• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉහළින් අණ ආපු තැන, මහ පාරෙදි කොටුකරගත්ත හැටි, හිරගෙදරදී අසනීප වුණේ ඇයි, වැලිකඩට ඉහළින් ආ කෝල් එක, ඊළඟට කරන්න යන දේ, දමිතා අබේරත්න මව්රටට කතා කරයි…

September 19, 2022
in Exclusive, Heart, News
Reading Time: 11 mins read
A A
ඉහළින් අණ ආපු තැන, මහ පාරෙදි කොටුකරගත්ත හැටි, හිරගෙදරදී අසනීප වුණේ ඇයි, වැලිකඩට ඉහළින් ආ කෝල් එක, ඊළඟට කරන්න යන දේ, දමිතා අබේරත්න මව්රටට කතා කරයි…
Share on WhatsAppShare on Facebook

‘දමිතා ඕනෑවට වඩා රඟනවා…’ යැයි ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු ප්‍රසිද්ධියේ මෙන්ම උනුන් අතරද පසුගිය දින කිහිපය තුළ කතාබහ කළ බව සමාජ මාධ්‍ය ඔස්සේ කිහිප වතාවක්ම පළවී තිබිණි. නැවතිල්ලේ හිතල බලන කොට සමහර විටෙක ඒ කියමනෙහි වරදකුත් නැත.

එහෙම කියන්නේ දමිතා ජාත්‍යන්තර කීර්තියට පත්වූ අතිදක්ෂ නිළියක වූ නිසා සේම, සාමාන්‍ය නිළියන්ට වඩා ඇගේ රංගනය බොහෝ දුර ගිය, ඕනෑවට වඩා වැඩි එකක් වූ නිසාය.

රඟන්නට විතරක් නොවේ, දමිතා අරගල කරන්නටත් දක්ෂය. ගෝල්ෆේස් අරගලයට ඈ එක්වූයේද ඒ හින්දාමය. ගෙදරට වෙලා හොඳින් කාලා බීලා අරගලය ටීවී එකෙන් විතරක් බලලා චියර් කරන්න පුළුවන්කම තියෙද්දීත් දමිතා ගෝල්ෆේස් බිමට පය තබමින් අරගලයට සහභාගි වූවාය.

දවසකට දෙකකට නොව ආණ්ඩුව විසින් අරගලය විසුරුවා හරින තුරුම ඇය අරගලයෙහි නිත්‍ය සාමාජිකාවක වූවාය. පහර පිට පහර දෙමින් කිහිප වතාවක් ආණ්ඩුව අරගලය මට්ටු කරන ප්‍රහාරයන් එල්ල කළද දමිතා එය දමා ගියේ නැත.

ආණ්ඩුවට අසූහාරදාහට මල පැන්නේද දමිතාව දඟගෙයි දමා අගුළු දැමුවේද ඒ නිසාය. හැබැයි, ඒ අගුළු දැමීමට හෝ දඟගෙයි ලෑමට බයේ දමිතා අතපය අකුළා ගත්තේ නැත. ඇගේ හඬට අගුළු දැමුවේ නැත. කිසිදු ආකාරයේ පැහැදිලි චෝදනාවක් නැතිව අත්අඩංගුවට පත්වූ මේ අතිදක්ෂ, ජනප්‍රිය රංගවේදිනිය, අරගලකාරිය නිදහස ලබා පැමිණි මොහොතේ සිට නැවතත් තම හඬ අවදි කළාය. කිසිම බියක් සැකක් නැතිව වගකිව යුත්තන්ට ඇඟිල්ල දිගු කරන්නටත්, කියන්නට ඕනෑ දේ හොඳින් ලුණු ඇඹුල් දමා කියන්නටත් පටන් ගත්තාය.

ඉතින් දමිතා කොහොමද හිරගෙදර ජීවිතේ…?

රන්ජන් අයියා කිව්වේ සම්පූර්ණ ඇත්ත. සත්තකින්ම ඒක අපායක්. රැඳවියන් වෙනුවෙන් ඉටුවිය යුතු තවමත් ඉටුවෙලා නැති දේ බොහොමයි. ඒ වෙනුවෙන් වගකිව යුත්තන් දැනුවත් කරන්න මම මගේ උපරිමය කරනවා.

