ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රීඩක මහේල ජයවර්ධන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා මේ බව පැවසීය.
ඒ අනුව ඔක්තෝබර් මස 02 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යන අතර 06 වනදා මහේල ඔස්ට්‍රේලියාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වීමට නියමිතව ඇත.
එතැන් පටන් තරගාවලියේ අවසානය දක්වා මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ රැඳී සිටින බවද ඈෂ්ලි ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.










