• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

දමිතා-සනත් නිශාන්ත- රනිල් සහ සාජහාන්! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

September 11, 2022
in Exclusive, Gurudawa
Reading Time: 3 mins read
A A
දමිතා-සනත් නිශාන්ත- රනිල් සහ සාජහාන්! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

ජාත්‍යන්තර සම්මානයක් දිනාගත් ලංකාවේ පළමු නිළිය මාලිනී ෆොන්සේකාය. ඉන් පසු අනෝජා වීරසිංහ, නීටා ප්‍රනාන්දු වැනි නිළියෝද ජාත්‍යන්තර සම්මාන දිනාගත්හ. මේ හැමෝම 70 දශකයට 80 දශකයට අයත් පැරැණි පරම්පරාවේ නිළියන්ය. ජාත්‍යන්තර සම්මානයක් දිනාගත් අලුත් පරම්පරාවේ නිළිය දමිතා අබේරත්නය. මාලිනී 1978 ඉන්දීය ජාත්‍යන්තර සිනමා උළෙලේ ගෞරව සහතිකයක් දිනාගත්තාය. අනෝජා වීරසිංහ ඉන්දීය ජාත්‍යන්තර සිනමා උළෙලේ හොඳම නිළිය සම්මානය දිනාගත්තාය. ඉන් පසු ඉන්දීය ජාත්‍යන්තර සිනමා උළෙලේ හොඳම නිළිය සම්මානය දිනා ගත් අලුත් පරම්පරාවේ නිළිය දමිතා අබේරත්නය. ඇය 2004 ඉන්දීය ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේ ‘සුළං කිරිල්ලී’ චිත්‍රපටයට හොඳම නිළිය සම්මානය දිනාගත්තාය. 2004 බංග්ලාදේශයේ පැවැති ජාත්‍යන්තර සම්මාන උළෙලේදීද ඇය එම චිත්‍රපටයට හොඳම නිළිය සම්මානය දිනාගත්තාය.

ඇය ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් දිනාදුන් අලුත් පරම්පරාවේ නිළියක්. මේ අලුත් පරම්පරාව පසුගියදා ගෝල්ෆේස්හි අරගලයක් දියත් කළ විට දමිතා එම අරගලයේ කැපී පෙනෙන චරිතයක් විය. ඇය පමණක් නොව ලංකාවේ කලාකරුවන් කලාකාරියන් විශාල වශයෙන් අරගලයට එක් විය. ඇතැම් කලාකරුවන් ආවේ සෙල්ෆි ගහලා මුහුණු පොතෙහි දමා ජනප්‍රිය වෙන්නටය. ඒත් දමිතා, ගෝඨාභය ගෙදර යවන තෙක් අරගලයේ සිටියාය. එපමණක් නොව ගෝඨාභය ගෙදර යවලා රනිල් ජනාධිපති වීමද දමිතා හෙළා දැක්කාය. රනිල් ජනාධිපති වුණු වෙලාවේ රනිල්ටත් ගෙදර යන්න කියලා බය නැතිව කීවේ දමිතාය. රනිල් ජනාධිපති වී අරගලය මර්දනය කරන විටත් අරගලය වෙනුවෙන් දමිතා බිය නැතිව පෙනී සිටියාය.

එහෙව් දමිතාව පසුගිය සතියේ අත්අඩංගුවට ගත්තේ අරගලකාරීන් මර්දනයට එරෙහිව ඇය අරගලකරුවන් සමග විරෝධතාවකට සහභාගි වී යන විටදීය. දමිතාව අත්අඩංගුවට ගෙන දමිතා හිරේ සිටියදී කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 37කට ඇමැති ධුර ලබාදී තිබිණි. දමිතා අත්අඩංගුවට ගැනීමට පෙර සහභාගි වූ විරෝධතාවයේදී කීවේ අපූරු කතාවකි.

