සිරගත කර සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් කතානායක කරු ජයසූරිය මහතා මුණගැසීමට සූදානමින් සිටින බව දැනගන්නට ඇත.
බොහෝ දුරට අද (23) හෝ හෙට (24) මෙම හමුව සිදුවනු ඇති බව දැනගන්නට තිබේ.
මෙම සාකච්ජාවේදී රණවක මහතා සිරගත කිරීමට එරෙහිව ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ජා කිරීමට පක්ෂ නායකයන් සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.










