පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් (SOEs) ප්‍රතිව්‍යුහගත කිරීම හෝ පුද්ගලීකරණය කිරීම හරහා එහි කළමනාකාරිත්වය හෝ හිමිකාරිත්වය විවෘත කිරීම සහ කාර්යක්ෂමව විසඳාගත නොහැකි බංකොලොත් ප්‍රශ්න සහිත අසාර්ථක ආයතන ඈවර කිරීමට තීරණය කොට ඇත.
විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිර්දේශ අනුව අවම වශයෙන් රාජ්‍ය ආයතන 55 න් 10 ක් ඈවර කිරීම සඳහා වෙන් කර ඇත.
ඈවර කිරීම සඳහා වෙන් කර ඇති බංකොලොත් ආයතන 10 වන්නේ ශ්‍රී ලංකා රබර් නිෂ්පාදන සහ අපනයන සංස්ථාව, ජනතා පොහොර ව්‍යවසාය සීමාසහිත ලංකා සළුසල ලිමිටඩ්, රාජ්‍ය වෙළඳ සංස්ථාපිත තොග සමාගම, සීමාසහිත ලංකා ෆැබ්රික් ලිමිටඩ්, නෝර්ත් සී ලිමිටඩ්, ලංකා සෙරමික් සමාගම, ලංකා සිමෙන්ති සමාගම, සිමෙන්ති සංස්ථාව සහ ලක්දිව ඉංජිනේරු සමාගමය.
2022 පළමු මාස හතර තුළ, සමස්ත 55 න් ප්‍රධාන පාඩු ලබන ආයතන 52 රු. බිලියන 859 ක අලාභයක් ලබා ඇත.
2021 වසරේ අනුරූප කාලපරිච්ඡේදය තුළ එම අලාභය රුපියල් බිලියන 13 ක් වූ බව මුදල් අමාත්‍යාංශයේ මූල්‍ය වාර්තාවක් පෙන්වා දෙයි.
මේ සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගනිමින්, ගැටලුකාරී රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නව ඒකකයක් පිහිටුවීමට රජය කටයුතු කර ඇත.