‘මම හිතනවා රෝහිත අබේගුණවර්ධනලා, ජොන්ස්ටන්ලා, සනත් නිශාන්තලා මේ හැමෝම රනිල් වික්‍රමසිංහගේ තටු ලැබිච්ච කුරුල්ලෝ වගේ ඉගිල්ලෙන්න හදනවා. මේ පල් හොරුන්ව එපා කියලා තමයි මිනිස්සු අරගල කළේ. මේ තක්කඩි ක්‍රමවේදය එපා කියල තමයි මිනිස්සු අරගල කළේ. අද වෙනකොට මිනිසුන්ට ජීවත් වෙන්න බැරි තරම් බඩු මිල ඉහළයි. කිරිපිටි ටිකක් ගන්න අම්මලාට සල්ලි නැහැ. මේ කාලකණ්ණි දේශපාලකයන්ට මිනිසුන්ගේ දුක දැනෙන්නේ නැහැ. අපි දිනලා දුන්න අරගලය රැකගත්තේ නැත්නම් මේ තක්කඩි, මේ පල් හොරු ආයේ ඇවිත් ඔය පුටුවල ඉඳගන්නවාමයි…’

ඇය මේ ප්‍රකාශය කරද්දී ජනාධිපති ලේකම් කාර්යාලයේ පසු දින දිවුරුම් දීමට නියමිත රාජ්‍ය ඇමැති ලැයිස්තුව සකස් වෙමින් තිබෙන්න ඇත. ඒ ලැයිස්තුවේ දමිතා තක්කඩියෙක් කීව සනත් නිශාන්තගේ නමද තිබෙන්නට ඇත.

‘කවුද මේ සනත් නිශාන්ත…?’

සනත් නිශාන්ත පසුගිය මැයි 08 ගෝල්ෆේස් අරගලකරුවන්ට මැර ප්‍රහාර එල්ල කරන්න මැරයන් සමග ආ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකි. ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස රට පුරා උද්ඝෝෂණ පැවැත්වෙද්දී එවක ජනාධිපති ගෝඨාභය ඔහුව අත්අඩංගුවට ගත්තේය.

‘ගෝඨා අත්අඩංගුවට ගත් සනත් නිශාන්තටද රනිල් ඇමැතිකම් දෙන්නේ…?’

රනිල්ව ජනාධිපති කළේ රාජක්ෂලාගේ කුණු ලොරිය අදින්න යැයි මේ ‘ගුරුදා විග්‍රහය’ පෙන්වා දුන්නේ රනිල් ජනාධිපති ධුරයේ දිවුරුම් දී අස්සන් කළ ලේඛනයේ තීන්ත වේළෙන්නත් කලින්ය. රාජපක්ෂලා රනිල්ගෙන් බලාපොරොත්තු වූ පළමු දෙය රාජපක්ෂලාට නිදහසේ දේශපාලනය කරන්න අරගලය මර්දනය කිරීමය. අරගලය මර්දනය කරන්න ගිහින් රාජපක්ෂ හත්මුතු පරම්පරාවම ඉවර වෙන බව දැන එයට බයවී ඔවුන් ඒ කොන්ත්‍රාත්තුව රනිල්ට භාරදුන්නේය. රනිල් ඒ කොන්ත්‍රාත්තුව අකුරටම ඉටු කළේය. කොහොමට ඉටු කළාද කියනවා නම් ගෝඨාභය අරගලයට බයේ රාජපක්ෂ නම ගෑවුණු අයටත් ඇමැතිකම්වලින් ඉවත් වෙන්න කීවේය. දැන් අද රනිල් අරගලය මර්දනය කොට ශෂීන්ද්‍ර රාජපක්ෂව රාජ්‍ය ඇමැතිවරයෙක් ලෙස පත්කර තිබේ. මේ රාජපක්ෂලාට දැන් නිදහසේ දේශපාලනය කරන්න පුළුවන් බවට රනිල් දෙන පළමු සහතිකයය. සනත් නිශාන්ත, රාජපක්ෂවරුන්ගේ ගෝලයෙකි. සනත් නිශාන්ත රාජපක්ෂවරුන්ගේ දේශපාලනයේ සංකේතයකි. ඔහුට ඇමැති ධුරයක් දීමෙන් රනිල් පෙන්වන්නේ රාජපක්ෂලාව ආරක්ෂා කරන ආරක්ෂකයන්ව ආරක්ෂා කිරීමට තමන් බැඳී සිටින බවය. සනත් නිශාන්තට රාජ්‍ය ඇමැතිකමක් දී දමිතා අබේරත්නව අත්අඩංගුවට ගැනීමෙන් රනිල් පෙන්නුවේ රාජපක්ෂලාටත් රාජපක්ෂලාගේ ගෝලයන්ටත් එරෙහිව කටක් අරින එකෙක් තමන් ඉතුරු නොකරන බවය.

