මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ඉන් සමත්ව තිබේ.
රාමනායක මහතා මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටියේ නීතිය හැදෑරීම සදහා සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙනි.
මෙවර ප්‍රතිපලවලට අනුව රාමානායක මහතාට නීතිය හැදෑරීමේ අවස්ථාව උදාවී තිබේ.

මෙවර ප්‍රතිපලවලට අනුව ඉංග්‍රීසි විෂය සදහා විශිෂ්ට සාමාර්ථයක්ද, දේශපාලන විද්‍යාව, සාමාන්‍ය දැනීම සහ ජනසන්නිවේදන විෂයයන් සදහා සාමාන්‍ය සාමාර්ථයන්ද හිමිකරගැනීමට රාමනායක මහතා සමත්ව ඇත.
කෙසේවෙතත් ක්‍රිස්තියානි ධර්මය අසමත් වී ඇති බැවින් එය නැවත සමීක්ෂණයකට ලක්කිරීමට රාමානායක මහතා සූදානමින් සිටින බවද දැනගනන්ට ඇත.










