවරයායි. ඇමෙරිකාවෙන් බිහිවූ සෑම ජනපතිවරයකුම පාහේ තම රට ලෝකය තුළ ඉහළට එසවීම වෙනුවෙන් බොහෝ සේ වැඩ කළ පුද්ගලයන්ය. ඒ කාර්යභාරය තුළ සෙසු රටවලට එල්ල කළ පීඩාවන් සහ තර්ජන බොහෝ ඇත. නමුත් රටක් ලෙස ඔවුන් තම ජනාධිපතිවරයා රැකීමට ගෙන ඇති මේ අපූරු වැඩපිළිවෙළ තුළ ඇමෙරිකානු ජනතාවගේ අභිමානය සහ බලය ලොවට පෙන්වන වැදගත් ක්‍රියාවලියක් මෙන්ම උද්ධච්චකමක්ද ගෑවී ඇති බව මැදහත් විචාරකයන්ගේ මතයයි.

උපුටා ගැනීම අන්තර්ජාලයෙනි

SendShareShare
Previous Post

ලක්ෂ දෙසිය විසි තුනේ කොල්ලය තනියෙන් නැවැත්වූ පොලිස් වීරයාට පොලිසියෙන් උසස්වීමක්!

Next Post

ඡන්දයක් ඉල්ලා ජනතාව පාරට බහී! (VIDEO)

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.