ඔබට එල්ල වූ චෝදනා ගැන මොනවද කියන්න තියෙන්නේ?

ඒකට හරි සරලව උත්තර දෙන්න පුළුවන්. මම නීතියට පිටුපෑවේ නැහැ. ආණ්ඩු පෙරළන්න උත්සාහ ගත්තේ නැහැ. පොලිසියට කිසිම තැනකදී ඔවුන්ගේ රාජකාරිය කරන්න බැරි විදියේ බාධාවක් කළේ නැහැ. අරගලය තුළ පොලිසියට එරෙහිව යමක් කරන්නට උත්සාහ කරපු සමහර පිරිස් හමුවේ පවා මම මැදිහත් වුණේ ඔවුන්ව පොලිසියෙන් ඈත් කරවමිනුයි.

ආණ්ඩු පෙරළන්න නීතිය අතට ගන්න මට ඕනෑ වුණේ නැහැ. මගේ අරමුණු වුණේ මේ රටේ දූ දරුවන්ගේ, පීඩාවට පත් මිනිසුන්ගේ කුසගින්න වෙනුවෙන් කිරි පැකට් එක වෙනුවෙන් පොදු අරගලයකට මැදිවෙලා ඉන්න අසාධාරණය වෙනුවෙන් හඬ නඟන අපේම උන් වෙනුවෙන් හඬක් වෙන්නයි. ඒක හිර අඩස්සියේ දාන්න තරම් අපරාධයක්ද කියන්න මම දන්නේ නැහැ.

කටඋත්තරයක් දෙන්න මෝදර පොලිසියට පැමිණි ඔබ මඟහැරියාය කියනවා…?

අමූලික බොරු. මෝදර පොලිසියට ඇවිදින් කටඋත්තරයක් දෙන්නය කියලා ඕ.අයි.සී. මහත්තයා මට කියපු වෙලාවේ මම එතුමාට කිව්වා මම නවවැනිදා උදේ එන්නම් කියලා. බොරලැස්ගමුව පොලිසියෙනුත් මම කරපු ඒ ඉල්ලීම අනුමත කරලා ඒ ගැන ලියවිල්ලක් පවා ගෙදරට ලැබෙන්න සැලැස්සුවා. ඒ වගේම මගේ නීතිඥතුමාද ඒ ගැන ඕ.අයි.සී. මහත්තයාව දැනුවත් කරලා තිබුණා. ඉතින් කොහොමද මම පොලිසියට යන එක මඟහැරියා වෙන්නෙ? ඔය සේරම හදපු කතා. ඇත්ත කතාව ඔවුන්ට ඕනෑ වුණේ මගේ හඬ මරලා දාන්නයි.

ඔවුන් කිව්වේ පොලිසියේ මහත්වරුන්ද?

නැහැ. මම චෝදනා කරන්නේ මේ රටේ ලොකු පුටුවල ඉන්න අයට. ඔවුන් තමා නිලධාරී මහත්වරුන්ට අණ දෙන්නේ. නිලධාරී මහත්වරුන්ද ඒ අණට යටත් වෙනවා. බොහෝ විට ඔවුන්ද එතැනදී අසරණ වෙනවා කියලයි මට හිතෙන්නේ.

රළු විදියට ඔබව අත්අඩංගුවට ගත්තෙත් ඉහළ අණ කිරීම් ඒ විදියට ලැබුණු නිසාද?

සහතිකවම ඔව්. එදා සැප්තැම්බර් හත්වැනිදා පාර්ලිමේන්තුව අසල අප කළ උද්ඝෝෂණය ඉතා නිහඬ සාමකාමී එකක්. අපි කිව්වේ ඉහළ යන බඩු මිල සහ විදුලි බිල අඩු කරලා ජනතාවට සහන සලසන්න කියලයි. නීතියට පටහැනි කිසිවක් හෝ පොලිසිය හෙළාදකින කිසිවක් අපේ අතින් එදා සිදුවුණේ නැහැ.

