• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මදි නොකියන්නට අශූචි නාගත් අශූචි පොහොර නැවේ කතන්දරය… විගණකාධිපති සියල්ල හෙළිකරයි…

September 14, 2022
in Exclusive, News
Reading Time: 9 mins read
A A
මදි නොකියන්නට අශූචි නාගත් අශූචි පොහොර නැවේ කතන්දරය… විගණකාධිපති සියල්ල හෙළිකරයි…
Share on WhatsAppShare on Facebook

කාබනික පොහොර මෙටි්‍රක් ටොන් 96,000ක් ප්‍රසම්පාදනය කරගැනීම සඳහා චීනයේ සැපයුම්කාර “සීමාසහිත කින්ඩාඕ සිවීන් බයෝටෙක් සමාගම” සමග ක්‍රියාත්මක කෙරුණු ගනුදෙනුවේදී මහජනතාවට (රජයට) සිදුව ඇති හානියෙන් ගණනය කළ හැකිවූ අලාභය ඇමෙරිකන් ඩොලර් 69,00,000ක් හෙවත් රුපියල් 1,38,27,20,494කි. මේ වන විට එම වටිනාකම 24,00,00,00,000කි.

ගෙන එන ලදැයි කියන පොහොර තොගයෙන් 75%කට සරිලන අන්දමට ගෙවූ වන්දිය නිසා ඒ අලාභය සිදුව තිබේ. එහෙත් ගණනය කළ නොහැකි අලාභය ඊට විශාල බව විගණකාධිපති කියයි. ඒ, 2021-2022 මහ කන්නය වගාකිරීම සඳහා යෙදීමට නොලැබුණු පොහොර මෙටි්‍රක් ටොන් 96,000ක් නිසා අහිමිවූ අස්වැන්න තොගයේ වටිනාකම ගණනය කිරීමට නොහැකි වීමෙන් අහිමි මූල්‍ය වටිනාකමද, මේ රටේ භෝගවලට අංගමාරය, මෘදු කුණුවීම වැනි රෝග ඇතිකරවන ආර්වීනියා (ERWINIA) සහ බැසිලස් (BACILLUS) යන අහිතකර බැක්ටීරියා සහිත පොහොර තොගයක්, ශාක ආරක්‍ෂක පනතේ නීතිරීති සහ ගිවිසුමේ කොන්දේසි උල්ලංඝනය කර මෙරටට (සිරිලංකාවට) යෙදවීමට උත්සාහ කිරීමේ වන්දියද, යථෝක්ත පොහොර සැපයීමේ ගිවිසුමට අනුව ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයට යම් හෙයකින් අනාගතයේදී වන්දියක් ගෙවීට සිදුවුවහොත් එම පාඩුවද, එසේ ගණනය කළ නොහැකි ප්‍රමාණය බව විගණකාධිපතිවරයා සිය වාර්තාවේ විස්තර කර ඇත.

කාබනික පොහොර මෙටි්‍රක් ටොන් 96,000ක් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් පවත්වන ලද විශේෂ විගණනයේදී අනාවරණ වූ සියලු විස්තර ඇතුළත් වාර්තාව විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතාගේ අස්සනින් පසුගිය අගෝස්තු 26 වැනි දින නිකුත් කෙරී ඇත.

මතභේදාත්මක ප්‍රසම්පාදනය සමයේ කෘෂිකර්ම ඇමැතිවරයාව සිටි වර්තමාන ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් තමා කිසිවක් නොදන්නා බවයි. කාබනික පොහොර තොගය ප්‍රසම්පාදනය ආරම්භයත් සමගම තමා එවක ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා හමුවී මේ ගැන විමසූ අවස්ථාවේදී තමාට පවසනු ලැබුවා යැයි කීවේ මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට ඇමැතිවරුන් දෙදෙනකු සිටින බැවින් තමාට නිහඬව සිටින ලෙසක් බවක්ලු.

ඒ අනුව මේ සම්බන්ධයෙන් තමා කිසිවක් නොකළ බවද, කිසිවක් නොදන්නා බවද පාර්ලිමේන්තුවේදී අනාවරණ කෙළේය.

කාබනික පොහොර සපයා ගැනීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල සංදේශ දෙකක් අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කෙරී ඇති අතර එකක් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයෙන් ඉදිරිපත් කෙරී තිබේ. ඒ අවස්ථාවේ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ශෂීන්ද්‍ර රාජපක්‍ෂය.

