මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා විසින් ඊයේ දිනයේදී බදු ගෙවීම් පැහැර හැර ඇති ව්‍යාපාරිකයන් පිළිබද හෙළිදරව්වක් සහ ආදායම් බදු දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාව පිළිබදව හෙළිදරව්වක් කළේය.
ඒ සම්බන්ධයෙන් අද ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
එහිදී ඔවුන් කියා සිටියේ ආණ්ඩුව පසුගිය සමයේ ලබා දුන් බිලියන 600ක බදු සහනය හේතුවෙන් රට කඩා වැටීමකට ලක්වූ බවය.