වැඩේ ඉවර කරලා අපි යන්න හදන කොට සෙනඟ විසිරෙන කොට පොලිසියෙන් මාව තනිකරලා අරගෙන කොටුකර ගත්තා. චෝදනාව මොකක්ද කියලා අහද්දී කිව්වා පොලිසියට බාධා කළා කියලා. මට හිතාගන්නවත් බැරිව ගියා. මොනවද මේ වෙන්නේ කියලා. මට සැලකුවේ සතෙකුට වගේ එතැනදී. ගෙදරටවත් අම්මටවත් කෝල් එකක් ගන්න මට ඉඩ දුන්නේ නැහැ. කෝල් එකක් ගන්න හදනකොටම එතැන හිටපු නිලධාරියෙක් කාන්තා පොලිස් නිලධාරිනියකට අණකෙරුවා, මගේ ෆෝන් දෙක අරගන්න කියලා.

‘අහන්න දෙයක් නෑ. ගන්න ෆෝන් දෙක…’ කියලා කිව්වා. තව කවුරු හරි, ‘ගන්නවා ගන්නවා ෆෝන් දෙක මෙහාට’ කියලා ලොකු පාට් එකක් දැම්මා.

සිරගෙදරදී අසනීප වුණු වෙලාවෙවත් ඔබට සහනයක් ලැබුණේ නැද්ද?

ඔව්. මට හයි කොලෙස්ටරෝල් කියලා ඩොක්ටර් කිව්වා බෙහෙත් ගන්න කියලා ඉක්මනට. බෙහෙත් ගන්න දුන්න ටිකට් එක මගේ අතේ තියෙනකොටත් එතැන හිටපු නිලධාරිනියක් කිව්වා,

‘දැන් බෙහෙත් ගන්න දෙන්න බැහැ’ කියලා. මම ඔවුන්ගෙන් ඇහුවා ඇයි මෙහෙම කරන්නේ කියලා.

‘අපි වැඩ කරන්නේ ඉහළ ඕඩර්ස්වලටයි, එයින් එහා අපට කරන්න දෙයක් නැහැ…’ කියලා ඇය කියා සිටියා.

‘හිරේ ඉන්න ජරාම ගෑනු ගොඩට එයාව දාන්න…’ කියලා ඔබ වෙනුවෙන් අණක් ආවලු?

හිර ගෙදර ඉන්න කිසිම රැඳවියෙක්ට මම ‘ජරා ගෑනු’ කියන ලේබලය ගහන්නෙ නැහැ. ‘ජරා ගෑනු’, ‘නරකම ගෑනු’ කියන හංවඩුව දීලා තියෙන්නෙත් අපේ රටේ ලොකු පුටුවක ඉන්න ඉහළ කෙනෙක්. හැබැයි කියන්න සතුටුයි ප්‍රධාන ජේලර්වරිය මට දුන්නේ අර ඉහත පිරිස කියාපු තැන නෙවෙයි. නරකම ගැහැනු ගොඩට, අපිරිසිදුම තැනට මාව දාන්න කියලා අණ ලැබුණාට ඇය මාව යොමු කළේ මරණීය දණ්ඩනය ලැබුණු කාන්තාවන් පිරිසක් ඉන්න තැනටයි.

ඒ සිර කුටිය තුළ ඔබට අවහිරයක් දැනුණෙ නැද්ද?

කොහොමටවත් නැහැ. ඔවුන් මට සැලකුවේ රැජිනකට වාගෙයි. එතැන මගේ අම්මා වගේ අම්මලා හිටියා. මගේ බාල සහෝදරියන් වගේ තරුණ කෙල්ලන් හිටියා. ඒ හැමෝම මට සලකපු විදිය ගැන කියන්න මට වචන නැහැ. ජීවිතයේ කොතැනක හරි කරගත්ත වැරැද්දක් නිසා ඔවුන් හිරගෙදරට ආව කතාව වෙනම කාරණයක්. හැබැයි එයාලව මට පෙනුණේ දෙවිවරු ගානටයි. ඒ තරම් හොඳින් ඔවුන් මට සැලකුවා.

ඔවුන් එහෙම සැලකුවෙ ඔබ දමිතා අබේරත්න කියන ප්‍රවීණ නිළිය නිසාද?