සාමාන්‍යයෙන් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරනු ලබන්නේ අදාළ අමාත්‍යාංශය භාර අමාත්‍යවරයා විසිනි. එක් අමාත්‍ය මණ්ඩල සංදේශයක් රාජ්‍ය අමාත්‍යාංශයෙන් ඉදිරිපත් කෙරී ඇති අතර අනෙක් සංදේශය අමාත්‍යාංශයෙන් ඉදිරිපත් කෙරී ඇති බව විගණන මතයයි. ඒ අනුව එම සංදේශය අදාළ අමාත්‍යාංශය භාරව සිටි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ දැනුවත්භාවයකින් තොරව ඉදිරිපත් වූයේ දැයි යන්න ඔහුගේ පාර්ලිමේන්තු කතාව පරිදි විවාදාපන්නය. ඒ කෙසේ වුවද කාබනික පොහොර ප්‍රසම්පාදනය පිළිබඳ විගණකාධිපතිවරයා ඉදිරිපත් කර ඇති වාර්තාවේ දැක්වෙන අන්දමට සැපයුමේ පසුබිම මෙසේය.

ලංකාවේ කෘෂිකර්මාන්තයට 2021 මැයි මාසයේ සිට රසායනික පොහොර සහ දියර යෙදීම තහනම් කරමින් කාබනික පොහොර පමණක් යෙදීමෙන් වගා කළයුතු බවට ගෝඨාභය රාජපක්‍ෂගේ ආණ්ඩුවේ මුදල් අමාත්‍යාංශයෙන් චක්‍රලේඛය නිකුත් කෙළේය.

(ඒ වන විටත් රටේ මතුව තිබූ ඩොලර් හිඟය මහජනයාට වසං කිරීමට ආණ්ඩුව ගැසූ “තුරුම්බුවකි” මේ යැයි මහජන මතයයි.)

ඊට පෙර අවුරුද්දේ (2019) රසායනික පොහොර ආනයනය සඳහා ඩොලර් මිලියන 221ක් වැය කිරීමට රජයට සිදුවී තිබුණේය. තහනම පැනවෙන විටත් එළැඹ තිබූ 2021-2022 මහ කන්නයේ වී ගොවිතැනට සූදානම් කර තිබූ හෙක්ටයාර් 5,00,000කට වැඩි වගා භූමියට (කුඹුරුවලට) අවශ්‍ය තරම් කාබනික පොහොරද රටේ නොතිබිණි. ඒ අනුව අවශ්‍ය තොගය ආනයනය කළ යුතු බවට කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද අමප/21/0964/323/030 දරන අමාත්‍ය මණ්ඩල සංදේශයට 2021 ජූනි 08 දින අනුමැතිය ලැබුණෙන් අමාත්‍ය මණ්ඩලය විසින්ම පත්කරනු ලැබූ ටෙන්ඩර් මණ්ඩලයකින් චීනයේ “සීමාසහිත කින්ඩාඕ සිවීන් බයෝටෙක් සමාගම” සැපයුම්කරු වශයෙන් තෝරාගනු ලැබ ගිවිසුම්ගතව කොන්ත්‍රාත්තුව පවරනු ලැබිණි.

කාබනික පොහොර මෙටි්‍රක් ටොන් එකක් ඩොලර් 446 බැගින් මෙටි්‍රක් ටොන් 96,000ක් සැපයීම වස් එමගින් කොන්ත්‍රාත්තුව පැවරිණි. ඒ සමාගමෙන් සැපයීමට යෝජිත තොගය පිළිබඳ ආදර්ශ (සාම්පල්) පරීක්‍ෂණයක් පැවැත්වූ “ජාතික ශාක නිරෝධායනායතනයේ” නිර්දේශය වූයේ ඒ පොහොර තොගය ජීවානුහරණය කර නැති නිසා එහි ආර්වීනියා (ERWINIA) සහ බැසිලස් (BACILLUS) යන අහිතකර බැක්ටීරියා අන්තර්ගත බවකි. ඒ පොහොර ගෙන්වුවහොත් මේ රටේ සමස්ත කෘෂිකර්මාන්තයේම මළගම සිදුවන බවද එකී නිර්දේශයේ හරයයි.