ලොව පුදුම හතෙන් එකක් වන්නේ ඉන්දියාවේ ටජ්මහල් මාලිගයය. එය සාජහාන් රජ්ජුරුවෝ තම මියගිය ආදරණීය බිරිය වෙනුවෙන් හදපු මාලිගයකි. මේ මාලිගාව හදන්න රජ්ජුරුවෝ අතිදක්ෂ ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ සහාය ලබාගත් බව ඉතිහාසය කියයි. ඒත් එම මාලිගාව හැදුවායින් පසු සාජහාන් රජු බියෙන් සැකයෙන් සිටි බවත්, එම බියට සැකයට හේතුව තමාගෙන් පසු රජකමට පත්වන රජුන්ට මෙවැනි මාලිගා හදලා දෙන්න ටජ්මහල හදපු ගෘහ නිර්මාණ ශිල්පීන් උදව් කරනු ඇතැයි කියාය. තමාගෙන් පසු රජවන රජවරුන් ටජ්මහල හදපු ගෘහනිර්මාණ ශිල්පීන් ලවා ටජ්මහලට වඩා විශිෂ්ට නිර්මාණ කරනු ඇතැයි ඔහු නොසන්සුන්ව සිටි බව ඉන්දීය ඉතිහාසඥයන් කියා ඇත. මේ නිසා තවත් ටජ්මහලක් බිහි නොවන්න රජු ටජ්මහල හදපු ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ ඇඟිලි කපා දැමූ බව ඉතිහාසඥයන් වාර්තා කොට ඇත.

‘රනිල් අරගලය මර්දනය කරන්නේ සාජහාන් ටජ්මහල් ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ ඇඟිලි කැපුවා වගේද…?’

සාජහාන් තමන්ට හදපු ටජ්මහල යළි නොහදන්න ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ ඇඟිලි කැපුවා සේ රනිල් තමාව ජනාධිපති කළ අරගලකරුවන් තමාට එරෙහිවත් අරගල කොට අලුත් ජනාධිපතිවරයෙක් පත්වීම වළක්වන්න අරගලය මර්දනය කරනවාද දන්නේ නැත.

හැබැයි මේ ටජ්මහල් හදපු ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ ඇඟිලි කපපු කතාව ඉස්සෙල්ලාම කිව්වේ රනිල්ය. ඒ චන්ද්‍රිකාගේ ආණ්ඩු කාලයේය. චන්ද්‍රිකා මාධ්‍ය මර්දනය කරන විට රනිල් කීවේ චන්ද්‍රිකා සාජහාන් ටජ්මහල හදපු ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ ඇඟිලි කැපුවා වගේ චන්ද්‍රිකාව බලයට ගෙන ආ මාධ්‍යවේදීන් තවත් ජනාධිපතිවරයෙක් බිහි කරයි කියන බයට ඔවුන්ව මර්දනය කරන බවය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ජනතාවට බෙහෙත් පෙත්තක් ගන්න බැරිව ඉද්දී මන්ත්‍රීවරුන්ගේ ලක්ෂ දෙකේ වෛද්‍ය රක්ෂණය ලක්ෂ 10ක් කරගන්න යයි!

Next Post

ආණ්ඩුව අරගලය මර්දනය කරපු හැටි කියන්න නීතීඥ බෝපගේ ජිනීවා යයි!

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.