මම එහෙම දෙයක් ඔවුන්ගෙන් ඇහුවේ නැහැ. ඔවුන් මට රැජිනකට වගේ සැලකුවා. එතැන තිබුණේ මගේ නිළිකමටද, එහෙම නැත්නම් මම පීඩිත ජනතාව වෙනුවෙන් නැගූ හඬට දුන් ගෞරවයද කියන්න මම දන්නෙ නැහැ.

හිරගෙදර අපායක් කියා ඔබ කිව්වේ ඇයි එහෙම නම්?

හිරගෙදර අපායක් කියලා කිව්වෙ එතැන හිටපු මිනිස්සු නිසා නෙවෙයි. මම කතා කළේ හිරගෙදර වටපිටාව සහ ක්‍රියාකාරකම් ගැන. ටොයිලට් වළවල් උතුරලා යනවා. කෑම ලෑස්ති කරන්නෙත් එතැනම ඉඳගෙනයි. හිරකරුවන්ට ලැබෙන බත් එක පවා හරිම අපිරිසිදු පාටයි. හරියටම කියනවා නම් අපි ඉඳුල් හෝදලා ඉවර වුණු වතුර භාජනයක පෙනුමටයි බත් පිඟානේ පෙනුම මුලින්ම ඇහැට හසුවෙන්නේ.

අන්න ඒ කරුණු කාරණා නිසයි හිරගෙදර අපායක් කියලා කිව්වේ.

අරගලය සහ මේ රටේ පාලකයන්ගේ කෙරුවාව ගැන රැඳවියන් ඔබ සමග කිව්වේ මොනවද?

ඔවුන් මේ සමාජ ක්‍රමය සහ රටේ පාලන ක්‍රමය ගැන කළ කී දෑ ලියන්න ගියොත් පත්තර පිටු දහස් ගණනක් ඒ වෙනුවෙන් ඕනෑ වේවි. ඒ නිසා එවැනි දේ ගැන කියලා පලක් නෑ. හැබැයි ඔවුන් වෙනුවෙන් ඉටු නොකෙරෙන යම් දේවල් ගැන නම් කියන්න තියෙන කතා බොහොමයි. ‘සිරකරුවෝද මනුෂ්‍යයෝය’ කියලා ගොඩනැගිලිවල ලොකු අකුරෙන් කෙටුවට වැඩක් නැහැ. ඒ අයට මනුෂ්‍යයන්ට වාගේ සලකන්න දැනගන්න ඕනෑ.

ඔවුන් වෙනුවෙන් මට කියන්න එක් සුවිශේෂ කතාවක් තියෙනවා. ඔවුන් මට කිව්වා මේ කතාව නිදහස් වෙලා ගියාම කෑගහලා හැමෝටම ඇහෙන්න කියන්න කියලා. ඒ කතාව මට කිව්වේ මාව ආදරෙන් බලාගත්ත අම්මලා දෙතුන් දෙනෙක්. ඒ අය මේ හිරගෙදරට ඇවිදින් අවුරුදු 15ක් 20ක් වෙනවලු.

ඒ අම්මලා මට කියනවා රණසිංහ ප්‍රේමදාස මහත්තයගේ ආණ්ඩු කාලේ මාසේ හැම පෝයකටම හිරකාරයෙක් නිදහස් කරන සිරිතක් තිබුණලු. හොඳ කල්ක්‍රියාවෙන් ඉන්න. නිදහස් කරන්න සුදුසුම කෙනාව බලලා නිදහස් කරනවලු. ඉතින් අර කියපු අම්මලා මගෙන් ඉල්ලීමක් කෙරුවා, ‘ආයෙමත් ඒ සිරිත අනුව කටයුතු කරන්න පුළුවන් නම්, තමන් කරපු වැරැදි වටහාගෙන හොඳ මිනිස්සු වෙන්න උත්සාහ ගන්න සිරකරුවෝ 12 දෙනෙක් අවුරුද්දකට වතාවක් නිදහස් වෙනවා නේද? ඒ නිසා පුළුවන් නම් ඔබතුමිය ඒ ගැන වගකිව යුතු අයව දැනුවත් කරන්න’ කියලා.