(චීනා අපට එසේ ඇටෙව්වේ මර උගුලකි).

එහෙත් ඒ නිර්දේශය තුට්ටුවකට මායිම් නොකර කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විසින් පත්කරනු ලැබූ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේද සාමාජිකත්වයෙන් යුතු විශේෂ කමිටුවකින් ලද නිර්දේශ මත පොහොර ආනයනය උදෙසා සීමාසහිත ලංකා පොහොර සහ සීමාසහිත කොමර්ෂල් යන රාජ්‍ය සමාගම් දෙක විසින් ණයවර ලිපි විවෘත කිරීමට කටයුතු කරනු ලැබිණි. ඒ අනුව මෙටි්‍රක් ටොන් 20,550ක් රැගත් HIPPO SPIRIT නමැති නෟකාව 2021.09.23 දින චීනයේ “කින්ඩාඕ” වරායෙන් ගමන් ආරම්භ කර ශ්‍රී ලංකාවට කිට්ටු කෙළේ ඔන්න ඔය අන්දමටය.

එහෙත් ශාක නිරෝධායන පනතට අනුව ජීවානුහරණය නොකළ කාබනික පොහොර තොගය ගොඩබෑමට නොහැකි වීමෙන් විවාදාත්මක තත්ත්වයක් උද්ගත වුණේය. තමන්ගේ නිර්දේශ, කොන්දේසිවලට සහ ප්‍රමිතියට සරිලන අන්දමට සැපයුම නොවූයෙන් සීමාසහිත ලංකා පොහොර සහ සීමාසහිත කොමර්ෂල් යන රාජ්‍ය සමාගම් දෙක විසින් ඒ නිසා කොළඹ වාණිජ මහාධිකරණයේදී මහජන බැංකුවට එරෙහිව නඩුවක්ද ගොනුකරනු ලැබීමෙන් ගෙවීම් අත්හිටුවීමේ වාරණ නියෝගයක් ද ලබාගත්තේය. එමතුද නොව මතභේදාත්මක තත්ත්වය සමනය කරගැනීම සඳහා නීතිපති උපදෙස් මත අමාත්‍ය මණ්ඩල සංදේශයක් ද ඉදිරිපත් කෙරිණි. ඒ අනුව ආරවුල සමථකරණය සඳහා ඉදිරිපත් කෙරුණු අමප/21/2161/323/030 දරන අමාත්‍ය මණ්ඩල සංදේශයට ලද තීරණය පරිදි නැවේ තිබූ පොහොර තොගයේ පිරිවැයෙන් 75%ක් වෙනුවෙන් ඩොලර් මිලියන 6.9කට සමාන වූ රුපියල් 1,38,27,20,494ක් සමථයේදී සැපයුම්කාර සමාගමට ගෙවීමට අනුමැතියද ලැබී තිබිණි.

අපේක්‍ෂිත සංයුතියෙන් සහ ප්‍රමිතියෙන්ම ඒ පොහොර තොගයක් නැවත සැපයීමේ කොන්දේසියද සමග ආරවුල සමථ වී තිබේ. එහෙත් එම කොන්දේසිය අනුව ලැබිය යුතු පොහොර තොගය මෙතෙක් අපේ රටට ලැබී නැති බව විගණනයේදී අනාවරණ වී තිබේ.

සමථ කොන්දේසි ප්‍රකාරව ණයවර ලිපියේ සහ කාර්යසාධන බැඳුම්කරයේ කාලය දීර්ඝ කර වලංගුව තබාගත යුතු වුවත් ණයවර ලිපියේ 2022 මාර්තු 12 දින කාර්යසාධන බැඳුම්කරයේ කාලය 2022 මාර්තු 24 දිනත් කල් ඉකුත් වී ඇත්තේය. ඒ නිසා සැපයුම්කාර සමාගමෙන් ලැබිය යුතු පොහොර තොගය හෝ ඒ වෙනුවෙන් ගෙවූ මුදල් හෝ ලබාගැනීමේ හැකියාව මේ හේතුවෙන් ඇහිරී ගොස් තිබේ.

පොහොර වෙනුවෙන් චීනයේ “සීමාසහිත කින්ඩාඕ සිවීන් බයෝටෙක් සමාගමට” ගෙවන ලද රුපියල් 1,38,27,20,494 ඒ අනුව රජයට (මහජනයාට) අත්වූ පාඩුවකි.

