• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home CID

රාජිත උස්සපු හැටි එළියට එයි

December 28, 2019
in CID, Exclusive, Uncategorized
Reading Time: 2 mins read
A A
රාජිත උස්සපු හැටි එළියට එයි
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරණ සමයේදී සුදුවෑන් රථ පැහැර ගැනීම් ගැන කියන්නට මාධ්‍ය හමුවක් පවත්වා ඊට පුද්ගලයන් දෙදෙනෙක් සම්බන්ධකර ගැනීම නිසාම හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතාට අද සිදුව ඇත්තේ චෝදනා රැසකට මුහුණ දෙන්නටය. මේ වන විට රාජිත සේනාරත්න හිටපු ඇමැතිවරයා සිටින්නේ නාරාහේන්පිට පිහිටි ලංකා රෝහලේය. එහි හෘද ඒකකයට 26 වැනිදා රාත්‍රියේ ඇතුළත් කරන්නේ පපුවේ ඇතිවුණු වේදනාවක් නිසාය. සිංගප්පූරුවේ එළිසබත් රෝහලේදී හෘද සැත්කමකට ලක්ව සිටි රාජිත සේනාරත්නගේ රෝගී තත්වය හිටි හැටියේම උත්සන්න වන්නේත් ඔහුව රෝහල්ගත කරන්නේත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔහුව අත්අඩංගුවට ගැනීමට රටම පීරමින් සිටි මොහොතකය. කොළඹ පිහිටි ඔහු පදිංචිව සිටි ආණ්ඩුවේ නිවෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ දැඩි පරීක්ෂාවකටද ලක්වන්නේ ඔහු රෝහල්ගත වන්නට පැය තුන හතරකට පෙරය. එසේ එම නිවෙස පරීක්ෂාවට ලක්කරන්නේ අධිකරණයෙන් නිකුත්ව තිබුණු වරෙන්තුවට අනුව රාජිත මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔහුව සොයා ගැනීමට නොහැකි වූ තැනය. කොළඹ පිහිටි නිල නිවෙස පමණක් නොව, බේරුවල පිහිටි නිවස මෙන්ම ඔහු යන එන තැන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දැඩි පරීක්ෂාවට ලක්විය. විශේෂ කාර්ය බළකාය යොදා කොළඹ හතේ පිහිටි නිවෙස පරීක්ෂා කරන විට විශේෂ කාර්ය බළකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන්ද කැඳවා තිබීම විශේෂත්වයකි.
රාජිත සේනාරත්න අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් වරෙන්තුවක් නිකුත් වන්නේ පසුගිය 24 වැනිදාය. එම වරෙන්තුව ඒ මොහොතේම ක්‍රියාත්මක කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාවක් තිබුණද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් හිටපු ඇමැති පාඨලී චම්පිකව අත්අඩංගුවට ගන්නට ගියාක් මෙන් මහා රෑ ගොස් ඔහුව අත්අඩංගුවට ගැනීමට සූදානම් වූයේ නැත. මුලින්ම කරන්නේ රාජිතගේ වරෙන්තුව ගැන කථානායක කරූ ජයසූරියව දැනුවත් කිරීමය. ඒ කටයුත්ත නිමවන විට රෑ බෝ වී තිබුණු බැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු බලධාරීන් තීරණය කරන්නේ පාඨලීව අත්අඩංගුවට ගත්තාක් මෙන් මහා රෑ නිවෙස්වලට කඩා පැනීමක් නොකර පසුදින වරෙන්තුව ක්‍රියාත්මක කරන්නටය. ඒ වන