ඉතින් දමිතා ඔබ සූදානම්ද ඒ ඉල්ලීම ඉටුකර දෙන්න?

ඔවුන්ගේ ඒ ඉල්ලීම වෙනුවෙන් වාගෙම ඔවුන්ගේ යහපත සඳහා ඉටුවිය යුතු සෑම දෙයක්ම වෙනුවෙන් මම මගේ හැකි උපරිමය කරනවා.

විපක්ෂ නායක ඇතුළුව විවිධ මැති ඇමැතිවරුන් ඔබ බලන්න හිරගෙදරට ආවා?

ඒ වෙනුවෙන් ඔවුන් හැමෝටම දෑත එක් කරලා මම ස්තුති කරනවා.

ඔබව සිරභාරයට ගත්ත රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුවට ඔබ වෛර කරනවද?

අයියෝ නැහැ. මම ඒ අයටත් අත් දෙක එකතු කරලා ස්තුතියි කියනවා. මොකද මගේ ජීවිතයට බොහෝ අත්දැකීම් ලබාගන්න පුළුවන් උත්තරීතර විශ්වවිiාලයක් වැනි මේ තැනට මට එන්න ලැබුණේ ඔවුන් නිසයි. ඒ වෙනුවෙන් මම ඔවුන්ට මගේ කෘතඥතාව පුදකර සිටිනවා.

අරගලයක් නිසා ඔබට හිරබත් කරන්නත් සිද්ධ වුණා. ඉතින් දමිතා ඔබේ ඊළඟ පියවර කුමක් වේවිද?

මම බයවුණා කියලා හිතනවද? මම සැලුණා කියලා හිතනවද? කවදාවත් එහෙම වෙන්නේ නැහැ. මම තවත් ශක්තිමත් වුණා. නියම අරගලයට අවශ්‍ය පන්නරයට තව බොහෝ අත්දැකීම් එකතු වුණා කිව්වොත් හරියට හරි. ආණ්ඩුවට ඕනෑ වුණේ, ‘ඔන්න දැනගනිල්ලා, අපි දමිතාවත් ඇරෙස්ට් කළා…’ කියලා ලෝකෙට පෙන්නන්න. ඒකෙන් වුණේ දමිතා අබේරත්න තවත් ශක්තිමත් වුණු එකයි. හැමදාමත් සිද්ධ වුණේ අපේ පාලකයෝ ඇත්ත ඇති සැටියෙන් තේරුම් නොගත්ත එක. හරි දේ පැත්තකින් තියෙද්දී වැරැදි දේ කරපු එක.

මම දේශපාලකයන්ට ‘කාලකණ්ණි’ කියලා කියපු එකට සමහර අයට හුඟක් රිදිලා තිබුණා. කාලකණ්ණි කියන්නේ කාලය කන අයටයි. ඉතින් මම ඔවුන්ට ඒ හැඳින්වීම දුන්නා කියන එකේ කිසිම වැරැද්දක් ඇතිය කියලා මම හිතන්නේ නැහැ. හැමෝම වාගේ මගේ කීම අනුමත කරන බවත් සමාජ මාධ්‍ය දිහා බැලුවාම ඔබලාට වුණත් පේනවා ඇති. එහෙම නේද?

අවසාන වශයෙන් යමක් කියනවා නම්….?

අවසානයක් නැහැ. අරගලය නැවත ආරම්භ වේවි. නියම අරගලය බොහෝ දුර ගමනක් යනවා නියතයි. අරගලයට ජය වේවා…

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

මරික්කාර් කියන්නේ හොඳ වැඩකාරයෙක්! සජබෙ හදන ඊළඟ ආණ්ඩුවේ මරික්කාර් කැබිනට් ඇමැති කෙනෙක්! සජිත්‌ කොළොන්නාවටම ඇවිත් ජනතාවට පොරොන්දුවක් දෙයි! (VIDEO & PHOTOS)

Next Post

තර්ජනීගේ තර්ජනෙන් ආසියාවටම එක වුණු අපේ කෙල්ලෝ…

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.