විගණකාධිපතිවරයාගේ නිර්දේශ

පොහොර ගනුදෙනුව සම්බන්ධව විගණකාධිපකිවරයා ඉදිරිපත් කරන නිර්දේශ මෙසේය.

සිද්ධිය හා බැඳුණු සුරක්‍ෂණ කල් ඉකුත්වීමට පෙර මුදල් කර නොගැනීම හෝ කාලය දීර්ඝ කරවා නොගැනීමෙන් හෝ සිදුවූ අලාභය සහ, අත්තිකාරම් ගෙවීම සඳහා කිසිදු සුරක්‍ෂණයක් තබා නොගැනීම යන කරුණුවලින් සිදුවූ අලාභ, ඊට ඈඳුණු පිරිසට එරෙහිව නඩු පවරා අයකර ගැනීම.

සැපයුම්කාර “සීමාසහිත කින්ඩාඕ සිවීන් බයෝටෙක් චීන සමාගම” ලංකාවේ අසාදු ලේඛනගත කළ යුතුයි.

ලංකාවේ ආර්ථික වටිනාකමක් ඇති භෝගවලට අංගමාරය, මෘදු කුණුවීම වැනි රෝග ඇතිකරවන ආර්වීනියා සහ බැසිලස් යන අහිතකර බැක්ටීරියා අන්තර්ගත පොහොර තොගයක් ගිවිසුමේ කොන්දේසිවලට සහ ශාක ආරක්‍ෂක පනතට එරෙහිව රටට (සිරි ලංකාවට) යෙදවීමට උත්සාහ දැරීම යන කරුණු සම්බන්ධව සැපයුම්කාර සමාගමට එරෙහිව නීතිමය කටයුතු කර වන්දි ලබාගැනීම.

සපයන ලද පොහොර තොගයක් වෙනුවෙන් ලබාගත් රුපියල් 1,38,27,20,494ක මුදල සැපයුම්කාර සමාගමෙන් ආපසු ලබාගැනීමට නීතිමය කටයුතු කිරීම.

2021-2022 මහ කන්නයේ වී වගාවට අවශ්‍ය පොහොර සපයා නොදීමෙන් සිදුවූ අලාභයට වන්දි ලබාගැනීම සඳහාද සැපයුම්කරුට එරෙහිව නීතිමය පියවර ගැනීම.

සැපයුම්කරු වංචාවකට අරඇන්ද බවක් පෙන්වන සාධක

ගිවිසුමේ හර පද්ධතිය උල්ලංඝනය කරමින් 2021 සැප්තැම්බර් 23 දින චීනයේ “කින්ඩාඕ” වරායෙන් නැව ගමන් ආරම්භ කිරීම.

එසේ ගමන් ආරම්භ කර ඇත්තේ ඊට පෙර දින (2021 සැප්තැම්බර් 22) බව අනාවරණ වීමෙන් සැපයුම්කරු ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරන බව පැහැදිලි වීම.

පොහොර තොගය නිෂ්කාශනය සඳහා නියෝජිතයකු පත්කර නොතිබීමෙන් උක්ත නැවෙහි පොහොර තොගයක් තිබුණු බවක් සහ තොග ගොඩබෑමේ සැලසුමක් තිබුණු බවක් විගණනයට නිරීක්‍ෂණය නොවීම.

ආනයනකරු වෙනුවෙන් පත්කෙරුණු ස්වාධීන රසායනාගාර පරීක්‍ෂණ වාර්තාව නිකුත් කිරීමෙන් පසුව විවෘත කෙරෙන ණයවර ලිපිය එසේ විවෘත කිරීමට පෙරාතුව පොහොර තොගය නැවට පටවා තිබීම.

පළමු තොගය නැව්ගත කිරීමට අදාළ කාලය 2021 සැප්තැම්බර් 25 දක්වා වෙනස් කරන ලෙසත්, ණයවර ලිපියට සංශෝධන කීපයක් එක්කරන ලෙසටත් එසේම නැවට භාණ්ඩ තොගය පැටවීම උදෙසා ශාක නිරෝධායන සහතිකය ලැබෙන තුරුත් තමන් බලා සිටින බව දක්වමින් සැපයුම්කාර සමාගම 2021 සැප්තැම්බර් 20 දින රජයේ සමාගම් දෙකට විද්‍යුත් තැපැල් පණිවුඩ එවා තිබිණි.