විටත් රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා සිටින්නේ උන්හිටි තැන්වලින් අතුරුදන්වය. අවසන් වරට ඔහුව කොයි කාටත් දකින්නට ලැබුණේ කොළඹ හතේ පිහිටි නිවෙසේදීය. වරෙන්තුව නිකුත් වූ දින සවස පැවැති ආණ්ඩුවේ හිටපු මැති ඇමැතිවරුන් රැසක්ම රාජිත සේනාරත්න මහතා මුණ ගැසෙන්නට ආවේද එම නිවෙසටය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පමණක් නොව, ඒ නිවෙස වටා රැඳී සිටි බුද්ධි අංශයේ නිලධාරීන්ගේත් ඇස් වසා රාජිත නිවෙසින් එළියට යන්නේ ඒ පැමිණි හිටපු ඇමැතිවරයෙකුගේ වාහනයක නැඟීය. ඒ වන විට රටේ සියලුම මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන්ද රැඳී සිටින්නේ රාජිතගේ නිවෙස ඉදිරිපිටය. ඔහු නිවෙසින් පිටතට යන්නේ ඒ අය මානගෙන සිටි කැමරා කාචවලටත් හසු නොවන්නටය.
එසේ නිවෙසින් ගියත් රාජිතට නිදහසක් නොවීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පමණක් නොව, බුද්ධි අංශද රටම පීරමින් රාජිත සිටින තැන් සොයන්නට ගත්තේය. රාජිතගේ හෘදය වේදනාව උත්සන්න වන්නේත් ඔහු රෝහල්ගත වන්නේත් මේත් එක්කමය.
දැන් රාජිත සේනාරත්න සිටින්නේ දැඩි සත්කාර ඒකකයේය. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේය. නැති නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේය. රෝහල් වෛද්‍යවරුන් සඳහන් කරන්නේ ඔහුගේ තත්වය තරමක් අසාධ්‍ය බැවින් ප්‍රකාශයක් ලබාදීමට පවා ඔහුට ඉඩක් නොමැති බවය. වෛද්‍යවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සඳහන් කර ඇති ආකාරයට අනුව දින කිහිපයක්ම රාජිත සේනාරත්නව දැඩි සත්කාර ඒකකයේ රඳවාගෙන සිටීමට සිදුවනු ඇත. ඇතැම් විට ඔහුට මුලින් සැත්කම කළ සිංගප්පූරුවේ එළිසබෙත් රෝහලටම ඔහුව නැවැත රැගෙන යෑමටද වෛද්‍යවරුන් නිර්දේශ කරන්නට ඉඩ ඇති බවද දැනගන්නට තිබේ.
කෙසේ වෙතත් රාජිත සේනාරත්නව අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තුවක් නිකුත් වන්නේ ඔහු අධිකරණයට අපේක්ෂිත ඇපයක් ඉදිරිපත් කර තිබියදීය. ඔහුට අපේක්ෂිත ඇපයක් ලබාදෙන්නේදැයි තීරණය වීමට නියමිතව ඇත්තේ ලබන 30 වැනිදාටය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔහු වසන් වීමට උත්සාහ දරන්නට ඇත්තේ එම අපේක්ෂිත ඇපය වෙනුවෙන් විය හැකිය. ඊට අවස්ථාවක් ඔහුට නොලැබෙන්නේ ඔහුට සැඟවෙන්නට ඉඩක් නොතබමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රට පුරා ඔහුව සොයා කළ මෙහෙයුම නිසාය. දැන් ඔහුට තරමක හෝ සැනසිල්ලක් ඇත්තේ බන්ධනාගාරගත නොවී රෝහලේම ඇප ලැබෙන තෙක් රක්ෂිත බන්ධනාගාරගතව සිටීමට හැකියාව ලැබී ඇති බැවිනි.
