අරගලය මතින් බලයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අවවාදාත්මක අනතුරු ඇඟවීමක් සිදු කිරීමට ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් කටයුතු කර තිබේ,
මහනායක හිමිවරුන්ගේ සහ ආගමික නායකයින්ගේ බසට ඇහුම්කන් නොදෙමින් වත්මන් පාලකයන් ගෙන යන වැඩ පිළිවෙල නුදුරේදීම බරපතල ව්‍යසනයකට මුහුණ දෙනු ඇති බවත් කඳුළු වැකුණු දෙනෙතින් ඊට මුහුණ දීමට ඔවුන්ට සිදුවනු ඇති බවත් උන්වහන්සේ සඳහන් කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්
වෙමින්.
ලක්ෂ 40ක ට වැඩි පිරිසක් මීට පෙර ජනතා අරගලය වෙනුවෙන් මහමඟට පැමිණි බවත් මීළඟ අරගලයට ලක්ෂ 80 වකට වඩා වැඩි ජනකායක් එක්වනු ඇති බවත් පවසන්නට යෙදුනු උන්වහන්සේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සිය කටයුතු නිදහසේ කරගෙන යාමට කිසිවෙකු හෝ ඉඩ ලබා නොදෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් රටේ ජනතාව දැනුවත් කොට වහා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පියවර ගත යුතුව ඇති බවද සඳහන් කළහ,