එහෙත් ණයවර ලිපියේ සඳහන් කොන්දේසියට අනුව 2021 සැප්තැම්බර් 20 දිනට පෙර භාණ්ඩ නැව්ගත කළ යුතු වුවත් දෙපාර්ශ්වයේ එකඟතා රහිතව පළමු තොගය 2021 සැප්තැම්බර් 23 දින නැව්ගත කර ඇත.

චීන රජයෙන් නිතුත් කළ යුතු අත්‍යාවශ්‍ය නාවුක ලියකියවිලි සැපයුම්කාර සමාගම විසින්ම සපයනු ලැබීමෙන් විශ්වසනීයත්වයක් නොවීම.

නාවුක ගමන් අතරතුර නැවේ නම මාරු කිරීම. චන්ද්‍රිකා තාක්‍ෂණ දත්ත ලබාගත නොහැකි අන්දමට ජාත්‍යන්තර නියාමන පද්ධතිය (International Monitoring System) ක්‍රියා විරහිතකර තැබීම. නැව කොළඹ වරායට සේන්දු වූ බව නැව්පති විසින් විධිමත් අන්දමින් දැනුම්දෙනු නොලැබීම සහ නැව සිංගප්පූරුව සහ අප්‍රිකාව දෙසට ධාවනය කරවා තිබීම.

මතභේදාත්මක කරුණු

ලංකාවේ ඇති ශාකවලට හානිකර හෝ හිංසාකාරී හෝ විනාශකාරී හෝ යම් ජීවියකු මෙරටට හඳුන්වාදීමද, ව්‍යාප්තියට මං සැලසීමද ජාතික ශාක ආරක්‍ෂක පනත ප්‍රකාරව හැකියාවක් නැත.

එහෙත් රසායනාගාර පරීක්‍ෂණවලින් දෙවරක්ම අසමත්ව තිබූ කාබනික පොහොර තොගය යථෝක්ත පනතේ (ජාතික ශාක ආරක්‍ෂක) විධිවිධාන අනුව නැවත ආනයනය කිරීම සඳහා කොන්දේසි ඇතුළත් කර වාණිජ මහාධිකරණයේදී සමථයකට පත්වීම මතභේදාත්මකය.

ප්‍රසම්පාදන සහ තාක්‍ෂණික ඇගයීම් ක්‍රියාවලියේ ලුහුඬුතා

තාක්‍ෂණික ඇගයීම් කමිටුවේ සභාපතිවරයා පමණක් එක් එක් ලංසුකරුගේ පූර්ව සුදුසුකම් පරීක්‍ෂාවේදී ලියවිලිවලට අස්සන් කර තිබීමෙන් පෙනෙන්නේ තාක්‍ෂණික ඇගයීම් කමිටුවේ සෙසු සාමාජිකයන් ඇගයීම්වලට සහභාගිවී නැති බවය.

පොහොර සැපයුම්කරු තෝරාගැනීම ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ විධිවිධාන ප්‍රකාර විනිවිදභාවයෙන් යුතුව කෙරී නැත. ශ්‍රී ලංකා පරමාණු බලශක්ති අධිකාරියෙන් රසායනික සහ විකිරණශීලී ද්‍රව්‍යවලින් තොර බවට වාර්තාවක් ලබාගෙන නැත.

ජාතික ශාක ආරක්‍ෂක පනතේ සහ ප්‍රමිති ආයතනයේ ප්‍රමිතීන්ට පටහැනිව ආනයනය කළ කාබනික පොහොර තොගයේ පවත්නා ප්‍රමිතියට අනුව නීතිරීති ගළපා සැපයුම්කරු සහ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබේ.



චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

ලංකාවේ ලෙජන්ඩ්ස්ලා එංගලන්ත ‌ලෙජන්ඩ්ස්ලාට දුවන්න ගහයි! ගැහුවෙ 78යි! සනත් ලකුණු 3ට කඩුලු 4යි!

Next Post

අද ආසියානු නෙට්බෝල් ශූරතාව ලංකාවට අරන් ආපු ශ්‍රී ලංකා කණ්ඩායමට එදා ශක්තිය දුන්නු නායකයා ගැන බොහෝ දෙනාට අමතකයි! මේ වීඩියෝ එක බලන්න! ඔබට ස්තූතියි! (VIDEO)

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.