මේ ආකාරයේම සිදුවීමක් යහපාලන රජය පත්වූ 2015 වසරේදී සිදුවිය. එවකදී මාතලේ එජනිස මන්ත්‍රිවරයා වූ ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනෙනු අතර, ඔහුගේ රෝගී තත්ත්වය සලකා කොළඹ ලංකා රෝහලට ඇතුළත් කිරීමට එදා කටයුතු කර තිබිණි. ඒ අනුව මාස දෙකකට ආසන්න කාලයක් ජනක බණ්ඩාර මන්ත්‍රිවරයා ලංකා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගත් අතර, ඒ වන විටත් ඔහුව රිමාන්ඞ් බන්ධනාගාරගත කොට තිබූ නිසා අදාළ මාස 2ක කාලයම ඔහු නේවාසිකව සිටි කාමරය අසල බන්ධනාගාර නිලධාරීන් යොදවා තැබීම සිදුකෙරිණි. කෙසේ වෙතත් බන්ධනාගාර තොරතුරු නම් අනාවරණය කළේ ඔහු වෙනුවෙන්ම බන්ධනාගාරයේ විශේෂ සිරමැදිරියක් පිරිසුදු කර ඇති බවය. ප්‍රභුවරුන් යැයි කියැවෙන පුද්ගලයන් බන්ධනාගාරගත වන විට ඒ අය වෙනුවෙන් සූදානම්ව ඇති එම විශේෂ සිරමැදිරිය පාඨලී වෙනුවෙන් නම් වෙන් වූයේ නැත. පාඨලී සිටියේ සාමාන්‍ය සිරකරුවන් රඳවා තැබෙන වාට්ටුවකය. එහිදී ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් තනිවම ඔහුව එම වාට්ටුවේ රඳවන්නට බලධාරීන් පියවර ගෙන තිබුණේය. පාඨලීට බන්ධනාගාරයේදී සිරකරුවන්ගෙන් ලැබී ඇත්තේද යහපත් ප්‍රතිචාරයකි. බන්ධනාගාර නිලධාරීන්ගෙන් පවා පාඨලීට ලැබී ඇත්තේ සිරකරුවෙකුට හෝ රැඳවූවෙකුට ලැබෙන සැලකිලි නොව, ගෞරවාන්විත පිළිගැනීමකි. අවශ්‍ය නම් බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ හැකි බව පාඨලීට යෝජනාවක්ද බන්ධනාගාරය පැත්තෙන් ලැබී ඇතත් ඔහු එය ප්‍රතික්ෂේප කර සාමාන්‍ය රැඳවූවන් අතර කාලය ගතකර ඇත්තේ ඒ තුළින්ද සිය දේශපාලන ගමනට පන්නරයක් ලබාගනිමිනි. මේ වන විට හෙළිවෙමින් ඇති ආකාරයට අනුව පාඨලී අත්අඩංගුවට ගැනීම පොලිසියේ ඇතැම් නිලධාරීන් නීතිපති උපදෙස්ද අබිබවා යමින් කර ඇති බව පෙනී ගොස් තිබේ. ඒ පිටුපස සිටින්නේ 2023 දී පොලිස්පති වන්නට පෙරුම් පුරන නිලධාරියෙක් බව පොලිසිය තුළ කසුකුසුවක්ද ඇත. පොලීසිය ඇතුළේ කියැවෙන ආකාරයට අනුව එජාප ආණ්ඩුව බිඳ වැටෙන්නට පූජිත්ගේ ක්‍රියා කලාපද බලපෑවේය. ඔහුගේ හැසිරීම ආණ්ඩුවද ජනතාව අතර අපකීර්තියට පත්විය. අද සිදුවන්නේද ඒ දේමය. අපරාධ මර්දනය කරමින් නීතිය හා සාමය පවත්වාගෙන යන ලෙස උපදෙස් සහ නියෝග ලබාදෙනවා වෙනුවට ඔහු මේ දිනවල පොලිස් ස්ථානාධිපතිවරුන්ට නියෝග දෙන්නේ ඇවිදින මන්ත්‍රිවරු පිරිසුදු කිරීමේත්, නඩත්තු කිරීමේත් වගකීම ඇත්තේ පොලිසියට බව කියමිනි. ඒ දේවල් කරන්නට බැරි නම් ස්ථානාධිපති පුටුව අතහැර යන ලෙසටද ඔහු පවසන්නේ පොලිසිය ආණ්ඩුව කෙරෙහි දැඩිව කලකිරවමිනි. පාස්කු ප්‍රහාරයේද චූදිතයෙක් ලෙස නීතිපති දෙපාර්තමේන්තුව විසින් නම්කර ඇති මේ නිලධාරියා දැන් සූදානම් වන්නේ ආණ්ඩුවෙන් ලකුණු දමා ගනිමින් ඒ චෝදනාවලින්ද ගැලවී සිටින්නටය. මේ බව කියන්නේ අප නොව, පොලිසියේම උදවියයි.

