• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

“වෙනදා දෙමළ ඩයස්පෝරාව – දැන් සිංහල ඩයස්පෝරාව” “අතින් වියදම් කරගෙන පාරේ බස් අරගෙන ජිනීවා යන අපේ අය” ආණ්ඩුවට මෙහෙම වුණේ ඇයි?

September 6, 2022
in Exclusive, News
Reading Time: 3 mins read
A A
“වෙනදා දෙමළ ඩයස්පෝරාව – දැන් සිංහල ඩයස්පෝරාව” “අතින් වියදම් කරගෙන පාරේ බස් අරගෙන ජිනීවා යන අපේ අය” ආණ්ඩුවට මෙහෙම වුණේ ඇයි?
Share on WhatsAppShare on Facebook

වත්මන් ආර්ථික අර්බුදයෙන් දරුණු ලෙස බැටකමින් සිටින ශ්‍රී ලංකාව මේ වන විට මුහුණදී තිබෙන තවත් බරපතළම අභියෝගයක් ලෙස මානව හිමිකම් සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා සඳහන් කළ හැකිය. ගතවූ දශක කිහිපයක කාලය ගත් විට ඒ ඒ කාලවකවානුවල රට පාලනය කළ ආණ්ඩුවලට එම චෝදනා අඩු වැඩි වශයෙන් එල්ල වී ඇති අයුරු නිරීක්ෂණය වන කරුණකි. වසර 30ක යුද්ධයක් අවසාන වී ඇති පසුබිමක යුද සමයේ සිදුවූ බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ සිදුවීම්ද පසුගිය කාලයේ වඩාත් කතාබහට ලක්විය. එම චෝදනා මේ වන විට තරමක් යටපත්ව පැවැතියද, අප රටට එමගින් සිදුවීමට ඉඩ ඇති දැඩි බලපෑම කිසිසේත් පහව ගොස් නැති බවත්, අළු යට ගිනි පුපුරු මෙන් කොයි මොහොතේ හෝ මහා ගිනි ජාලාවක් බවට පත්විය හැකි බවත් බටහිර රටවලින් නිකුත් වන මානව හිමිකම් සම්බන්ධ නිවේදනවලින් පැහැදිලි වෙයි. මෙම චෝදනා, ශ්‍රී ලංකාව තමන්ගේ පාලනයට නතුකර ගැනීමට වෙර දරන බටහිර රටවල කුමන්ත්‍රණ ලෙස ඇතැම් දේශපාලන කඳවුරු විසින් හඳුන්වන්නට උත්සාහ දැරුවද එලෙස නැගෙන චෝදනා තවදුරටත් බැහැර කළ නොහැකි තත්ත්වයකට පත්ව ඇත්තේ එම චෝදනා හරහා දැඩි අවදානමක මුවවිටටම රට ගමන් කර ඇති නිසායි.

මේ සියලු කරුණු කාරණා හමුවේ ලංකාව අද වන විට මුහුණපා ඇත්තේ දරුණු ආර්ථික අර්බුදයකටයි. ඩොලර් සංචිත හිඟවීම මූලික කරගෙන පැනැඟුණු ඉන්ධන අර්බුදය හේතුවෙන් රටේ සියලු අංශ දැඩි ලෙස කඩාවැටිණි. ආණ්ඩුව මුදල් අච්චුගසමින් රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙව්වද, තවත් කොපමණ කාලයක් මෙම අර්බුදය මැද ජීවත් වීමට රටේ සාමාන්‍ය ජනතාවට සිදුවනු ඇද්දැයි කිසිවකුට කිව නොහැකිය. යම් සහනදායී පිළිතුරක් බලාපොරොත්තුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දෙස බලා සිටිනවා හැර වෙනත් කිසිදු විකල්පයක් ශ්‍රී ලංකාව හමුවේ මේ වන විට නැත. එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද සිය ණය මුදල් නිකුත් කිරීම සඳහා අදාළ රටේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන්ද අවධානය යොමුකිරීම සාමාන්‍ය ක්‍රියාවලියකි. ඒ අනුව ප්‍රබල බටහිර රටවල් ගණනාවකින් සැදුම්ලත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, අප රටේ සිදුව ඇතැයි කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ කවර මතයක් දරනු ඇද්ද යන්න දැන්මම කිව නොහැකිය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරය මෙම මස 12 වැනිදා සිට ඔක්තෝබර් 07 වැනිදා දක්වා ජිනීවාහිදී පැවැත්වීමට නියමිතව ඇත. එහිදී, ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් මේ වන විට ලබා ඇති ප්‍රගතිය පිළිබඳ කරුණු දැක්වීම ශ්‍රී ලංකාව වෙනුවෙන් ඊට සහභාගි වන අලි සබි්‍ර සහ විජයදාස රාජපක්ෂ අමාත්‍යවරුන් වෙත පැවරී ඇති අභියෝගයයි. කෙසේ වෙතත් පසුගිය මාස කිහිපය මුළුල්ලේම නිරායුධ අරගලකරුවන් වෙත මුදාහැරුණු ආණ්ඩුවේ මර්දනකාරී වැඩපිළිවෙළ මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සාකච්ඡාවට ගැනෙනු ඇති බවත්, ඒ හරහා අප රටට දැඩි බලපෑම්සහගත පියවර කිහිපයක් ගනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එසේම යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති ජී.එස්.පී. ප්ලස් සහනය සම්බන්ධයෙන්ද මෙවර මානව හිමිකම් සැසිවාරයේදී විශේෂ තීන්දුවක් ගැනීමට ඉඩ ඇති බව එම මාධ්‍ය වාර්තා කොට තිබිණි. ඒ අනුව ඉදිරියේදී ජී.එස්.පී. ප්ලස් සහනය අහිමි වුවහොත් ඒ හරහා අප රටේ මූල්‍ය අර්බුදය තවත් උග්‍රවනු ඇති අතර, අපනයන ක්ෂේත්‍රයට ඉන් දැඩි බලපෑමක් එල්ල වීම වැළැක්විය නොහැකි වනු ඇත. මේ සියලු බලපෑම්වලට ප්‍රධාන හේතුවක් ලෙස මෑත කාලීනව සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ සිදුවීම් හඳුනාගත හැකිය. ප්‍රධාන පෙළේ යුරෝපා රටවල් එම මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ සිදුවීම් හෙළාදකිමින් නිකුත් කළ පණිවුඩවල සඳහන්ව තිබුණේ හදිසි නීතිය පැනවීම තුළින් ශ්‍රී ලංකාවේ පවතින අර්බුද විසඳීමට හැකියාවක් නොමැති බවයි. එසේම එය ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට බාධාවක් බවද ඔවුන් සඳහන් කොට තිබිණි.