ගෝඨාගේ නම විකුණන්නේ කව්ද?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නම අවභාවිතා කිරීම්ද මේ වන විට සුලබව අසන්නට ලැබේ. ඒ නිසාම ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට නියෝග කර ඇත්තේ තම නම භාවිත කරමින් අකටයුතුකම්වල නිරතව සිටින පුද්ගලයන් කවුරුන් වේවා නීතිය ක්‍රියාත්මක කරන ලෙසය. ඒ අනුව වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්න එම වගකීම පවරා ඇත්තේ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ටය. බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්ට මේ වන විටත් පැමිණිලි කිහිපයක් ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නේ කොළඹ අපරාධ කොට්ඨාසය විසිනි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමීපතමයන් සහ හිතවතුන් බව සඳහන් කරමින් මුදල් වංචාවල නිරතවූවෙක් ඇතුළු කිහිප දෙනෙක්වම මේ වන විටත් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන හමාරය. දරුවෙක් පාසලට ඇතුළත් කිරීමකට මොරටුව වේලස්කුමාර ප්‍රාථමිකයේ විදුහල්පතිනියට බලපෑම් කළ ගෝඨාභය ජනාධිපතිවරයාගේ උපදේශකයෙක් ලෙස පෙනී සිටි පුද්ගලයෙක් සම්බන්ධයෙන්ද මේ වන විට පරීක්ෂණයක් ක්‍රියාත්මකය.
මහින්ද රාජපක්ෂ පාලන සමයේදීද රාජපක්ෂවරුන්ගේ නම භාවිත කරමින් විවිධ අකටයුතුකම් සිදුවිය. ඒ නිසාම ඒ ගැන පමණක් විමර්ශනය පවත්වන්නට පොලිස් ඒකකයක්ද ස්ථාපිත කර තිබුණි. එම ඒකකය පිහිටා තිබුණේ කොළඹ හතේ මලලසේකර මාවතේය. එම ඒකකය මගින් එකල රාජපක්ෂවරුන්ගේ නම් භාවිත කරමින් විවිධ වංචාවල නිරතවූවන් සියයකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබුණි. අදත් රාජපක්ෂවරුන්ගේ නම් භාවිත කරමින් අකටයුතුකම් සිදුවීම් ටිකෙන් ටික ආරම්භ වෙමින් ඇති බැවින් එම ඒකකයටද වැඩි කල් නොගොස් පණ දෙන්නට බලධාරීන්ට සිදුවනු ඇත.
කරුණා අම්මාන්ව ඝාතනය කිරීමට සූදානමින් සිටියේ යැයි කියනු ලබන හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් දෙදෙනෙක් ඇතුළු දෙමළ තරුණයන් සිව් දෙනෙක් ත්‍රිකුණාමලයේදී හමුදා බුද්ධි අංශයේ අත්අඩංගුවට පත්වන්නේ මේ අතර තුරදීය. ඒ අයව මෙහෙයවන්නේ යැයි කියැවෙන්නේ මලයාසියාවේ දුරකතන අංකයක් ඔස්සේය. මේ අය සතුව තිබී ටී 56 අවියක්ද ඇතුළු ආයුධ කිහිපයක්ද බුද්ධි අංශය විසින් සොයාගෙන තිබුණේය. එම ආයුධ සමඟ ඔවුන් සිව් දෙනාව භාරදෙන්නේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයටය. ඒ අයගෙන් ප්‍රශ්න කිරීමේදී බොහෝ තොරතුරු හෙළිවෙමින් ඇති බව සදහන්ය. ඒ අයව අත්අඩංගුවට පත්වීමද සිදුව ඇත්තේ පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය සින්නයියා ශිව රූබන්ව අත්අඩංගුවට ගත් ආකාරයටමය.

සෙබළාගේ ‌බෙල්ල කපපු ‌කෝකියා

වව්නියාවේ පිහිටි බෝගස් වැව හමුදා කඳවුරේ ආරක්ෂක මුර කුටියක සේවයේ නිරතව සිටි හමුදා සෙබළෙකුගේ ගෙල කපා ඔහු සතුව තිබුණු ටී 56 ගිනි අවිය පැහැර ගන්නේද මේ අතරතුරදීය. නත්තල් දින අලු‍යම 4.00 ට පමණ සිදුවූ මෙම ගිනි අවි පැහැර ගැනීමෙන් ආරක්ෂක අංශවල ලොකු පුටු පවා රත්විය. ඒ ත්‍රස්තවාදී ක්‍රියාවක්දැයි සැකයක් ඇතිවන්නට වූ බැවිනි. හමුදා බුද්ධි අංශයට ලොකු වැඩ කොටසක් ඒ ගැන පැවරෙන්නේ ඒත් එක්කමය. ගිනි අවිය පැහැර ගැනීම ඇතුළේම වැඩක් බව පෙනී යන්නේ එවිටය. ඒ අනුව එම ගිනි අවිය පැහැරගත් කදවුරේම සේවයේ නිරතව සිටි සෙබළෙක්ව සහ ඔහුගේ මිතුරෙකුව යුද හමුදා පොලිසිය කැකිරාවේදී අත්අඩංගුවට ගන්නේ ගිනි අවියද සමගිනි. ඒ එම පැහැර ගැනීමෙන් පැය හයක් ඉක්ම යන්නට මත්තෙනි.
එම හමුදා සෙබළා කදවුරේ කෝකියාය. ඔහු 23 වැනිදා නිවාඩු ලබා නිවසට ගොස් ඇතත් 24 වැනිදා නැවත කදවුරට පැමිණ ඇත්තේ ලිපි ලේඛන කිහිපයක් අත්සන්කර ගැනීමට ඇතැයි සදහන් කරමිනි. ඔහු ඒ එන්නේ තනිවම නොව, වඩු කාර්මිකයෙක් වන සිය මිතුරෙක්ද සමඟ යතුරු පැදියක නැඟීය. එදා රෑ කඳවුරේ රැඳී සිටි ඔවුන් දෙදෙනා ගිනි අවි පැහැර ගැනීමත් සමඟ අතුරුදන්ව සිටීම ඔවුන් කෙරෙහි සැකය ඇතිවන්නට මුල්ව තිබුණි. ප්‍රශ්න කිරීම් හමුවේ අරක්කැමියා කියන්නේ බාප්පාව මරා දැමීමට ගිනි අවිය පැහැරගත් බවය. ඔහුගේ මිතුරා කියන්නේ ආර්ථික අගහිඟකම් නිසා මංකොල්ලයක් කන්නට එම අවිය ගත් බවය. මුරකුටියේ රාජකාරි නිමකොට අලු‍යම විවේක ගන්නට බැරක්කයට යන්නට මත්තෙන් ගිනි අවිය ගබඩාවට භාරදෙන්නට යමින් සිටියදී එම සෙබළාගේ ගෙලට පිහිපහර එල්ලකර තිබුණි. ගිනි අවිය පැහැරගත් ඔවුන් දෙදෙනා එම අවිය රැගෙන යන්නේ පොහොර උරයක දමා යතුරුපැදියේ නැඟීය. ගෙලට පිහිපහර වැදුණු හමුදා සෙබළා තවමත් සිටින්නේ අනුරාධපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේය.
මේ ආකාරයේම ගිනි අවි කොල්ලයක් මෙයට වසර දෙකකට පෙරද අඹේපුස්ස හමුදා කඳවුරේදී සිදු විය. රණවිරු ස්මාරකය අසල රාජකාරි නිරතව සිටි සෙබළෙක්ව ඝාතනය කර එම ගිනි අවිය කොල්ලකා තිබුණේ ගිරිඋල්ල පැත්තේ පදිංචිව සිටි සෙබළෙකි. දැඩි ආරක්ෂාවක් සහිත අඹේපුස්ස කඳවුරේ සෙබළෙක්ව ඝාතනය කර එම අවිය පැහැරගෙන යන්නේ යතුරුපැදියකිනි. සියුම් විමර්ශනයකින් අනතුරුව කොල්ලකෑ ගිනි අවිය සමග සෙබළාවද අත්අඩංගුවට ගත්තේය. එහිදී එම සෙබළා සඳහන් කරන්නේ බැංකුවක් කොල්ලකන්නට තමා එම අවිය කොල්ලකෑ බවය. ඔහුද කඳවුරට ඇතුළු වී තිබුණේ නිවාඩු ලබා සිටියදීය.

SendShareShare
Previous Post

රන්ජන් A/L පාස්: නීතිය හදාරන්නත් පුළුවන්

Next Post

ජනපති තදින් සිටිද්දී කතානායක සටනට එයි (රාජ්‍ය රහස්)

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.