ඒ අනුව ලබන 12 වැනිදා ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එම බටහිර රටවලින් කුමන ප්‍රතිචාරයක් ලැබේදැයි නිශ්චිතව කිව නොහැකි නමුත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ ඒ හරහා ශ්‍රී ලංකාවට දැඩි බලපෑම්සහගත ප්‍රතිඵලයකට මුහුණ දීමට සිදුවනු ඇති බවයි.

මෙවන් පසුබිමක් තුළ බටහිර රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයේ විශාල පිරිසක් පසුගිය 28 වැනිදා පෙරවරුවේ ජිනීවා නුවර මානව හිමිකම් කොමිසමේ කාර්යාලය ඉදිරිපිටට රැස්ව උද්ඝෝෂණයක නිරත වූහ. ප්‍රංශය, ඉතාලිය, ස්විට්සර්ලන්තය ඇතුළු බටහිර රටවල් රාශියක සේවය කරන ශ්‍රී ලාංකිකයන් එම විරෝධතාවට එක්ව සිටි අතර, ඔවුන් තමන් සිටින ප්‍රදේශවල සිට බස් රථ මගින් ජිනීවා නුවර බලා පැමිණ තිබීම විශේෂත්වයකි. ‘රනිල් – රාජපක්ෂ සදාචාර විරෝධී ආණ්ඩුවේ මර්දනයට එරෙහිව’ මැයෙන් මෙම විරෝධතාව සංවිධාන කර තිබිණි. විදුලි කප්පාදුව, ඉන්ධන, ගෑස් සහ ඖෂධ හිඟය, අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහළ යාම නිසා ජනතාව මුහුණපා සිටින අභියෝගාත්මක තත්ත්වයද එලෙස රැස්වූ ශ්‍රී ලාංකිකයන්ගේ විරෝධයට ලක්ව තිබිණි. එසේම සාමකාමී රැස්වීමේ, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සුරක්ෂිත කරන ලෙසත්, මහජනයා හිතුමතේ අත්අඩංගුවට ගැනීම සහ මාධ්‍ය වාරණ පැනවීම නවතා දමන ලෙසත් එම ජනතාව අවධාරණය කර සිටි අනෙක් කරුණු අතර විය. ඔවුන් සඳහන් කර සිටියේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ජන වරමක් නොමැති බවත්, වහාම ආණ්ඩුව විසුරුවාහැර මහ මැතිවරණයක් පවත්වා සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී නායකයකු සහ ආණ්ඩුවක් පත්කරගන්නා ලෙසයි.

කෙසේ වෙතත් දැන් රට හමුවේ ඇති මේ මානව හිමිකම් සම්බන්ධ ගැටලුව තව තවත් කල් නොයවා සමථයකට පත්කර ගැනීම රටේ ඉදිරි ගමනට දැඩි ලෙස බලපානු ඇත. පක්ෂ විපක්ෂ වශයෙන් බෙදී බලය උදෙසා තරග කරනවාට වඩා සියලු දෙනා එක්ව මෙම අර්බුදය ජයගැනීමට වෙහෙසෙන්නේ නම් එය වඩාත් ප්‍රතිඵලදායක විය හැකිය. එසේ නොවුණහොත් නුදුරේදීම පැවැත්වෙන මානව හිමිකම් සම්බන්ධ සැසිවාරවලදී ශ්‍රී ලංකාව, ලෝක දේශපාලනයෙන් කොන්වී අසරණ වීම කිසිවකුටත් වැළැක්විය නොහැකි වනු ඇත.

චානක ලියනගේ

SendShareShare
Previous Post

මහේල සංගා අබිබවා දසුන් ශානක ඉදිරියට එයි!

Next Post

ගහපු මැච් 3ම ෆේල් වෙච්ච අසලංක අද එළියේ! ධනංජය ඇතුළට එයිද?

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

ඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...

Read more
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.